කුරහන් සාටකයෙන් රට මී හරකුන් විදියට බැඳ දැමූ කාලකණ්නි රාජපක්ෂ පවුලට දේව සාපය වදිමින් තිබේ.සතර පෝයට බණ අසමින් බිම්බිසාර මහ රජ්ජුරුවන්ගේ පාට් එක ඇට් කළ කාලකණ්නි මහින්ද රාජපක්ෂ නම් වලත්ත පාදඩ දෙබිඩ්ඩා නොම්මර එකේ සල්ලාලයෙක් බව දන්නෝ දනිති.දකින දකින රූමත් ගැටිස්සියන් සමග රති කෙලියේ යෙදුන කාලකණ්නි මහින්ද රාජපක්ෂගේ දරුවන්ද සිය පියාට වඩා අවලම් වැඩ වලට හපන් වූවෝ වේ.යුද ජයග්‍රහණයෙන් පසු සිරි ලංකාවෙි රජ බවට පත්වූ කාලකණ්නි මහින්ද රාජපක්ෂ හා ඒකාගේ සනුහරය මහා භාණ්ඩාගාරයේ තැන්පතු කෝටි ගනනින් සිය ගිණුම් වලට බැර කර ගත්තෝය.රටේ ජනතාව හිටියේ යුද ජයග්‍රහනයෙන් ඇස් ගිණි කණා වැටී ඔල්මොරොන්දන් සතුටක් බුක්ති විඳිමිනි.රාජපක්ෂ සනුහරය දේවත්වයට පත් වන තරමට රටේ ජනතාවගේ සිත් තුළ පැළපදියම් කරන්නට රාජපක්ෂ වාදී මාධ්‍යකාරයන්ට හැකිවිය. ජනතාවගේ ව්ශ්වාසය වූයේ යුද ජයග්‍රහණය කාලකණ්නි මහින්ද රාජපක්ෂ ගේ හා මිල්ටේරි නන්දසේන ගේ පෞද්ගලික කෙරුවාවෙන් සිදුවූවක් බවය.මේ අහිංසක ජනතා විශ්වාසය පික්පොකට් ගැසූූ කාලකණ්නි රාජපක්ෂ සනුහරය හා උන් වටා රොද බැඳ ගත් ජාවාරමිකාර ගජ මිතුරු කල්ලිය යුද ජයග්‍රහණයෙන් පසුව රටේ දේපොළ කොල්ල කෑවේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුවය.මේජර් සේනාධිපති වැනි කෂඩයන් බිලියන් පතියන් බවට පත් වූයේද රාජපක්ෂ පවුලේ ඕනෑ එපා කම් සැළසුම් වලට ක්‍රියාත්මක කළ යෝද ජාවාරම් නිසාය.
රටේ මහජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිදුකළ තක්කඩිි ජාවාරම් වලින් කාලකණ්නි රාජපක්ෂ සනුහරය උපයා ගත් ආදායම කෙතෙක්ද යන්න යම්තාක් දුරට හෝ අනාවරණය වූයේ යහපාලනය කාලයේ සිදු කළ රහස් පොලිස් පරීක්ෂණ වලිනි. මෙම රහස් පොලිස් පරීක්ෂණ වලදී සිය තක්කඩිි භාවිතය අනාවරණය වෙන බවට දැනුවත් වූ කාලකණ්නි රාජපක්ෂ වරුන් යහපාලනය වල පල්ලට යැවීමට විවිධ උපාය උපක්‍රම සැළසුම් ක්‍රියාත්මක කළහ.ඒ සඳහාම නිර්මාණය කළ ජාතිවාදී සටන් පාඨ වලින් සමාජය නොමග යවමින් සිංහල ජාතිය හා බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස වෙස්මුහුණු බැඳගත් කාලකණ්නි රාජපක්ෂ සනුහරයේ සැබෑ කෙරුවාව ඉතා නින්දිත විය.
මිල්ටෙරි නන්දසේනට හෙම්බිරිස්සාව හැදුන විට කොත්තමල්ලිි තම්බා දුන්නේ සිංගප්පූරුවේ පදිංචිව සිටි ෂැන්ග්‍රිල්ලා හිමිකාර මුසල්මානුවාය.නඩුවලට නොමිලයේ පෙනී සිටියේ අලි සබ්‍රිය.එහෙත් රාජපක්ෂ කෂඩයන් සමග කද බැද ගත් පඩික්කම් ගනින්නාසේලා රොත්ත නිරන්තරයෙන් සමාජය උසි ගැන්වූයේ මුසල්මානුවන් රට විනාශ කරන අන්තරායකාරී වෛරසයක් විදියටය.එහි අවසන් ප්‍රථිපලය වූයේ රාජපක්ෂ කාලකණ්නියන් විසින් සැළසුම් කළ පාස්කු බෝම්බ ප්‍රහාරයයි.මිනිසුන් ගේ ජීවිත ගැන අනුකම්පාවක් කාලකණ්නි රාජපක්ෂ වරුන්ට කිසි දිනක තිබුණේ නැත.දැනටද නැත .මේ නින්දිත සනුහරයේ සැබෑ අවශ්‍යතාව වූයේ සදාකාලික දේශපාලන බලයයි.මේ බලය තහවුරු කර ගැනීම සඳහා දෙවියන් වහන්සේ පමනක් නොව බුදුන් වහන්සේ වුවද පාවා දීමට රාජපක්ෂ තක්කඩියන් දෙවරක් කල්පනා කරන වුන් නොවීය.

ලසන්ත වීරතුංග ප්‍රදීප් එක්නැලිගොඩ වැන්නන්ගේ ජීවිත මේ තක්කඩියන්ට බොයිලර් කුකුළෙකු ගේ ජීවිතය තරම්වත් නොවටිනා ජීවිත විය
එහෙත් මේ කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ තක්කඩි කට්ට කයිරාටික ජීවිතය හා පැවැත්ම සමාජයට හෙළිදරව් වීම යුද ජයග්‍රහණය නිසා වසන් විය.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස පත්වීමෙන් අවුරුදු තුනක් ගෙවී යන්ටත් පෙර තක්කඩි රාජපක්ෂවරුන්ගේ උපාසක පිරුවටය ගැලවෙමින් තිබේ.එය රාජපක්ෂ සනුහරයට පල දෙන දේව ශාපයක් වෙන තරමට සියල්ල සිද්ධ වෙමින් පවතී.රට මේ යන විදියට සිය බලය ආරක්ෂා කර ගැනීමට කාලකණ්නි රාජපක්ෂ වරු මොන ගේම් ගැහැව්වද ඔවුන්ගේ තක්කඩි භාවිතය පිළිබඳව ජනතාව දැන් දැන් තේරුම් ගනිමින් සිටී.එහි හොඳම උදාහරණය මුහුණු පොතේ මහින්ද රාජපක්ෂගේ ගිනුම බලන අයෙකුට වටහා ගන්නට හැකිය.කාලකණ්නි මහින්ද රාජපක්ෂ ගේ දෙවන පුත්‍රයාගේ උපන්දිනය අදය.ඒ බව සිහිපත් කරමින් සිය පුත්‍රයාට සුබපතමින් මහින්ද රාජපක්ෂ සටහනක් තබා තිබේ.මෙම සටහනට පහලින් දමා ඇති කමන්ටු කියවන විට තක්කඩි රාජපක්ෂවරුන්ගේ අනාගත කේන්දරය කවර ආකාරයේද යන්න සිතා ගන්නට පුළුවන.සැබෑවටම රටට පිළිලයක් වූ මේ තක්කඩි කාලකණ්නි පවුලේ අවසානය නිශ්චිතව තහවුරු කරන්නට නම් දෙබිඩ්ඩෙක් නොවන දේශපාලන නායකයෙක් රටට
අත්‍යවශ්‍ය වී තිබේ.සිංහලේ රජු නැතිවීමෙන් පසුව සුරියගොඩ උන්නාන්සේ කියු කවිය මතක් වෙන්නේ මේ වෙලාවටය.
අනේ කූඹියනේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
අපේ කරුමේ අපට වන්නේ
රජකු ලැබුනෝතින්
එදින කිරිබත් කන්නේ
පෙරහැර කරන්නේ
සාදු කාරෙනි ගිගුම් දෙන්නේ
සුරිය ගොඩ උන්නාන්සේ ඒ කාලයේ හැටියට රටට රජෙක් ඕනෑයැයි කිව්වාට අද රටට අවශ්‍ය වන්නේ රජෙක් නම් නොවේ.නායකයෙකි.විනය ගරුක නායකයෙකි.අප එසේ කියන්නේ මහ පාරේ හන්දි ගානේ රතිඥඥා දල්වමින් කිරිබත් කා රබන් ගසා ජනතාව විසින්ම රජාට ඇන්දවූ හොර තක්කඩි මහින්ද රාජපක්ෂ හා ඒකාගේ අවජාතක සනුහර රටට සිදු කළ හා සිදු කරමින් තිබෙන ව්පත්තිය සිහි කරමිනි.