වෛද්‍ය වෘතිය වේදින් ගේ සංගමය රජයට අනතුරු අඟවා කියා සිටින්නේ පසුගිය මාර්තු සිදුකල වරද නැවත සිදු නොකරන ලෙසයි එසේ දැනටත් සෞඛ්‍ය අමාත්‍යංශය එම වරද සිදුකරමින් යන බවයි. රජය හිතාමතාම දැන් PCR පරික්ෂණ අවම කොට ව්‍යාජ සංඛ්‍යා ලේඛණ පෙන්නා ජනාධිපතිවරයාව ගෙනාට අන්දවා ජනතාව අතර ජනාධිපතිවරයාට නැති ගෞරවයක් අරන් දීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහා ගෙන ඇත්තේ රටේ සමස්ථ ජතියම බිල්ලට දීය. ඒ පැවති සාකඡ්චාවේ කරුණු පහත දැක්වේ.
රසායනාගාරවල PCR පසුගිය දින හතේ සාමාන්‍ය 55000ටත් අඩුයි. වසංගතයේ පැතිරීමට අනුව දිනකට පරීක්ෂණ පනස් දහසකට වඩා සිදු කල යුතුයි.
නැවත වතාවක් පසුගිය මාර්තු මාසයේදී සිදු වූ වරද, නැවත සිදුවෙමින් පවතිනවා. දිනකට පරීක්ෂණ 7000 ක් සිදු කර, සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාවක් නැහැ.
☝️ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඉතා හොඳින් රසායනාගාරවල සිදුකෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝපදේශ පාවිච්චි කරමින්, රෝහල් බලධාරීන් සහ ඊනියා විශේෂඥයින්, එය අයාලයේ යන්නට ඉඩ හැරලා. ප්‍රතිදේහ පරීක්ෂණ නැතුව ශල්‍යකර්ම නැහැ. හදිසි ප්‍රතිකාර නැහැ. වාට්ටු වල ක්ෂණික ප්‍රතිදේහ වලට නිදර්ශක ගන්න කෙනෙකුත් නැහැ. ප්‍රතිකාර නැතුව රෝගීන්ට මිය යෑමට සිදුවෙලා.
☝️ ස්ථානීය පරීක්ෂණ යන්ත්‍ර සහ ජංගම වෛද්‍ය රසායනාගාර ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට කොතරම් කීවත් එය ඉටු වූයේ නැහැ. අපි ජාත්‍යන්තර ආයතන වලට ලිව්වා. ලංකාවේ ධානපතියන්ට කිව්වා. මේ වන විට ප්‍රතිපාදන ලැබෙමින් පවතිනවා. ලැබුණු ප්‍රතිපාදන වලින් වැඩේ කර ගන්න බැරුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් ලතවෙනවා.