කෝවිඩ් වසංගතය ශ්‍රි ලංකාවට පමණක් සීමා වු දෙයක් නොව එය ලෝක වසංගතයකි. එවනි අවස්ථාවකදි තම රටේ ජනතාව ගේ ජීවිත රැකීමට ලංකාවේ හැර ලෝක නායකයන් එකා මෙන් වැඩකලේ වෛද්‍යවරුන් මුලට දමා ගෙනය . ඒ කෝවිඩ් නැමති වසංගත රෝගයක් නිසාය. ඒත් ලංකාවේ ජනතාව ගේ අවාසනාවට “සෙට්ඨමානයෙන් ” පෙලෙන කෝකටත් තෛලය හමුදාවයැයි සිතන නිසාම ඔහු කොවිඩ් වසංගතය භාරකලේ වෛද්‍යවරුන්ට නොව රෙණවිරු හමුදාපති ශවින්ද්‍ර සිල්වාටය.
කෝවිඩ් පැමිණි මොහොතේ සිටම රටේ ජනතාව ගෙන් ගසා කැම ඉතාම හොදින් ආරම්භ විය. ඒ සියල්ලම අභිබවා අද ගසාකැමේ හිණිපෙත්තටම පැමිණ ඇත්තේ රටේ ජනතාව දෙවිවරුන් යැයි සිතන (එවැන්නන් තවමත් නැතුවා නොවේ ) වෛද්‍යවරුන්මය. එය මහත් අවාසනාවකි .එසේම මෙවන් කාලයක් තුලදි රටේ සල්ලි ගසා කන්නන්ට ශාප විය යුතුය. කෝවිඩ් වලින් රටේ ජනතාව රැකගැනීමට පක්ෂ දේශපාලන්යෙන් තොරව තමන් එකම තැනක සිට ගැනීමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා යන දෙදෙනාම රජයට කියා සිටි යේය, කෝවිඩ් එන්නත වහාම ආනයනයට ඇණවුම් කලයුතු බව විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස මහතා – 20/112/2020 දි පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කලාය. එදා ඒ සියල්ල ගේම උපහාසයට ලක් වුවත් එ සත්‍ය ඔවුන් දුටුවාය. අවසානයේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගෙන තවමත් කමින් සිටි ඒ කෑම අපුරුඑවටම අද කන්නේ ප්‍රසන්න ගුණරත්නලා උත්පලලා ,චන්න ජයසුමනලා ශවින්ද්‍රලාය.
ඉන්දියාවේ කොවිෂිල්ඩ්(Covishield) ලක්ෂ 05 ක් ප්‍රථම එන්නත් තොගය……
ඒ වන විට තම එන්නත් රටට අවශ්‍ය දත්තයන් රටේ සෞඛ්‍ය බලධාරින් ගෙන් අඩුම ලබාගැනීමක් හෝ සිදුකර නොතිබුණි. ඒ නිලධාරින් ගේ ගසා කෑමේ උවමනාව නිසාය .ඊට පසුව ප්‍රථම එන්නත් තොගය ඉතාම හදිසි කටයුත්තක් සේ සලකා යැයි කියමින් ඉන්දියාවේ සීරම් (Serum Institute -India )ආයතනයෙන් කොවිෂිල්ඩ්(Covishield) මාත්‍රා ලක්ෂ 05 ක් ඇණ්වුම කොට ඇත.මෙය මුලින්ම මිලට ගත්තේ පසු ගිය ජනවාරි මසය. එය ඇණවුම් ඉතා පැහැදිලිව ඇත.
මෙය ඝෘජු මිලදී ගැනීමක් සේ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව (State Pharmaceutical Corporation – SPC ) මෙහි මිලදි ගැනීම සිදු කොට ඇත. මෙම එන්නත් මිලදි ගැනීමේදි කලාපිය සහයෝගිතාවය හා රාජ්‍යත්‍රාන්තික සම්බන්දතා මත මිල කේවල් කිරීමට ඉතාම හොදින් ඉඩ තිබු නමුත් ඒවනි කේවල් කිරීමකට නොගොස් ඝෘජු මිලදි ගැනීම් (Direct Purchase ) එක් එන්නතක් ඇමරිකානු ඩොලර් 5.25 ලබාගෙන ඇති අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් 2,629,990 ක් (රුපියල් මිලියන 526 කට ) ආසන්නව ගෙවා ඇත.
මෙය තම රට වෙනුවෙන් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඒකමතික තිරණයක්ට මිල දී ගෙන ඇත. එහි විනිවිද බාවයක් නොමති බව පොල්බුරුවෙකුට වුනත් වැට හෙන නමුත් චන්න ජයසුමන් නැමති ඔල මොට්ටල ඇමතියාට ඒවා වැඩක් නැත. තමාගේ ගාන ලැබීම පමණක් ඔහු හොදින් ගනන් බලන බව කියන්නේ වෛද්‍ය උත්පලමය. ඒත් මෙම එන්නතේ එක්මාත්‍රාවක් ඉන්දියාවේ වෙළදපොල සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 2.15 කි. ඇමරිකානු ඩොලර්1,550,000 ආසන්න පාඩුවක් රජයට සිදුව ඇත.මෙය දළවශයෙන් රුපියල් මිලියන් 310 කි.
මෙය ඉතාම සුක්ෂමව කිසිදු විනිවිදබාවයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය නිසාම සාමාන්‍ය විදෙස් ආනයනයේදි යොදා ගන්න ණියවර ලිපි (LC ) නිකුත් කිරීම සිදු නොකිරීමට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව (SLC ) ක්‍රියා කර ඇත.මෙය ඉන්දියාවෙන් ගෙන්වු ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල් පලමු එන්නත් මාත්‍රා සදහාය. ඉන් පසුව ඇති සියළුම ගෙවීම වලට රටවල් අනුගමනය කරන භාණ්ඩයේ හෝ සේවාවේ යම් ගැටළුකාරි තත්වයක් පැණ නැගුණ හොත් හෝ එවනි අවසථාවකදි එම භාණඩ වලට ගෙවන ගෙවීම ණයවර ලිපි (LC ) මගින් නතර කිරීමේ හැකියාව භාණ්ඩ ලබන්නාට ඉතාමපහසුය . එසේම යම තරමකට හෝ විනිවිද භාවයක් ඇතිවේ.
පහසුවෙන් වංචාකල හැකි ඝෘජු මිල දී ගැනීම්……..
ඒත් එන්නත් ආනයනයේදි මිලදි ගැනීම සිදුකර ඇත්තේම ණයවර ලිපි (LC ) මගින් නොව හදිසි තත්වයක් මත ඝෘජු මිලදි ගැනීම් (Direct Purchase ) රාජ්‍ය ඖෂධ නිතිගතමත සංස්ථාවට මිලදි ගැනීමටය. ඒ නිසා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හාවෛද්‍ය බිම්සර උත්පල ඉන්ද්‍රවංශ යන දෙදෙනා ගේ ජනතා මුදල් කොල්ලයේ කොමිස් මුදල් ඇමති චන්න ජයසුමනටත් යන බව සිතිමේ වරදක් නැත. මෙවනි අතිවිශාල මුදලක් ඇමති හා අමාත්‍යංශ ලේඛම් නොදනිව සිදුකල නොහැකිය.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -V (Sputnic -v ) කොමිස් ගැහිල්ල……
ගමාලයා මධ්‍යස්ථානයේ (Gamalaya Institute – Russia )නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාතාවක් ඇමරිකානු ඩොලර් 9.95 ක මිලට ගැනීමට දැන් සියල්ල සුදානම්ය . එම එන්නතේ රස වැඩි බව චන්න ජයසුමන ඇමති දන්න නිසාම ඉන් මිලියන් 13 ක් මිලට ගැනීමට තරන් ඇමති තුමා කාරුණික වී ඇත.
ඒ අනුරාධපුර කාර්යාලයට ආසන්නව ඇති අක්කර 2 1/2 ඉතුරු ඉඩම් කෑල්ලත් ගැනීමට බව දන්නේ ප්‍රසන්න ගුණසේනලා, උත්පලලා පමණක් නොව අපිත් ඒ වග ඉතාම හොදින් දනිමු.
එංගලන්තයේ නිෂ්පාදිත ඔක්ස්ෆ්ඩ් ඇස්ට්‍රා සෙනිකා (oxford zeneca vaccine ) එන්නතටත් වඩා රුසියානු (Sputnic -v ) එන්නතක් වෙළදපොල මිල අවමවශයෙන් ඇමරිකානු ඩොලර් 5 කටවත් මිලියන 13 ක් ලබා ගැනීමේදි මිල පිලිබදව රාජ්‍ය තන්ත්‍රික මැදිහත්වීමක් කල හැකිය. ඒත් මෙම අධික මිල ගෙවීම වුවත් සිදුකරන්නේ තවත් අතර මැදි සමාගමකටය. ඒ හියුමන් වැක්සීම් (Human Vaccine LLC )නැමති තුන්වන පාර්ෂව කරුවෙකුටය . බැලු බැල්මටම මේ තුල අයථා මුදල් ගනුදෙනුවක් ඇති බව සහතිකවම කිව හැකිය.
රුසියානු ගමාලයා (Gamalaya Institute – Russia ) නැමති සමාගමට එකවරම මුදල් ගෙවීම නොකරන්නේම මේ කොමිස් මුදල තුන්වන පාර්ෂවයකින් ලබා ගැනීමටය. මේ සදහා යන වියදම 9.95 බැගින් ශ්‍රි ලංකා රජයට වැය කිරීමට සිදුවන මුදල් ඇමරිකානු ඩොලර් 129,350,000 ( රුපියල් බිලියන 25 කට වඩා අධිකය )එන්නත් මාත්‍රා මිලියන් 13ක් වැනි අතිවිශාල ප්‍රමානයක් ආනයනය කරන්නේ නම් ඉතාම අඩු මුදලකට සමාන්‍ය වෙලද පොලේදි පවා ලබාගැනීමට තිබුණි. අවම ලෙසට ඇමරිකානු ඩොලර් 5 කටත් වඩා අඩුවෙන් එය ගත හැකිව තිබුණි.
රජයට රුපියල් බිලියන 12 කට වඩා වැඩි පාඩුවක්………
ඉන් රජයට සිදුවන පාඩුව ඇමරිකානු ඩොලර් 64,350,000 ක් පමණ වේ. එසේම රුපියල් බිලියන 12 කට වඩා වැඩි පාඩුවක් ඉන් රජයට අහිමිව චන්න ජයසුමනලා ගේ ප්‍රසන්නලාගේ, උත්පලලා ගේ සාක්කුවට යනු ඇත.ඊට හොදම සාක්ෂිය හියුමන් වැක්සීන් සමාගම (Human Vaccine LLC ) හරහා රුසියාවේ ගමාලයා සමාගමට (Gamalaya Institute – Russia ) මුදල් ගෙවීම සිදුවේ.
ඖෂධ නිතිගත සංස්ථාව (SPC ) එකම ඒකාධිකාරියක්…….
මේ වංචාව ඉතාම සුක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයයේ ශ්‍රි ලංකා ඖෂධ නිතිගත සංස්ථාව එකම ඒකාධිකාරියක් පත්වා ගෙන යාම තුලින් තම කණ්ඩායම අතිවිශාල මුදලක් කොමිස් ලෙසට ලබාගැනීම තුලින් රටේ මුදල් හොරාකෑම ඉතා ලේසි වී ඇත.
ඒ ඖෂධ ආනයනකරුවන් ගේ ටෙන්ඩර් කැදවීමක් හෝ මිල පිලිබදව කේවල් කිරීමක් නොකරීම තුලින් තම උපරිමම ලාභය ලබාගැනීමේ හැකියාව ( SPC ) සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට හා ( SPMC ) උත්පල ඉන්ද්‍රවංශට කල හැකිව තිබේ. මේ දෙදෙනාම ඇමති චන්න ජය සුමනගේ අවශ්‍යතාවන් ඉටුකරමුන් වැඩේ යහමින් කරමින් ඇත.
මේ පිලිබදව සොයා බලා අඩුම අපි කරන චෝදනාවන් වල සත්‍ය අසත්‍ය තවයවත් නොසයා ජනාධිපති ගල් බිල්ලකු සේ සිටින්නේ ඇයි දැයි අපටත් උභතෝකෝටික ප්‍රශ්ණයකි.
නොවෙසේනම් ඇත්තේ වසර 05 කට කලම මැරියව් කියා අනුකමපා කිරීමක් දැයි අපට සිතේ. කොරෝනා අවසන් එන්නත මෙරටට ගෙන්වනතුරුත් මුන් හොරා කෑම නතර නොකරන බව අපිට සහතිකය.අද රටේ ජනතාවට ඇත්තේ උදේ හවස මුන්ටහෙන ඉල්ලීමම පමණි.







