2020/11/26 දින Taisei සමාගම විසින් ව්‍යාපෘතියේ උප දේශණ සමාගම වන JAC (Japanese Air port Consultant ) ආයතනයට අනුමතිය සදහා උප කොන්ත්‍රාත්කරු ලෙසට China State Construction Engineering Corporation සමාගම නිශාන්ත රණතුංග විසින් යෝජනා කර ඇත. පසුව JAC සමාගම China State සමාගම අවශ්‍ය සාදක සම්පුරණ නොකල නිසා එම උප සමාගම අනුමත කොට නැත. උප කොන්ත්‍රාත් සමාගමක් අනුමත කිරීමේ පුර්ණ බලය ඇත්තේ JAC සමාගමට පමණි. ඒ පවතින නිර්ණායකයන් සම්පුර්ණ කොට නැවත කොන්ත්‍රාත්කරුට ඉල්ලීමක් කරන ලෙටය.
ඊට පසු දෙවන, තුන්වන, වතාවටද එම සමගම ඒ අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කොට නොමති නිසා කටුනායක ගුවන් තොටුපල 02 වන පරියන්තය ඉදිකිරීමේ ප්‍රධාන සමාගම නිශාන්ත රණතුංග ගේ චීන උප සමාගම භාර ගෙන නැත. මේ වෙනවිට නිශාන්ත රණතුංගට සිංගපුරුවේදි ඇමරිකානු ඩොලර් මිලියන් 20 ක කොමිස් මුදලක් ලෙසට ගෙවා මෙම කිසිදු සුදුසු කමක් නොමති චීන සමාගමක් කටුනායක ගුවන්තොටුපල වැනි ඉතාම සුවිශේෂි ස්ථානයක ඉදිකිරීම වලට යෙදවීමට දැඩි උත්සහායක් ගනිමින් ඇත.
මේ වන විට ප්‍රසන්න රණතුංග තවත් ඇමරිකාණු ඩොලර් මිලියන ගනනක් චීන සමාගමෙන් ගෙන කෙසේ හෝ මේ ගුවන් තොටුපල වැනි ඉතාම සුවිශේෂි ස්ථානයක් ගොඩ නැගීමට විවිධ බල කිරීම කරමින් ඇත. ඊට වහාම ජනාධිපතිට මැදහත්වෙන ලෙසට ගුවන් තොටුපල ඉංජිනේරුවරුන් ඉල්ලා ඇත. චීන සමාගම ප්‍රතික්ෂේප වීමට හේතු අප විසින් සොයා බැලීමේදි ඒ පිලිබදව ජපාන JAC සමාගම චීන සමාගමට ලිඛිතවම දැනු දි ඇති කරුණු පහත වේ.
01. යෝජිත ගුවන්තොටුපලවල් ඉදිකිරීම පිලිබදව කිසිදු පලපුරුද්දක් නොමති වීම හා එම සම්පුර්ණ සේවකයන් චීන ජාතිකයන් පමණක්ම වීම.
02. වැඩ සදහා ශ්‍රි ශ්‍රි ලංකීය කිසිදු ඉන්ජිනේරුවෙකු සේවටය එම සමාගම නොගනීම
03. ගුවන්තොටුපලවල් වල යෝජිත් වැඩ කරගැනීමට කිසිදු යන්ත්‍රෝපකන කිසිවක් නොවීම
04 ප්‍රමානවත් කම්කරු ශ්‍රමයක් ඔවුන සතුව නොඉමතිවීම
05 දක්ෂිණ අදිවේගි මාර්ගය ඉදි කිරීමේදි ඉතාම දුර්වල ක්‍රියාකාරකම් පෙන්නුමකොට තිබීම
06 නිසි වේලාවට එම වැඩ අවසන් නොකිරීම යන කරුණුමත් මෙම China State සමාගම සුදුසු නොවන බවට ලිඛිතවම දැනුම දී ඇත. ඒත් ප්‍රසන්න රණතුංග හා නිශාන්ත රණතුංග චීන සමාගමෙන් ලබා ගත් කොමිස් මුදල් නිසා මෙම කාර්යය කෙසේ හෝ සිදු කිරීමට දැඩි වෙහෙසක් ගනි.
මෙයින් ගුවන්තොටුපලේ දෙවන පර්යන්තය නිසි ප්‍රමිතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට නිම කිරීම බාධාවක් කරමි ගුවන් සේවා හා සංචාරක ඇමති කටයුතු කරමින් ඇත. වහාම මිට ජනාධිපති මැදිහත් වී මෙම ජපන සමාගමට තම කටයුතු සිදුකිරීමට ඉඩ දිය යුතුය. තවද එයාර් ලංකා සමාගමේ වර්තමාන අධ්‍යක්ෂිකාවක් වන රෝහිත රාජපක්ෂ ගේ බිරිද ගේ මවද අත ගසා ඇත.
ඇය ද මේ වනවිට අගමැතිවරයා ගේ බලතල යොදාගනිමින් 02 ටර්මිනල් එක වෙනුවෙන්දැන් ඉතාම ලස්සන කඹ ඇදිල්ලක් ඇති බව අපිට වාර්තාවී ඇත. ඒ කඹ ඇදිල්ලකොමිස් ගැසීමේ කඹ ඇදිල්ලයි.
පහත ලිඛිත සාක්ෂි ඒ අනුව පෙන්න දිය හැකිය.




