රටේ අවධානය ප්‍රධානම විහිළු සපයන්නා වෙතට යොමුව තිබු මොහොතක පොලිස් මුල්‍ය අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් සමාජ ක්‍රියාකාරියකු වන අසේල සම්පත් අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු අත් අඩංගුවට පත්ව ඇත්තේ රටේ ජනතාව වසංගතයකින් පීඩා විදින මොහොතක, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් බැද්දේගාන ප්‍රදේශයේ නිවසක් ඉදිකරන බව කීම නිසායැයි දැන ගැනීමට ඇත. අසේල සම්පත් එවනි ප්‍රකාශයක් කර ඇත්තේ අප ගේ මාධ්‍ය ඒ පිලිබදව හෙලි කිරීම නිසා විය යුතුය. වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නැමති දෙදෙනා ගේ අභිමතය අනුව මේ වනවිට චන්න ජයසුමන ඖෂධ මිල දී ගැනීම වලින් අසීමිත මුදලක් රජයට පාඩු කොට ඇත.
ඒ පිලිබදව අපි “ලේ මාපිල්ලු ” යනුවෙන් වාර්තා කර ඇත. චන්න ජය සුමන මෙරටට ගෙනෙන සෑම සයිනොෆාම් එන්නතකින්ම ඩොලර් 5කට ආසන්න මුදලක් ද සයිනො වැක්ස් යන්න පල්ලකැලේ කුප්පි පිරවීමට නඩරාජා නැමති අයට ආරම්භ කිරීමට ඉඩ දි එතනින්ද අසීමිතව කොමිස් ගහන පට්ටම දුෂිතයෙක් බව අපි රටේ ජනතාවට නැවත නැවත් හෙලිකරන්නෙමු. ඊට ආසන්නම හේතුව පසුගිය දා සයිනොෆාම් එන්නත බංගලිදේශයෙන් මිලට ගෙන ඇත්ත්ගේ ඩොලර් 10 කටය. ඒ බව චීනය පවා තහවුරු කලේය මේ වනවිට නේපාලය ද ඩොලර් 10 බැහින් තම රටේ ජනතාවට සයිනෝෆාම් එන්නත ලබාගෙන ඇත.
ඒත් කලාපීය රට්වලට වඩා රටේ ඉඩම් සියල්ලම චීනයට දි තිබියදීත් තම රටට චීනය ඩොලර් 15 කට සයිනෝෆාම් එන්නත විකුණු බව සම්පුර්ණ අසත්‍යකි. ඒ පිලිබදව අපි මීට පෙර ලිපියකින් විස්තරාත්මකව හෙලිකලෙමු. එම සියල්ලම් චන්න ජයසුමන ,පවිත්‍රා හා ප්‍රසන්න ගුණසේන ,උත්පලලා ගේ කොමිස් ගැහිලිය. රටේ ජනතාව සුඛිත මුදිතව සිටින බව අද ජනාධිපති කීවත් ඒ මේ ශ්‍රි ලංකාවේ දුප්පත් ජනතාව පිලිබදව නොවිය යුතුය. ඒ කැලොෆොනියාවේ ඔහු ගේ ගෙදර ම්නතක් වීය.
“අම්මගේ රෙද්ද “තියන්න රටේ ජනතාව ගේ සල්ලි හොරා කෑ එකාව ජනාධිපති කල, නිකන් බෙහෙත් ටික දුන්විට රාජිතලට එලව, එලවා ගැසු චන්නලා , වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නැමති කාලකන්නි, පාහරයන් රටට කල විනාශය සුළුපටු නොවේ වසංගතයෙන් මියගිය ජීවිත වලට චන්න ජයසුමනලා යම් දවසක මිනිමැරීමට ආධාර අනුබල දීමට ප්‍රශ්ණ කලයුතුය.
අද ඒවා රටේ ජනතාවට හෙලිකරන අසේල සම්පත්ලාව CID ගෙනියන්නේ රටේ නිතිය බල්ලට දමලාය. සමහර මහාචාර්යවරුන් , රජපක්ෂලා ගේ පිලිකන්නේ ඉදුල් ලෙවකනවිට අසේල සම්පත්ලා අවංක ශ්‍රි ලාංකික මිනිසුන්ය.
ඒ උන්ගේ කොන්ද කෙලින් තියා ගෙන ඉන්න රටේ දාඩිය සුවද දන්න නිර්භීත පුද්ගලයන්ය. දැන්වත් මෙරට ජනතාව අසාධාරණයට, අයුක්තියට එරෙහිව අසේල සම්පත්ලා එක්ක එකට සිට ගතයුතුය.


