මීට පෙර අප ගේ විමර්ෂණාත්මක හෙලිදරව්ව අද කොළඹ අධිකරණයේදි අකුරක් නෑරම සත්‍ය විය . එක්ප්‍රස් පර්ල් නෞකාවේ අයිතින් වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයට කියා සිටියේ…. ” මෙම නෞකාවේ විමර්ෂණය පිලිබදව සත්‍ය සෙවීමට අවශ්‍යනම් වහාම නෞකාවේ පණිවුඩ දත්ත පරික්ෂාකරන ලෙසයි VDR BOX ” ඒත් අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමරතන මහතා නෞකාවේ විමර්ෂණයන් සිදුකරන්නේ “යන්නේ කොහේද මල්ලේ පොල් “ආකාරයට බව අද කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිවිය.
ඒ එක්ප්‍රස් පර්ල් නෞකාවේ අයිතීන් වෙනුවෙන් නිතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු මෙන්ම අපරාධ නිතිය පිලිබද කීර්තිමත් නිතිඥයකු වන ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා කරන ලද ඉල්ලීමත් සමඟමය. නෞකාවක කපිතාන්වරයා විසින් සංනිවේදන කරනු ලබන සියල්ලම පටිගතව Voyage Data Recorder (VDR ) නොහොත් ඇති බිලැක් බොක්ස් එක ලබාගෙන තිබුණත්, අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිලිබදව කිසිදු හෙලිකිරීමක් නොකරන්නේ, කවරෙකු බේරා ගැනීමට දැයි අප නොදනිමු.
ලංකා ආණ්ඩුවේ හාබර් මාස්ටර් මේ නැවේ ගෙන්නා ගැනීමට හා නැවේ රසායන ද්‍රවය පිලිබදව ශ්‍රි ලංකා වරාය අධිකාරිය දුන් නියෝග සියල්ල හෙලි වන නිසාය. මේ පිලිබදව “නැවට ලංකා ආණ්ඩුවට ගෙවීමට වේ ……” දැයි ලීවේ ඒ විමර්ෂණය අනුවය.
මේ Voyage Data Recorder (VDR ) පරික්ෂාවෙන් පසුව නෞකාවට ගෙවීමට පවා ශ්‍රි ලංකාරජයට සිදුවීමට වුවත් ඉඩ ඇති බව අපහට දැන ගැනිමට ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති ආකාරය මෙසේය…….. පහතින් බලන්න
