තමන්ට එරෙහි වන මාධ්‍යවේදීන් ජනපති නන්දසේනට ඇලජික්ය.දරුණුම විදියට මූලම පාත්වෙන ජනපති නන්ද සේන සමහර වෙලාවට මරදානේ චොප්පේට අඳින්නේය.මේ හාදයා ආරක්ෂක ලේකම් කාලයේ චොප්පෙට ඇඳ කළ තර්ජනයක් ගැන ඊයේ පෙරේදා දවසක පෝද්දල ජයන්තත් ,සනත් බාලසූරියත් සයිබරයේ ලියා තිබුණේය.හැබැයි මේ දෙන්නා ආරක්ෂක ලේකම් නන්දෙගෙ තර්ජනය පයිසෙකට ගනන් අරන් තිබුණේ නැත.ඒත් ඊට පස්සේ දවසක පෝද්දල ජයන්ත කුදලා ගෙන ගොස් ඇට මුං ඇට වෙන තරමට නෙළා කැකිල්ල ගාලකට විසි කර දමාගොස් තිබුණේ ආරක්ෂක ලේකම් ගේ දඩ බල්ලන් රැළය.ඒ ගැන සාක්ෂිි ඕනෑ තරම් තිබේ.මේ නන්දසේන අමුම අමු බයගුල්ලෙකි.යහපාලනය දවස්වල වැලිකඩ කූරු ගනන් කරන්න යන්න වේයැයි හිත හිතා මේකා හිටියේ ජංගියේ චූ ගිය සයිස් එකේය.යුද්දය කාලයේ මොළේ අමාරුවක තියෙන බවට මෙඩිකල් කන්ඩම් කරගෙන හමුදාවෙන් අස්වී රට පැන්න නන්දයා ඇමරිකාවේ එදා වේල ටුවර්ස් ජොබකට සෙට් වී යාන්තම්න් ජීවිතය ගැට ගහගත් එකෙකි.ඒත් අයියා සිරි ලංකාවේ ජනපති වී මේකා ආරක්ෂක ලේකම් පුටුවේ වාඩි වීමෙන් පසුව අවුරුදු දෙකකදී කැලිෆෝනියාවේ ඉඩමක් හා නිවසක් මුදලටම ගන්නට වාසානාවන්ත විය.ඒ රුසියන් මිසයිල් වලින් පොකට් ගැසූූ කොමිස් වලනි.
උඩු බුරාගෙන පැන්න පැන්ෂන් වෙදා
මේ හොරගෙඩියාට වැහි නැති හෙණ පාත් නූනාට මේකා ජනපති වූවාට පසුව රටට ජනතාවට සිදුවී ඇති හා සිදුවෙමින් පවතින විපත්ති කෙළවරක් නැත.පාදඩ රාජපක්ෂ සනුහරය විසින් කිසිම හිරිකිතයක් නැතිව සිදු කර ඇති අතේ මාට්ටු වංචා හොරකම් දූෂණ වලට උන්ටත් උන්ගේ පවුල් සමාගමේ කිසිම එකෙකුටවත් ඉහෙන් බහින රෝගයක් නැතුව තියෙද්දී දැන් විඳවන්න සිදුවී ඇත්තේ ජනතාවටම බව කවුදෝ කොහේ හරි ලියා තිබුණි.ඒක ඇත්තය.මේ හොර ගෙඩියන් රජවරුන්ට අන්දා වඳින පුදන කාලකණ්නි ජනතාවට පළමුවෙන් දඬුවම් දිය යුතුයැයි දෙවියන් සමහරවිට සිතන්නට ඇත.ඒ විඳවීම කෙළවර මේ හොර හැත්තටද දඬුවම් ලැබෙන බව නම් නිසැකය.
ජනපති නන්දසේන ගේ ගෝත චන්ඩිකම් හිතට ගත් හෙංචයින් රොත්තක්ද සිටී.අද ලංකා දවසට වාර්තා වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකයැයි කියා ගන්නා එවැනි පොරක් ගැනය.ජනපති නන්දේ ගේ හයිරන්කාර කම ඇඟට ගැන මේ කබ්බා සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබුණු මාධ්‍ය සාකච්ඡාවක් අවසානයේ එයට සහභාගි වූ මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබුණේය.සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේධියකු ප්‍රශ්න කර ඇත්තේ නුවර පැත්තේ ස්පුට්නික් වී එන්නත ලබාදෙන විට පළමු එන්නත් මාත්‍රාව පමනක් ලබා ගැනීමට කැමැතිදැයි සඳහන් කොට කොල කෑල්ලක අත්සන ගන්නා බවට පල වී ඇති වාර්තා සත්‍යදැයි යන්න ගැනය.
එම මාධ්‍ය සාකච්ඡාව අවසන් වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊනියා මාධ්‍ය ප්‍රකාශකයැයි කියාගන්නා හේමන්ත හේරත් නැමති පැන්ෂන් වෙදාට පාතාල මදූෂ් ආවේශවී එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇත්තේ තර්ඩි ක්ලාස් මාධ්‍යවේදියො වෙන්න එපා.පහුගිය කාලෙ මැරුම් කෑවෙ තර්ඩ් කලාස් මාධ්‍යවේදියෝ කියමිනි.ජනපති නන්දේගේ ගං කබරයන් කිඹුළන් විදියට ෆෝම් වෙන්න හදන එක ගැන අපට ඉල ඇට ඇදෙන තුරු හිනාවෙන්නට පුළුවන.
ඒත් මේ ගං කබරයා ගැන මුහුණු පොතේ කවුදෝ අපූරු කමන්ටුවක් එල්ලා තිබුණි. ඒ මේකා මොකාට හැමිනිලා ජාතක වුන එකෙක්ද යන්න හොයන්න ඕනෑ කියාය.මේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැන්ෂන් ගිය පිසාච කබ්බෙකි.සෞඛ්‍ය ඇමතිනියගේ ඔඩොක්කු කුක්කෙකු නිසා මේ කබ්බා නැවත සේවයට එක්වී ඇතැයි අපට දැනගන්නට තිබේ.මේ පැන්ෂන් වෙදා තර්ඩ් ක්ලාස් මීඩියා කාරයන් යනුවෙන් හදුන්වන්ට ඇත්තේ ජනපති බොස් ආරක්ෂක ලේකම් කාලයේ වැඩ දුන්න ලියන්නෝ ගැන වෙන්ට ඕනෑය.එහෙමනම් මේ වස්සා හිතන් ඉන්නේ මීඩියාකාරයෝ දැඟළුවොත් අද වුනත් ඇඩ්‍රස් නැති මරණ සහතික ලියන්න බැරි කමක් නැති වගය. ඒ ගැන ඉතින් අපට ලියන්නට ඇත්තේ අනේ නාකි පැන්ෂන්කාර ගොන් කබ්බෝ ගෙදර ගිහිල්ලා දරු මල්ලන්ට පවු නොදී බණක්භාවනාවක් කරගෙන ඉඳහං කියාය.