මේ වන විට අවසන් හුස්ම පිට කරමින් තිබෙන ටෙලිකොම් ආයතනයට ඔක්සිජන් සපයන්නේ මොබිටෙල් සමාගමෙන් යැයි කීවොත් ඔබ පුදුම වෙනවා ඇති. ඒ මෙරට ජනතාවගෙන් වැඩිම දෙනෙකු පාවිච්චි කරනු ලබන ටෙලිකොම් සේවාව වෙනුවෙන් අසීමිත මිලක් ගෙවන නිසාය. ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය තුන් ආකාරයකට රටේ ජනතාව හුරා කමින් ඇති බව සාක්ෂි සහිතව අපි කියන්නෙමු.ඉන් සැපයෙන සේවානම්
1. දුරකථන් සේවාව .
2. පියෝටීවී සේවාව.
3. ඉන්ටනෙට් සේවාව ලෙසටය.
මෙම සපයන සේවාවන් සේ තුන් ගුණයක මුදලක් ජනතාව ගෙන් අයකරතත් එහි ඉතාමසොච්චම් මුදලක් ආයතනය පවත්වා ගෙන යාමට වියදම් කලත් දැන් එයද නතර කොට ඇත. ජනතාවගෙන් හූරගෙන කන මුදලට මේ වන විට සිදුවන්නේ කුමක්ද ….? යන්න පිළිබඳව සේවකයින් ගේ දැඩි විමතිය පළ කරමින් ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම ලෙහෙසියෙන් ගොනාට ඇන්දවිය හැක්කේ ඔහු දේශපාලකයෙකු නොවන නිසා යැයි ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු සිතා කටයුතු කිරීම මීට මූලිකම හේතු වී ඇතැයි සේවකයෝ පවසයි. මෙහි අපූරුතම සිද්ධිය පෙන්වන්නේ රොහාන් ප්‍රනාන්දු මෙවර ඓතිහාසික ලාභයක් ලැබුවා යැයි ජනාධිපතිවරයා වෙත ද එය පෙන්නා දීමට තමාගේ බිරිඳ වරුණි අමුණුගම හරහා දෙරණ රූපවාහිනියෙන් එවැන්නක් ප්‍රචාරය කිරීමට තරම් ඔහු කපටි වී තිබීම සේවකයින්ගේ දැඩි පිළිකුලට හේතුවක් වී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා රට පුරාම පැතිරීම නිසා සංචාරක සීමාවන් පනවා , පාසැල් වලට නිවාඩු දී ආයතන වල සේවක සංඛ්‍යාව බාගෙට බාගයක් අඩු කර ඇති මොහොතක ටෙලිකොම් සමාගම තම ග්‍රහකයන් වෙතට ලබා දෙන ඉන්ටර්නෙට් පහසුකම් අසීමිත විය යුතු වුවත් මෙය ලබා දීමට සිදුව ඇත්තේ දහසකුත් බාධක මධ්‍ය හේතුව නවීන තාක්ෂණය උපයෝගි කරගැනීමක් ටෙලිකොම් සේවාවේ ඇත්තේම නැත. එසේම 121 වෙතට පාරිභෝගිකයන් ගෙන් දිනකට ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමානයෙන් බොහෝ විට අලුත් වැඩියාවන් පිලිබදව දැනුම දුන්නත් එම අලුත්වැඩියාවන් සඳහා ගත යුතු බොහෝ උපකරණ මේ වන විට ටෙලිකොම් සමාගම සතුව නොමැත.
අදවන විට එම බඩු කිසිවක් ආනයනට කොට නොමැත.මේ වනවිට රට පුරාම පාරිභෝගිකයන් අති විශාල ප්‍රමානයක් දුරකථන,ADSL Router , ,4 G/ Router, Portv STB, SPDH යන භාණ්ඩ ඉල්ලා සිටියත් ඒවා නැවත ලබා දීමට සමාගම සතුව නැත. ඒත් එසේ වන්නේ කෙසේදැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබුණාට සභාපති රොහාන්ට හා අධ්‍යක්ෂක මණ්ඩලයට වගේ වගක් නැත.

2021 ප්‍රථම කාර්තුවේදි රුපියල් බිලියන 24.7ක ආදායමක් ලැබුවා යැයි කියනවා නම් මේ පාරිභෝගික අවශ්‍යතාවන් සම්පුර්ණ නොකරන්නේ ඇයි දැයි සේවකයන් ප්‍රශ්ණ කරයි. එසේම සේවකයන්ගේ අතිකාල දීමනා සහ අවුරුදු දීමනා වැනි දීමනා සියල්ලම අත්හිටුවා ඒ සියල්ලම ආයතනය ලැබූ ලාබයයි ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීමේ වෑයමේ ප්‍රතිඵලයකි.සේවකයන් පවසන්නේ ටෙලිකොම් සභාපති රෝහාන් අපේ විරුවා ත් ගොනාට ඇන්දවි හැකි ජාතියේ පොරක් බැවි අවසානයේ එසේවත සිතා දැන් සැනෙසෙමු යැයි පොහොට්ටු වෘතිය සමිතිවලින්ම කසු කුසුවක් ඇත.
සේම මෙම භාණ්ඩ ආනයනය කිරීම සිදු කළ යුතු වුවත් දැන් රොහාන් ප්‍රනාන්දු ඒවාට කල්මරමින් ඇත්තේ තවත් මොබිටෙල් වල එතන ඇති මුදල් ටික උරාගෙන කෑමටය අලුත්ම නාටකය පටන් ගෙන ඇත්තේ මොබිටෙල් සමාගම තුළින්ය. මොබිටෙල් සමාගම සහ ටෙලිකොම් සමාගම වෙනුවෙන් අසීමිත මුදලක් ගෙවා තවත් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් GCO ලලිත් සෙනවිරත්න නැමැති පුද්ගලයෙකු සේවයට බදවා ගත්තේ මෙවන් තත්ත්වයක් මතය. ඔහුගේ වැටුප, ඔහුට ලබාදී තිබෙන අධි සුඛෝපභෝගී රථය ,වැනි මේ සියල්ලම ගත් විට ඔහුගේ මාසික දීමනා ද සමග වැටුප සහ දීමනා සමගම ඔහුට පමණක් ගෙවන මුදල ලක්ෂ 70 ක් වනවා ඇත.
පුද්ගලයෙකුට ලක්ෂ 70 ක මාසික පඩියක්……….
එවැනි පුද්ගලයෙකුට ලක්ෂ 70 ක් ඉක්මවා ගෙවන මුදලක් සමග ටෙලිකොම් ආයතනය සිදු කරන්නේ එම ජනතාවගේ මුදල් හූරා කෑම ආයතනය හෝ ආයතනයේ පහලම සේවකායාට අඩුම අවම කොරෝනා අත්වැසුම්, ආරක්ෂිත උපකරනවත් නොමතිව සභාපති හා හෙන්චයියන් ඒ සියල්ල හුරා කා දැන් ටෙලිකොම් ආයතනය මරණාසන්නම තැනට ගෙනවිත් ඇත.
මේ වන විට ගම් නියම් ගම්වල අහිංසක දරුවන්ට පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම ඇත්තේ Online මාර්ගයෙනි, ඒ සියල්ලටම කණකොකා හඬවා ඇත්තේ රොහාන් ප්‍රනාන්දු නැමැති මේ සභාපතිවරයාය. කලක් දිගින් දිගටම සුරා කෑමේ නිරතව සිටි නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ පිළිබඳව කොට්ඨාශයෙන් FCID ද මොහුට විමර්ශනයක් සිදු වූ අතරම ඒ හා සමානවම මින් ඉදිරියට ද ඔහුට තවත් රජයක් යටතේ හෝ එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ඒකාන්තයි සේවකයෝ පවසන්නේ ඒ නිසාවෙන් විය යුතුය.
මේ වන විට ටෙලිකොම් සමාගම කිසිදු පාරිභෝගිකයාට කිසිදු දැනුම්දීමක් නොකර PRO TV වෙනුවෙන් මාසික බද්දක් වශයෙන් අය කරන මුදල රුපියල් 799 සිට 899 දක්වා රුපියල් 100ක මුදලක් මුදලක් දක්වා වැඩිකරන්නේ රටේ ජනතාවට නොකියාමය. මෙම කොරෝනා වසංගතය පිළිබඳ කිසිදු තැකීමක් නොකරය. අසීමිත මුදල් සම්භාරයක් අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රධාන සභාපති වරයා දිනකට ගිල දමන නිසාය. මේ පිළිබඳ ජනාධිපතිවරයා සොයා නොබලන්නේ සභාපති ගේ බිරිද දිලිත් ජයවීරගේ ව්‍යාපාරික සහකාරික නිසා ජනාධිපති මුක පුට්ටුවී දැයි සේවකයන් හඩ නඟන්නේ ඒ නිසාය. ජනාධිපතිවරයා හොල්මනක් නැතිව සිටින්නේ කුමන කරුණක් නිසාදැයි සේවකයෝ දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇත.
මේ පිළිබඳව ජනාධිපතිවරයා ද සහ ජනාධිපති ලේකම්වරයාට ද සේවක සමිති විසින් ලිඛිතවම සාක්ෂි සහිතව දැනුම් දී ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර ම මෙයින් රටේ ජනතාව තව තවත් කෑම නොනවතින බව සේවකයන් කියයි.රොහාන්ප්‍රනාන්දු ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය ටෙලිකොම් ආයතනය කඩා වට්ටවන්නේම චීනයට ලබාදීමට නිසා බව මේ වන්විට එක් අධ්‍යක්ෂක් වරයෙකු සේවකයන්ට අවංකවම කියා ඇත.