තවත් නොබෝ දිනකින් 12.5 Kg ගෑස් සිලින්ඩරයක් දැන් පවතින මිලට වඩා රුපියල් 585.00 කින් ඉහල යනු ඇත. ඒ මිල දැමීමට ලාෆ් සමාගම ඉල්ලා තිබුණි. ඊට පාරිභෝගික ඇමති බන්දුල ගුණවර්ධන විසින් අද කැබිනට් මණ්ඩලයට ඒ පිලිබදව දැනුම දිමෙන් අනතුරුව ඒම මිල ඉහල දැමීම අනුමත විය.
එසේම ලිට්‍රෝ ගැස් 12.5 Kg ප්‍රමානයේ සිලින්ඩරයක් රුපියල් 635 කින් ඉහල දැමීමට ඉල්ලා ඇත. ඒත් කැබිනට් මණ්ඩලය මේ වනවිට අනුමතිය දි ඇත්තේ ලාෆ් හා ලිට්‍රෝ ගැස් එකම මිලකින් ඉහල දැමීමටය. ඒ අනුව රුපියල් 585 කි ඉහල දැමීමට ගෝඨාභය ආණ්ඩුවේ කැබිනට් අනුමතිය හිමිවිය. ඉදිරි දිනයකදි ගැස් මිල ඒ අනුව ඉහල යනු ඇත.
පාරිභෝගිකයාට එවනි දැඩි පීඩනයක් එල්ලකලත් රුපියල් කෝටි 80 ක් පමණ වටිනා V8 TOYOTA ජීප් රථ මේරටට තවත් දින කිපයකින් පැමිණීමට නියමිතය.