ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පති අමතා පසු ගියදා කුරුණෑගල නගරාධිපති ගේ උපන්දිනයට මුලස්ථාන පොලිස් පරික්ෂක හා සහකාර පොලිස් අධිකාරි විසින් සංවිධානය කරන ලද පාටිය පිලිබදව පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් අරම්භ කරතිබු විමර්ෂණය වහාම නතර කරන ලෙසට දැඩි ස්වරයෙන් දැනුම් දී ඇත.
ලාංකීය දේශපාලනය තුල නිතිය හා සාමය බලුවන සෑම අවස්ථාවක්දීම බලය හොබවා ඇත්තේම රාජපක්ෂවරුය. එදා මහින්දරාජපක්ෂ සමයේ රටේ ආරක්ෂක ලේඛම් ලෙසට සුදු වෑන් වලින් රැගෙන ගොස් මිනි මැරුවේත්,ලසන්තලා ,තාජුදීන්ලා,එක්නැලිගොඩලා මැරුවේත් පෝද්දල ජයන්තලා ගේ අත් කකුල් කැඩුවේත් වර්තමාන ජනාධිපති ගෝඨාභය ගේ සෘජු නියෝග අනුවය .
තම හෙන්චයියන් මිනිමැරුවත් බේරා ගෙන රටට නිතිය ක්‍රියාත්මක කරනබව පෙන්වීම තක්කඩි අපරාධකරුවන්ගේ ස්වභාවයයි. ඒ බව තවත් තහවුරු කරමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට හෝ අඩුමතරමින් ඔහුව කැදවා විමර්ෂණයක් නොකරන ලෙසට ජනාධිපති පොලිස්පති වික්‍රමරත්න මහතාට නියෝගකර ඇත.
ඒ අනුව පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයෙන් සිදුකල විමර්ෂණය වහාම නතර කිරීමට පොලිස්පතිට සිදුව ඇත.
මෙය නිතිය බලු වීමත් රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ නැති බැරි අයට මිස ඇති හැකි අයට නොවන බවට අපි සහතිකවම කියන්නේ ඒ නිසාය. 69 ලක්ෂක් පැතු බුද්ධිමත් වෙනස මෙය දැයි අපිට තවමත් ප්‍රෙහෙලිකාවකි.