පසු ජුනි 02 වන දින “පියදාස බාලගේ CEO ලෙසට ලාෆ් ගෑස් සමාගමට” යනුවෙන් අපගේ හෙලිදරව්වත් සමඟම පසු ගියදා කැබිනට් මංඩලය තීරණය කලේ ලාෆ් සමාගමේ කොටස් ජාතික රක්ෂණ සමාගම විසින් මිලට නොගත යුතු බවත් මෙම දේශිය ව්‍යාපාරිකයාව රැක ගත යුතු බවයි. ඒ අනුව අගමැති මහින්ද ගේ නියෝගයෙන් ලාෆ් අයිතිකරුට සුවිශේෂිත වු අපුරු ණයක් ලබාදීමට ක්‍රියා කලේය.ඒ ලංකා බැංකුව හා මහජන බැංකුව එක්ව රුපියල් කෝටි 2000 ක ණයක් වහාම ලබාදිය යුතු බවයි.
ඒ අනුව අද එම ණය මුදල අනුමත විය. පියදාස කුඩාබාල ගේ නැමති පල් හොරා අගමැති මහින්ද රාජපක්ෂලා ගේ සියලු මුදල් ගනු දෙනු සිදුකල අයෙකි. ඒ නිසාම වැගපිටිය පියදාස කුඩා බාල ගේ ලාෆ් සමාගමට ගත්තේම මහින්දලවා මේ සියල්ල කරවා ගැනීමටය .
දැන් ණය මුදල වැගපිටිය ලබා ගනු ඇත. ඒත් පුදුමය නම් මොහුටම මීට පෙර කෝටි 250 ක ණය මුදලක් ලබා දී ඇති අතරම 2014 සිට ඉන් සතයක්වත් ගෙවා නැත. එවන් පසු බිමක තවත් කෝටි 2000ක් ලබා දුන්නේම මහින්දලා ගේ කොමිස් මුදල් වලින් දැන් මොවුන් ව්‍යාපාර කරන නිසා රාජපක්ෂලා ගේ මුදල් ඉවත් වු විට මෙම ව්‍යාපාර කඩා වැටීම නතර කිරීම එහි අරමුණක් බව බැංකු සේවකයෝ පවසති.