උණුසුම් පුවත් වෙනත්

ශ්‍රි ලංකාවට Gsp+ සහනය අහිමිවේ. – ආණ්ඩුව මානව හිමිකම් බරපතලව කඩකරනවා -යුරෝපා සංගමය

Spread the love

යුරෝපා   පාර්ලිම්මේන්තුව ඊයේ ශ්‍රිලංකාවේ ආණ්ඩුව ගෙනයන  ත්‍රස්ත්වාදි මර්ධන පනත දැඩි සේ දර්ෂණයට ලක් කරමින් රටේ මානව හිමිකම් අහිමිකිරීමට එරෙහිව තම සංගමය ලබා දී තිබෙන බදු සහනය මුළු මනින්ම ඉවත් කලේය.

එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසු ඡන්ද විමසීමක් විය .එම යෝජනාවට  ,විරුද්ධව 15 ,හා ඡන්දය දීමෙන් වැලකී සිටි ගනන40 ක් ,ද  ලබා වැඩි ඡන්ද ඡන්ද 628 ක් කින්  සම්මත විය. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රි ලංකා රජයට GSP  ප්ලස් සහනය අහිමි වනු ඇත. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා ගේ සංකල්පයක් අනුව ඇඟළුම කර්මාන්ත රට පුරා පිහිටවා එම ඇඟළුම් විදෙස් වෙලද පොලට එවීමේදි ව්‍යාපාරිකයන්ට මහත් ගැටළුවක් වුයේ යුරෝපයේ ඇති බදු පිලිබදවය.

ඊට සහනයක් ලෙසට  යුරෝපා සංගමය තම රටවලට විශේෂයෙන්ම අපනයනය කරන අපනයන කරුවන් වෙනුවෙන් GSP ප්ලස් සහනය ලබාදුනි. ඒ සියල්ල ලබාදි රටක මානව හා සාමාජීය සංවර්ධනයක් ඉන් අපේක්ෂා කලේ ලෝකයේ සංවර්ධනය වෙනුවෙනි.

ඒත් රාජපක්ෂපාලනය රට තුලට පැමිණි සෑම අවස්ථාවකදීම  මානව හිමිකම කඩ කිරීම වාර්තාවීම සුලභ දර්ෂණයක් විය. වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ඉතාම ත්‍රීවෘර ලෙසට මෙම මානව හිමිකම් කඩ කිරීමත් මානව හිමිකම්  කොමිසමට දේශපාලකයෙකු යොදවා තිබීමත් මෙම රටවල් දැඩි අවධානයෙන් සිටි. එසේම රාජ්‍ය සිවිල් පරිපාලනය හමුදා  ජුන්ටාවක් කිරීමද විශාල මානව හිමිකම් කඩ කිරීමකි. යුරෝපා පාර්ලිමේතුව ශානි අබේසේකරව අත්තනෝමතිකව රදවා තැබීම හා මාධ්‍ය නිදහස අහිමිකිරීමද දැඩි අවධානයට ලක්ව ඇත.

2015 වසරට පෙරද මේ ආකාරවම රටට අහිමි වු GSP ප්ලස් සහනය මෛත්‍රි – රනිල් ආණ්ඩුව නැවත මානව හිමිකම් වලට ගරුකරමින්ගෙනගිය යහපාලන ක්‍රමය නිසාම එම සහනය ලබාගැනීමට හැකිවිය.

ඒත් රාජපක්ෂලා මානව හිමිකම් ,රටේ නිතිය යන මේ කිසිවක් නොදන්නේම ඔවුන් විදෙස් මැලේ සම්භවයක් නිසාමද විය හැකිය. ඔවුන් සිතා සිටින්නේ රාජපක්ෂ වාදීනට හැර මෙරට අන් සියල්ලටම නිතිය ,මානව හිමිකම් වලංගු බවයි.

මේ පිලිබදව රටේ ජනතාවට කොතෙකුත් අපි කාලයක් තිස්සේ පෙන්න දුන් නමුත් ඒ සියල්ලම බීරි අලින්ට විනා ගැයුමක් විය. ඒ රාජපක්ෂනුකරනය නිසා අන්ධ ජාතියක් බිහිව තිබීමයි.


Spread the love

Leave a Comment

You may also like