උණුසුම් පුවත්

ජනපති ගෝඨාට උපන් ගමෙන් ලුණු ඇඹුල් ඇතිව සබ්බුවක්…රටෙන් චුත වෙන්න…..

Spread the love

 අර්බුදයක් නිර්මාණය කරමින් බලයට එන්නා අර්බුදයෙන්ම විනාශ වනවා යන්න පසක් කරමින් අද ඊයේ තංගල්ල, රැකව, මැදමුලන, ධීවර ජනතාව සංචරණ සීමා පසෙක තමබින් එහෙත් දුරස්ථ භාවය රකිමින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි…….
බලයම උදෙසා රට පුරා  ජාතිවාදය හා ආගම් වාදය අවුලවා, නොමිනිස් කම් වපුරවා උතුම් කැළණි පුදබිම නයි ධාතු  පෙන්වා අන්ත දූෂණයට ලක්කොට, පාස්කු ප්‍රහාරයේ කිතුණු බිලි පූජාවේ කරමතින් බලය ඩැහැගත් පාලකයාගේ දේශප්‍රේමි සලුවෙන් අන්ධ වූ  හැටනවලක්ෂයේ කතිර ගොඩට හසුවූ ජනයාම එම කඩතුරාවෙන් මිදී තමා නොමග යැවූ  රාජපක්ෂ රෙජීමයට එරෙහිව අද සටන් අරඹා ඇත…..
එහි වඩා විමතියට තුඩු දෙන කරුණ නම් තම උපන් ජන්ම භූමියේ නැතහොත් රුහුණු ගිරුවාපත්තුවේම වැඩකරන පංචමහා බලවේගයේ ජනතාව අද රාජපක්ෂලාට එරෙහිව අරගල කරති….
කරන්න බැරි නම් මේ යටිබඩ දමල තමන්ගෙ රටට චුත වෙන්න………
ලක් ඉතිහාසයේ මෙතරම් අඩු කාළයකින් මේසා ජන අප්‍රසාදයකට ලක් වූ, එහෙත් ඒකාධිකාරී බල සහිත විධායක ජනපති වරයකු ලෙස දිගින් දිගටම ෆේල් වන ජනපතිවරයෙකු ප්‍රමුඛ ආණ්ඩුවක් අපි නොදුටුවෙමු.
 අද ප්‍රසිද්ධියේ ජනපතිවරයාට ” මේ යටිබඩ කරන්නට බැරි නම් දමල තමන්ගේ රටට එනම් ඇමෙරිකා එක්සත් ජනපදයට චුත වෙන ලෙස” අද මහජනතාව ප්‍රසිද්ධියේ අභියෝගාත්මකව චෝදනා කරමින් සිට
ධීවර කර්මාන්තය වැනසූ සියල්ලට තංගල්ල ජනයා දෙහි කපති……!
උද්ඝෝෂණයට සහභාගී වූ ධීවර ප්‍රජාවගේ ප්‍රභල චෝදනාව වූයේ වරාය ඇමතියා කොහේද යන නැවක් ගෙනල්ල මූදෙ ගිල්ලලා අපට කෙළියා……
ඒ මදිවට තෙල් ඇමතිය අසාමාන්‍ය ලෙස තෙල් මිළ ඉහල දමමින් අපට ඇරියා” කියමින් ධීවර ප්‍රජාව මුහුණ දී ඇති අති ශෝචනීය අපහසුතාවය ඔවුන් විසින් රට හමුවේ මෙසේ ගෙනහැර දැක්වූයේ….  බහු දින යාත්‍රාවක් දියත් කිරීමේදි ඉන්ධන හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් අමතර රුපියල් 55000.00ක මුදලක්ද, තනි දින යාත්‍රාවකට අමතර රුපියල් 7500.00කට වැඩි මුදලක්ද, එමෙන්ම පිටත රඳවන යාත්‍රාවකට අමතර රුපියල් 3500.00කට අධික මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව දැඩි වේදනාවෙන් හා උද්වේගකර නොයිවසිල්ලකිනි…
තවද සීනි බදු වංචා කරමින් ගජමිතුරු කල්ලියට දුන් බදු සහන වලින් තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුන බවත්, ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවීමත් සමඟ කිසිඳු සහනයක් ඔවුනට හිමි නොවූ බවත් ප්‍රකාශ කරමින් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ ඉන්ධන සහන හෝ රුපියල් 5000හේ දීමනා පලක් නැති බවත් වහාම ඉන්ධන මිල පහත හෙලා තමන්ට දෛනික ජීවිතය ගත කරනට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත්ය.
නොඑසේනම් වහාම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනපතිට මේ යටිබඩ කළ නොහැකිනම් වහාම දමා ගසා තම රටට, එනම් ඇමරිකා එක්සත් ජනපදයට තොලොන්චි වනලෙස, පංච මහා බලවේගයේ එක් ප්‍රජාවක්, ඊයේ දින රාජපක්ෂ බලකොටුවේදී දැවැන්ත උද්ඝෝෂණයකින් ජනගත කළහ….
රටවැසියන් තවදුරටත්  අවදාරණය කරණුයේ අපව මුලාකොට බලය  ලබා ගෙන ගජමිතුරන් හා තමන් නිදොස් කොට නිදහස් වන නාටකය ඉතා සාර්ථකව අවසන් කළ බැවින් ,තවදුරටත් මේ උතුම් රට අරාජික නොකොට,අගාදයේ නොහෙලා වහ වහා මෙරටින් තොලොන්චි වී තම අඹුදරුවන් සුරෙකෙන රටට මකබෑවෙන ලෙසය.

Spread the love

Leave a Comment

You may also like