දේශපාලන

සජබේ කෑලි කැඩිලි බොරු සියල්ලම සජිත් සමඟ එකම ගමනක…..!!

Spread the love

අද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානතවයෙන් පැවති පාර්ලිමේතු මංත්‍රිවරුන්ගේ සාකඡ්චාවේදි පක්ෂයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් හා රටේ ජනතාව ගේ ජීවිත රැකගැනීමටත් විපක්ෂ නායකයා ලෙසට සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්න සෑම පියවරකදීම ඔහුට ශක්තියක් වීමටත් මත්‍රිවරු සියළුම දෙනා ඒකමතිකව තීරණය කර ඇත.
නොයෙකුත් ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් යවා පක්ෂතුල බෙදීමක් ඇතැයි යන්න රටේ ජනතාවට ඒතු ගැන්වීමට රාජපක්ෂ හිතවත් මාධ්‍ය කුලි ලියන්නන් ක්‍රියා කලත් ඒ සියල්ලටම අද සජබේ සියළු මංත්‍රිවරුන් පයින් ගසා  එකා මෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිට ගැනීම රටේ ජනතාවට මහත් ශක්තියක් විය. අසීමිත බොරු කියා බලයට පැමිණි රාජපක්ෂලාව ලැබෙන පලමු මොහොතේම ඒලවා දැමීමට රටේ ජනතාව දැන් කැසපොට ගසා සිටින බව රාජපක්ෂලා ද නොදන්නවා නොවේ.

අපේ ද එකම අරමුණ විපක්ෂයේ සියල්ලම එකට එක් කොට ශක්තිමත් විපක්ෂයක් තුලින් රාජපක්ෂලා ගේ ජනතා මරදනයෙන් ජනතාව රැක ගැනීමයි.

ඒ නිසාම රටේ ජනතාව ගෙන් රාජපක්ෂලා පලිගනිමින් සිටින  බව මේ වසරේ කැපි පෙනුනම සිදුවීම් දෙස බැලිමේදි පෙනියයි. අද පැවති රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන බවට යෝජනාවක්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ,රවුෆ් හකීම,පාඨලී චම්පික රණවක, මනෝගනේෂන් යන අයගේ සම යෝජනාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රංජිත් මද්දුම බංඩාර,රාජිත සේනාරත්න ,අශෝක අබේසිංහ යන මංත්‍රිවරු ඒම යෝජනාව ස්ථිර කල අතර සියලු මංත්‍රිවරු යෝජනාව ඒකමතිකව අනුමත කර ඇත. 


Spread the love

Leave a Comment

You may also like