පසු ගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙසට රාජකාරි වාර්තා කලේ ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නය. ගල්කිස්ස හිටපු කොට්ඨාශභාර නිලධාරි ලෙසට පලාතේ තම කුඩු හා පාතාල ක්‍රියාකාරකම්වලට කරන ලද මගු සේවාව වෙනුවෙන් ඉතාම වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් පරිත්‍යාග කිරීමට තරන් ප්‍රභල කුඩු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සමත් වී ඇත. එම ත්‍යාගය වු වටිනා මෝටරථය භාර ගැනීමට තරන් නව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න නිහතමානි වී ඇති බව අපි පොලිපති ප්‍රධාන සමස්ථ පොලිස් දේපාර්තමේතුවටම ඉතාම නිහතමානිව මතක් කරන්නෙමු.
පාතාලේ ධර්මසිරිගේ මෝටර් රථ තෑග්ග……
මේ පුද්ගලයා මේ වනවිට සිටිය යුත්තේ වැලිකඩය. ඒත් ඉන්නේ CID අධ්‍යක්ෂක ලෙසටය. මොහු කල කී දේ හා ඔහුට ත්‍යගය දුන් පුද්ගලයා මෙරට පොලිසිය සොයන ප්‍රභල පාතාල හා කුඩු ව්‍යපාරිකයන්ය. සොයිසා පුර ලක්මැදුර නැමති හෝටලයට වෙඩිතබා අලාභ සිදු කිරීමේ සිද්ධියට මුලින්ම වහාම විමර්ෂණයක් ඇරබීමට ක්‍රියා කලේත් මේ රොහාන් ප්‍රේමරත්මය. ඒත් සතියක් යෑමට පෙර ඩුබායි ධර්මේ ගෙන් හා දේශ බන්දු ගෙන් ලත් උපදෙස් මත සියල්ලම කනපිට හැරුණි.
දේශ බන්දු ගෙන් ලත් උපදෙස්……….
අවසානයේ ප්‍රහාරය එල්ලකල ප්‍රියන්ත නැමති පුද්ගලයා වෙනුවට ධර්මසිරි විසින් කුලියට දුන් පුද්ගලයාද ,කැඩි ගියT 56 අවියක්ද ඉදිරිපත් කරමින් ධර්මසිරිට හා අංජුට උදව්කලේ අද අපරාධ පරික්ෂණ දෙපාර්ත්මෙන්තුවේ අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්නය. ඒත් ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හෙට්ටිආරචිචි ඒ සියල්ලම වෙනස් කරමින් නියම අපරාධකරුවන් අත් අඩංගුවට ගත්තේය .
ඉන් කිපුණු දේශ බන්දුලා ප්‍රේමරත්නලා වහාම ප්‍රධාන පොලිස් පරික්ෂක හෙට්ටිආරචි නැමති අපරාධ අංශයේ ස්ථානාධිපති ගේ සේවය අත් හිටුවිය. අන්න ඒ වෙනුවෙන් දැන් ඩුබායි සිට ධර්මසිරිත් ඉතාලියේ සිට අංජුත් එක්ව ඉදිරි කුඩු ව්‍යාපාරය ඉතාම හොදින් කරගෙන යෑමේ වුවමනාවට CID රොහාන් ප්‍රේමරත්නට සුඛෝපභෝගි අලුත්ම මෝටර් රථයක් ගෙන ඔහු ගල්කිස්සෙන් යනවිටම තැගි කලේය. දැන් ධර්මසිරිලාට අංජුලාට හා සයිමා නොහොත් ධනුෂ්කලාට තවත් සුපිරි වැඩ කල හැකිය.
රොහාන් ප්‍රේමරත්නගේ පන්සල පාරේ සුපිරි මහල් නිවාස……..
රොහාන් ප්‍රේමරත්නගේ පන්සල පාරේ සුපිරි මහල් නිවාසය ඉදිකලේ ඊටම නොදෙවිනි ආකාරයටය. පිලියන්දල පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කොඩිතුවක්කු විසින් ඒ නිවස මුළු මනින්ම ඉදිකල බව කීවොත් රටේ ජනතාව විශ්වාස නොකරනු ඇත. ඒත් සත්‍ය එයයි නිවස ඉදිකිරීමට මුලින්ම වැඩේට බැස්සේ මතට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කිරීමට යැයි කියා විශාල ගොඩනැගිල්ලක් සැදීමට පලාතේ දානපතියන් හා අවට ප්‍රදේශයේ කොම්පැණිවලින් යකඩ කම්බි,සිමෙන්ති කොට්ට, මුදල් ,ගල්,වැලි එකි මෙකි නොකි සියල්ලම එකතු කොට ප්‍රේමරත්නට අතිවිශාල මාලිගයක් තනා දීමට කොඩිතුවක්කු සමත් විය.
සියලුම බාස් කුලි පවා ගෙව්වේ පිලියන්දල පොලිසියේ පාලන අංශයේදිය . එවන් සුපිරි නිවසක් තනා දීමට සයිමා නොහොත් ධනුෂ්ක ලා ලක්ෂ ගනනින් දායක විය. නියෝජ්‍යපොලිස්පති දේශ බන්දුතෙන්නකෝන් හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දෙන්නම ඉන්නේ ධර්මසිරි ගේ සාක්කුවේය. එවන් පොලිසියක ඉහලම සිටින දුෂිත නිලධාරින් රැසක් සමඟ රටේ සෞභය උදාකරන්නට ජනාධිපතිවරයා යන ගමන කුමක්දැයි කීමට අපි නම් නොදනිමු. මෙවන් පට්ටම දුෂිත නිලධාරියෙක් ලංකා ඉතිහාසයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වි නැත.
CI කොඩිතුවක්කු ලිංගික අල්ලස……
CI කොඩිතුවක්කු රොහාන් ප්‍රේමරත්නට ගේ සාදා දි පොලිසියට පැමිණි කාන්තාවකට සිදුකල ලිංගික හිරිහැරය යට ගසා ගත්තේ දේශ බන්දු ගේ ද උදව් ඇතිවය.
ඇගේ පැමිණිල්ල හමස් පෙට්ටියට දමා පිලියන්දලින් දැන් CI කොඩිතුවක්කු යාපනයට ස්ථාන මාරු කොට වැඩේ ගොඩ දා දුන් බව නොදන්නේ සරත් වීරසේකර ඇමති විතරය. දැන් ඒ කාන්තාවට මරණ තරජනය කරන්නේ දේශ බන්දු ගේ කණ්ඩායම දමාය, ඒ රොහාන් ප්‍රේමරත්නලා දේශ බන්දුලා ගේ මාෆියාවකි.
අපිටනම් පෙනියන්නේ දෑන් රටට ස්වු භාගයක්වත් ඉතිරි නොවන අනාගතේ කුඩ්ඩන් ගේ පාතාලයන් ගේ පාරාදීසයක් වෙනබවයි .ඒ නිසාම දේශ බන්දුලාට රෝහාන් ප්‍රේමරත්නලාට ඉඩදි සරත් විරසේකරලා නිහඩව ඉන්නේ එනිසා විය යුතුය.