ගෝඨාබහය ආණ්ඩුව මේ වනවිට එලවා දැමීම්ට අවශ්‍ය සියලු සාධක තිබුණත් ඊට හරියමන් කදවුරක් නැති බවට ජනතාව උදේ හවස මැසිවිලි නගයි. ඒ නිසාම ආණ්ඩුව විවිධ චිත්‍රපටි පෙන්වමින් සිටී ඒ සියලු ජවනිකා නිර්මානය වන්නේ මේජර් ජනරාල් සලේ ගේ උවමනාව මතය.
මේවනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය -39 %කින පහල ගොස් ඇති බවට විශේෂ වාර්තාවක්ද ලබාදී තිබුණි. ගම්මන් පිල්ල ගේ නාටකය නිර්මාන කලේ ජනාධිපති කාර්යාලයේම සම්මන්ත්‍රනශාලාවේය ඒ වනවිට මුලසුනේ සිටියේත් රටේ නායකයා වීමත් ලාංකීය ජනතාව ගේ අභාග්‍යකි. ජනතාවට ඇති ජීවත් වීමේ ගැටළු වැසීමට මෙවනි විහිළු නාටක නිර්මානය කිරීමට තමන් මුලසුන් දැරු රැස්වීමක දී සලේලාට ඉඩ දෙනවා නම් තමත් කොපමන පල් බොරුකාරයෙකුද කියා දන්නේ තමා ගේම හෘද සාක්ෂියයි .
රටම දන්න පට්ටම ජාතිවාදි වංචනිකයෙකු වු උදය ගම්මන් පිල්ල වැන්නකු සමඟ කාරියවසම නැමැත්තෙකු යෙදවු යේම බැසිල් හා මහින්දලා අතර සටනක් ඇතැයි ජනතාවගේ මොලගෙඩිවලට දැමීමටය . මෙය පට්ට පල් බොරුවකි. රජපක්ෂලා කිසි දවසක නොබෙදන මිනිසුන්ය, සියල්ල එක පතේ කන උන්ය, අද ලංකාවේ කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තු මංත්‍රි කණ්ඩායමම රාජපක්ෂලාගේ වහල් සේවකයන්ය ඊට එහා ගිය යමක් ඇත්තේම නැත.
ඒ නිසා අපි ඉතාම වගකීමෙන් රටේ ජනතාවට හෙලිකරන්නේ අප ලද ඉතාම විශ්වස තොරතුරු මත මෙය සම්පුර්ණ නිර්මානයක් බවයි. ඊට හසු නොවි ආණ්ඩු විරොධය තවත් කරලියට ගෙන ආ යුතුය.