උණුසුම් පුවත්

රටම මී හරකුන්ට අන්දා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ හරි හදිසි චක්‍රලේඛය.

Spread the love

සිරි ලංකාවේ බෞද්ධයන් නිවසේ පවත්වන පිරිතකට භික්ෂූන් වඩම්මාගෙන එන්නේ පසඟතුරු ගොස නගමිනි.මේ අවස්ථාවේදී වැයෙන බෙරපද දන්නේ බෙර වාදකයන්ය.මේ පද අනෙක් අය දන්නේ නැත.නමුත්  ඒ තාලයට ගැලපෙන වෙනත් පද යොදා ගෙන ඒ බෙර හඬ රහ විඳින හැටි  කවුරුත් දනී.එවිට ⁣ඒ බෙර හඬ ඇසෙන්නේ මෙසේය. ඒ “මහ පිරිතට දැං වඩින්ට දැං වඩින්ට දැං වඩින්ට මහ පිරිතට දැං වඩින්ට” යනුවෙනි.ලංකා දවස මේ වාර්තාවත් අර පිරිත් බෙර පදය වාගේම ලංකාවට දැං වඩින්ට දැං  වඩින්⁣ට දැං වඩින්ට ලංකාවට දැං වඩින්ට වාගේ  කියවෙන තාලයට රටම මී හරකුන්ට අන්දා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ හරි හදිසි චක්‍රලේඛයක් ගැනය.

මේ ගැන තොරතුරු කියන්නට පෙර ඊයේ පෙරේදා දවසක සිරස වැඩ සටහනකට දුරකතනයෙන් කතා කළ අම්මා කෙනෙකුගේ දුක් ගැනවිල්ල මොකද්ද යන්න දැන ගැනීම හොඳය.   
“..ඇමරිකාවෙ ඉඳල මේ ළඟදි ලංකාවට ආපු මගේ දරුවා වැක්සින්  දෙකම අරගෙන තියෙද්දිත් රුපියල් දෙලක්ෂ අසූ දාහක් ගෙවල නිරෝධායනය කරන හෝටලයකට යැව්වා….”
ඒ අම්මා කතා කෙරුවේ දුකෙනි.පිටරට කුලී වැඩ කරමින් අපේ මිනිසුන් දාදිය මහන්සියෙන් හම්බ කරගත් මුදල් මිල්ටෙරි නන්දසේනගේ තක්කඩි බිස්නස් කාරයන් පික්පොකට් ගහන්නේ මේ විදියටය.නමුත් කාගෙ කාගේත්   දුක හිතෙන කතා  මිල්ටේරි නන්දසේනගේ ආණ්ඩුවේ නීතියට අදාල නැත.මිල්ටෙරි නන්දසේන ගේ ගජ මිතුරු පාදඩ කල්ලියට ඕනෑ මේ කඳුළු විකුනා හරි ගත මනාවක්  හොයාගන්නටය.යුද්දයේදී මිසයිල් වලින් කොමිස් ගත් කාලකණ්නි මිල්ටෙරි නන්දසේන හිතක් පපුවක් නැති පාදඩ පිසාචයෙකි.වර්තමා⁣නයේ කෝවිඩ් වසංගතයෙන් හොට බිම ඇණී තියෙන මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ සෙප්පඩ ව්ජ්ජා කෙරුවාව අස්සේ  සිද්ධ වෙන කැත  අවලස්සන ජාවාරම්  ගැන දැන් සිරි ලංකාවේ දැනුම් තේරුම් ඇති ඕනෑම අයෙක් දැනුවත්ය.ඒත් මිල්ටෙරි නන්දසේනගේ ගජමිතුරු ජාවාරම්කාර කඩප්පුලියන්ගේ කෙරුවාව ගැන තවමත් නොදන්නා ගානට ඉන්නේ  පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු  පිංගුත්තර සෙට් එකත් එවුන්  සමග නිදි වදින ආණ්ඩුවේ නිළමක්කාර කුලීකාර එහෙයියන් අතලොස්සත් පමණි .මේ හැත්ත රාජපක්ෂ වලව්වේ වැසිකිලි හෝදන ගමන් ලැබෙන ඔය අතරමැදිි සිල්ලර චාන්ස් එකකින් හිත සනසා ගන්නෝ වෙති.ඔය අතර ඉන්නා ආණ්ඩුවේ නිළමක්කාර ගැන්සියේ  අයවළුන් බොහොමයක්  ලැජ්ජා නහර කපා දැමූ අයවළුන් වේ.එහෙත් මේ හිඟන නිලමක්කාරයන් යෝද ටයි පටි එල්ලාගෙන හරිම බැරෑරුම් විදියට දවස ගානේ ගනන් හිලව් පෙන්වමින් කෝවිඩ් වසංගත මර්දනය ගැන කයිවාරු වොයිස් කට් දෙන හැටි නම් අපූරුය.එහෙත් මේ යදින්නන්ගේ සැබෑ ආත්මය ගැන දන්නා අපට නම්  මොවුන් ගැන ඇත්තේ පිළිකුලකි.තරහකි.වෛරයකි.ලැජ්ජාවකි.
ඒ වාගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල පුටුවල ඉන්නා විශේශඥ වෙද්දු සැට් එකද තනිකරම අම්බලන්ගොඩ රූකඩවලට හපන්ය.මේ රූකඩ ටික රාජකාරි කරන්නේ මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරයේ ඕනෑ එපා කම් වලට මිස ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා නම් නොවේ.කොඳු නාරටි නැති මේ ගෝතයන් ලෝකයට ජාතක වූයේ ⁣මන්දැයි සිතන තරමටම තක්කඩි කාලකණ්නියන්ය.සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්ද එවැනි කාලකණ්නියෙක් බව තහවුරු කරන මගෝඩි චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබේ.මුන් හිතාගෙන ඉන්නේ මේ සිරිලංකාවේ හැම එකාම අම්බ මී හරක් බවය. මේ අධ්‍යක්ෂ ජනරාල් කාරයා කර ඇත්තේ සෞඛ්‍ය  අමාත්‍යංශයට මල් මල් චීත්තයක් අන්දවනවා වාගේ නපුංශක චක්‍රලේඛයක් නිකුත් කිරීමය.සැබෑවටම  DGHS/COVID19/347/2021චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ කවර අරමුණකින් කාගේ අවශ්‍යතාවක් ඉටු කිරීමටද යන්න ඒ නපුංශක බව තහවුරු කෙරේ  .අදාල චක්‍රලේඛය බලපවත්වන්නේ 2021ජුනි 6 සිට ජුනි 30 දක්වා පමණි .චක්‍රලේඛයේ ඇත්තේ මෙවන් උපදෙසකි.  විදේශගතව සිට  ලංකාවට පැමිණෙන ලංකාවේ නිවසක් හෝ නවාතැනක් ඇති ද්විත්ව හෝ ශ්‍රී ලංකා පුරවැසියන් අදාල  නිරෝධායන නීති වලට අනුව සම්පූර්ණ එන්නත්කරණය ලබා තිබේ නම්  පීසීආර්  පරීක්ෂණයකින් පසුව එක් දිනයකදී නිවසට යා හැකි වන්නේය.ඔවුන් පවතින කෝවිඩ් නීතිය අනුව නිරෝධායන දවස් දහ හතරක කාලය ගත කළ යුතු නොවේ.
මිල්ටෙරි නන්දසේන ජනපති වරයා බවට පත්⁣වූයේ එක රටක එක නීතියක් යනුවෙන් මහා පුරාජේරු වපුරවමිනි.එහෙත් රටේ නීතිය දැන් ක්‍රියාත්මක වන්නේ නැති බැරි වුන්ට විතරක් බව මේ කුපාඩි චක්‍රලේඛයෙන්ද  තහවුරු කර ඇත්තේය.ඒ බව කාට කාටත් තේරුම් යනු ඇත්තේ මේ දවස් ගනනාවක නිරෝදායන කඩුල්ලෙන් රිංගා යාමට චාන්ස් එක දී ඇත්තේ කාටද යන්න අනාවරණය විටය.ලංකා දවසට ඇමරිකා එක්සත් ජනපදයේ ආගමන විගමන අංශයෙන් ලැබෙන තොරතුරු අනුව ජුනි 9 වනදා හෝ ඒ ආසන්න කාලයකදී ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිනීමට ගුවන් ටිකට් පත් වෙන් කර ගෙන තිබේ.
මිල්ටෙරි නන්දසේන ජනපති කිරීම සඳහා  ඡන්දය භාවිතා කිරිමට එදවස ලංකාවට පැමිණි දේශප්‍රේමී ඩයස් මී ලා දැන් රාජපක්ෂලාගේ මේ නීතිය නැවිල්ල ගැන හිතන්නේ මොනවාද යන්න අපි නොදනිමු.නමුත් හෘද සාක්ෂියක් තියෙන එකෙකුට නම් විලි ලැජ්ජාවේ පණ යන එක නම් සිකුරුය.
හෙට අනිද්දාට මෙරටට පැමිණෙන විදේශගතව සිටින සිරි ලාංකිකයන් පිරිසකට බැසිල් ගේ පහනින් ගොඩ යා ගන්නටද පුළුවන.ඉතින් අපි සියල්ලෝම එකතුවී  ඒ දවස් ටික ගෙවෙන තුරු ලංකාවට දැං වඩින්නට දං වඩින්ට දැං වඩින්ට බෙර පදය ගයමු.අපට එසේ ගයන්නට සිදු වී ඇත්තේ මේ ආකාරයෙන් ර⁣ටේ ජනතාව මී හරකුන්ට අන්දා නීතිය රාජපක්ෂවරුන්ට බලනොපාන ආකාරයට නිකුත්කරන  තක්කඩි චක්‍රලේඛ පිළබඳව විපක්ෂය හෝ ජඩ මාධ්‍ය කටක් අරින්නේ නැති නිසාය.

 

 

 


Spread the love

Leave a Comment

You may also like