ලෝකයේ බොහෝ රටවල් තම ජනමාධ්‍ය මෙහෙයවන්නේ තම රටේ ආරක්ෂාවත් එහි වෙසෙන ජනතාව ගේ දැක්මත් වැඩි දියුණු කිරීමටය. ඒත් ලාංකීය සමාජයේ අවාසනාව මෙරට මාධ්‍ය ඔස්තාර්ලා වු දෙරණ, හිරු වැනි මාධ්‍යත් සමහර වෙබ් මාධ්‍යකරුවනුත් රචනා පිට රචනා ලියන්නේ රටේ ජනතාව ගොන්නුන් කිරීමටය. ගොනෙකු කිරීමට තම මාධ්‍ය කලාවට නොහැකිනම් අඩුම තරමින් එක් වහලෙකු හෝ බිහිකිරීම තම එකම අරමුණය. ඒ වහලුන් සෑදීම තම තමාට ඒ ඒ පක්ෂ වලින් ලැබෙන ගතමනාව අනුවය. එයයි සත්‍ය .
අද වනවිට ඒ තත්වය අසාමාන්‍ය ලෙසට වර්ධනය වී ඇති නිසාම රටේ ජනතාව ගේ ජන විඥාණය නැත්තටම නැති වී මාධ්‍ය කියන්නේ බොරු යැයි ජනමතයක් ගොඩ නැගී ඇත.
කෙසේ කොයි හැටි වුවත් එදා මහින්ද සුලං ඇවිත් රටම චීනයට අක්කර ගනන් ලියා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ තවත් වරක් මේ මහපොලවේ උපන්නත් ( මනුෂ්‍ය ආත්මයක් නොලබන බව සහතිකය. ඒත් ගැඩවිලෙක් වීමත් විනාශක් වීමට ද බැරි නැත. )කිසි දවසක චීනයට විකුණු දේ නැවත ලබා ගැනීමට නොහැකිය. ඒ හා සමානවම රටට අහිමිකල ජීවිත, හොරා කා ඇති රටේ ජාතික ධනය, මේ සියල්ලටම මහින්ද හුලං වලට, ඔහුට හුලං ගැසු සියල්ලටම රටේ ජනතාව ශාප නොකරනවා යැයි කිව හැක්කේ කාටද …?
ඒ මහින්දය, මහින්දගෙන් පසුව හුලං ගැහුවේ ගෝඨා ගෙන ඒමටය. ඊට අඩු වැඩි නැතිව පක්ෂ ,විපක්ෂ 69 ලක්ෂයක්ම හුලං ගැසුවෝය . අද හුලං වින්ද එකා තර බාරු වෙනකොට උන්ට හුලං ගැසු එකා තාමත් වැහිරිලි ඇද සිටින ඇට සැකිලි වී ඇත. හුලං ගැසු එකා හුලං බොන තත්වයටම පත්ව ඇත. ඒ සුලං දැන් සුලි සුලං වී ඇති බව කීමට අටුවා ටිකා ටිප්පනි මොකට ද…..? ඇස් පණා පිටම දැකිය හැකිය. ඒව මේ වනවිට උතුරේ සිට දකුණටම චන්ඩ මාරුතයක් වී දිනකට තම ආදරණීයන් 50 -100 ක් මිය යන බව රජය නොකිවත් අප ඉතාම වගකීමේ නියන්නෙමු. ඒ ගෝඨාට ගැසු හුලං වල බල මහිමයයි.
දැනි අළුත්ම සුලඟ බැසිල්ය, බැසිල් ගේ හුලං ඊට වඩා ටිකක අමුතුය. ඒ බැසිල් පිටිපස්සෙන් සිටින හුලං නොවන මාහා පර්වතයන්ය ,ඒ පර්වත දෙක නිසා බැසිල් ගේ හුලං නිකම්ම මහින්ද ,ගෝඨා ගේ හුලං සේ අත හැරි නොහැකිය. ඒ ඇමරිකාව හා ඉන්දියාව බැසිල් ගේ පිටුපස සිටින නිසාය. ඒ බව අපි දන්නේ මිට කලකට පෙරය. බැසිල් 2019 කරලියට ගෙන ඒමට සුදානම් වුවත් එදා ට්‍රම්ප් පාලනය ගෝඨාව තේරුවේ ගෝඨා වැඩකරු යැයි සිතාය. ඒ ගෝඨා ට්‍රම්ප් තේරුවාට , ට්‍රම්ප් අද ඇමරිකාවේ ජනාධිපති ලෙසට සිටියා නම් ගෝඨා ඉන්නේ ඇමරිකාවේ හෝ වැලිකඩ හිර ගෙදරය. ඒ ඇමරිකානු රජයටත් ගෝඨා බොරු කල නිසාවෙනි.
ඒ කිසිවක් නොවුනේ බ්‍රයිඩන් ජනාධිපතිවරයා සම්පුර්ණම ප්‍රජාතන්ත්‍රික මහත්මයෙකු නිසාය. ඒත් ඔහු ලංකාවේ සිදුවීම් පිලිබදව ඉතාම හොදින් අධ්‍යනය කරමින් සිටි. ඒ නිසාම හදිසියේම ඇමරිකාවට කැදවන බැසිල් එන්නේ ලංකාවේ ආර්ථික සමාජීය දේශපාලන පරිවර්තනයක් කිරීමට ය. අන්න ඒ නිසාම ඉන්දියාවද බැසිල් පිටුපස සිටි. ලෝකය තේරුම් ගෙන සිටින්නේ මෙරට ජනතාව ගොනාට ඇන්දවිය හැකි හෝ රාජපක්ෂ කෙනෙක් හැර වෙනත් කිසිවෙක් කියන කිසිවක් මෙරට ජනතාව පිලිනොගන්න බවය .
ඊට මුට්ටිය දැමුවේ මංගල හරහාය මංගල MCC ගෙන ආවේ ඒ නිසාය එදා රනිල් -මෛත්‍රි කරන කිසිවක් රාජ්‍යතන්ත්‍රික වුවත්, සමාජ හිතකාමි වුවත්, රාජපක්ෂලා ගේ ආශිර්වාදය නොවු නිසා මහපොලවේ ක්‍රියාත්මක කිරීමට සඟරුවන, හා මිනිසුන් ඉඩ නොදෙන බවයි. අන්න ඒ නිසාම දැන් බැසිල් වැනි පල් හොරෙකු ලවා උතුරු නැගෙනහිරට 13 + දීමට සුදානම් බවයි. ස්ථිරවශයෙන්ම බැසිල් 13 + දෙනවාය. ඒ බැසිල් ගේ ඇමරිකා – ඉන්දියානු පොරොන්දුවයි.
ඊට එදාට කිසිවකුට විරුද්ධ විය නොහැක්කේ පෝට් සිටිය හරහාය. දැන් දෙමළ ඩයස් හෝරාව සමඟ ද බැසිල් අවශ්‍ය සියළුම සාකච්චා අවසන් කොට ඇත. ඒ සියල්ල නිමකොට බැසිල් මෙරටට පැමිණෙන්නේ එලිවෙනකොට රට ගොඩ දාන මහා විශ්වකර්මයා ලෙසටය.
ඒත් බැසිල් රාජපක්ෂ යනු පට්ට දුෂිතයෙකුය මුදල් හොරකම් කල හොරකුට , කොමිස් කාක්කෙකුට රටක ආර්ථිකයක් , දේශපාලනයක් , හා සාමාජිය වටපිටාවක් සෑදිය හැකි යැයි කවරෙකු හෝ සිතන්නේ නම් ඔවුන් මානසික රෝගින් හෝ බඩ ගෝස්තර වාදින් විය යුතුය.

අද අවාසනාව එවනි පල් හොරුන්ට ආවඩමින් රටත් රටේ ජනතාවත් බිල්ලට දීමට බුද්ධිමත් යැයි කියන බඩ ගෝස්තරවාදින් හා පක්ෂ, විපක්ෂ දේශපාලකයන් ද කැස පොට ගසමින් සිටි . දැන් රටේ සුලං හමා ආර්ථික ,සාමාජිය ,දේශපාලනික වෙනස් වීම් නොවන බව රටේ උගත් ,නුගත් සමස්ථ ජාතිය පිලිගත යුතුය. දැන් කල යුත්තේ මේ ගද ගසන් ඕජස් ගලන සමස්ථ ක්‍රියාවලියේම (System Change ) එකක් මිස හුදු පුද්ගල මාරුවක් නොවන බවයි.
එවැන්නක් නොවන තාක් බැසිල්ල ,නාමල්ලාට රටේ සුවහසක් ජනී ජනයාට හා උන්ගේ දරුවන්ට හුලං ගස, ගසා සිටිය හැකිය.