පසුගියදා ගිනිගෙන මුහුදුබත් වී ඇති export පර්ල් නෞකාව ලංකා මුහුදු තිරයට පැමිණීමට පෙර කටාර් රාජ්‍යය සහ ඉන්දියාව තුළින් තම බහාලුමක ඇති රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දු වෙමින් පවතින බවට දැනුම් දී ඇත. එම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනරය නැව තුළින් ඉවත් කිරීමට කපිතාන්වරයා කටාර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් අවසරය ඉල්ලා ඇත. ප්‍රථමයෙන්ම කටාර් රාජ්‍යයෙන් අවසර ඉල්ලා ඇති අතරම තම වරායට ඇතුළු වීමට කිසිසේත් ඉඩ දීමට නොහැකි බව කටාර් රාජ්‍යය දැනුම් දී ඇත. ඉන්පසුව නැව් ගමන් මාර්ගයේ ඉන්දියාවට ආසන්න පැමිණ මේ පිළිබඳව ඉන්දියාවට දැන් දුන් පසු ඉන්දියාවෙන්ද ඒ අනුවම දැනුම් දී ඇත්තේ කිසිසේත් රසායනික ද්‍රව්‍ය රැගෙන තම රටේ කිසිදු වරායට ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවයි .
ඉන් පසුව ආසන්නතම මුහුදු සීමාවේ ඇති ලංකාවේ කොළඹ වරායට ඇමතුමක් ලබාගෙන ඇති කපිතාන්වරයා මෙම රසායන ද්‍රව්‍ය මේ වන විට කාන්දු වෙමින් පවතින නිසා එම කන්ටේනර් බහාලුම නැවෙන් ඉවත් කිරීමට ඉඩදිය හැකි දැයි විමසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා බලධාරීන් නැවට පැමිණෙන ලෙසත් ඒ සඳහා සාකච්ඡා කළ හැකි බවට දැනුම් දීමත් සමඟම නැවේ කපිතාන්වරයා කොළඹ වරාය දක්වා නැව ගමන් කර ඇත.කොළඹ වරායට ගොඩ බෑමට කිසිදු ද්‍රව්‍යක් තිබි නැත ඒත් බලධාරින් හා ඇමතිවරයා පසු ගිය දා කියා සිටියේ කොළඹට ඇති බහාලුම් ගොඩ බෑමට පැමිණි බවයි එය සම්පුර්ණම අසත්‍යකි.
මේ පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර බුද්ධි සේවයක් විසින් සියලු කරුණු අනාවරණය කරගෙන ඇති බව අප වෙත අදහස් දැක්වූ එම පුද්ගලයා කියා සිටියේය. පසුව කොළඹ වරායෙන් කපිතාන්වරයාට දැනුම් දී ඇත්තේ තමන්ට නීතියානුකූලව නැව තුළට යාමට නොහැකි බවත් තමන්ගේ නැව තුළ ගින්නක් තිබෙන බවට හදිසි සංඥාවක් නිකුත් කරන ලෙසයි. ඒ අනුව කපිතාන්වරයා විසින් හදිසි අනතුරු සංඥාවක් ඒ අනුව නිකුත් කර ඇත.
නමුත් ඒ වනවිටත් කිසිදු ගින්නක් තිබී නොමැති බවද නැවේ කපිතාන්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද තම ප්‍රකාශයේ දැනුම් දී ඇත.
ගින්නක් ඇති බවට සංඥා නිකුත් කිරීමට හා නැවේ ගින්නක් ඇති බව කීවත් සත්‍ය ලෙසට ඒ වනවිට තිබී ඇත්තේ රසායනික ද්‍රව්‍යක් කාන්දු වීමක් පමණක් බවයි. ඒත් කොළඹ වරායේ කණ්ඩායම නැව තුලට ඇතුළු වීමත් සමඟම ගින්නක් හටගත් බව කපිතාන් වරයා පවා ප්‍රකාශ කරයි. එවනි ගින්නක් මැඩලීමේ දි අදාල රක්ෂණ සමාගම අති විශාල මුදලක් අදාල රටට ගෙවිය යුතුය
මෙම ගින්න හට ගැනීමත් සමගම එම ගින්න කිසිසේත් පාලනය කරගත හැකි තත්වෙට පත් වී නැත. එදින වායුගෝලයේ දැඩි සුලං ගින්න පැතිරීමට බාධාවක් වී ඇත එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි සුවිශේෂ වූ පහසුකම් නොමැති හෙයින් ගින්න මැඩ පවත්වා ගැනීමට එදින දැඩි වෙහෙසක් දැරීමට සිදු ඇත ජාත්‍යන්තර නාවික නීති අනුව තම රටේ ලියාපදිංචි නැවක් නොවන නැවක් තුළට යා හැකි වන්නේ ඒ නැව තුළින් හදිසි ආපදා සංඥාවක් නිකුත් කර ගින්නක් වැනි දෙයක් ඇත්නම් පමණක් බවට ක්ෂේත්‍රයේ සඳහන්ව ඇත.
ඒ අනුව මෙම නැවේ ඒ වනවිට ගින්නක් නොමැතිවත් කපිතාන්වරයාට කොළඹ වරායෙන් දැනුම් දුන් පරිදි ඔහු ක්‍රියා කළ බව, මේ වනවිටත් කපිතාන්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බවට අප වෙත දැන ගැනීමට ඇත.
මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැඩි කතාබහට පත්ව ඇති අතරම මෙම නැවේ කපිතාන්වරයා ඉදිරියේදී මෙහි සත්‍ය සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් කිරීමට නියමිත බවද , ජාත්‍යන්තර බුද්ධි සේවයක් තුළින් දැන ගැනීමට හැකි විය.