ලෝකයේ දුප්පත් පෝසත් සියලු නායකයන් තම රටේ ජනතාව කොරෝනා ව්‍යසනයෙන් මුදා ගැනීමට තම ආණ්ඩුවේ සියලු කැපකිරීම සිදු කරතත්, ශ්‍රි ලංකාවේ ජනාධිපති ප්‍රධාන කැබිනෙට්ටුව කොරෝනාවට රටේ ජනතාව බිල්ලට දී හෝ යහමින් ගජමිතුරන්ට කුට්ටිය කඩා ගැනීමට මාන බලන තවත් මාරාන්තික නිෂ්පාදනයක් මුවාවෙන් සිදුකිරීමට යන කුප්පි පිරවීමක් පිලිබදව අපිට වාර්තාවී ඇත.
නිලමැස්සන් එන්නේම අසුජි සොයා ගෙන සේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනත්
වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශත් යන්නේම ජරාව සොයාය. මේ දෙනෙනාගේ ගැහිලි එකිනේක අපි ඉදිරියට ගෙන එන්නෙමු. මොවුන් දෙදෙනා අළුතින්ම යන්නේ රාජපක්ෂලා ගේ පාරේය. ඒ රටේ ජනතාවට පෙර තම සාක්කුව පුරවා ගැනීමේ න්‍යායයි. ඒ අනුව කොරෝනා වසංගතය වෙනුවෙන් මේ වනවිට ලෝකයේ නිර්දේශිත එන්නත් වලට අමතරව චීන රජයට පරිභාහිරව චීන ජාතික ව්‍යාපාරිකයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත ශාලවක් හරහා මෙරටට “සිනෝවැක්ස් “නැමති එන්නත නිෂ්පාදනයට සුදානම් බවට පසු ගිය සතියේ සිට “ගැහිලි සුමන” හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කොට තිබුණි. එම එන්නත මෙරට නිෂ්පාදනය කරන බවත් අපේ රටේ නිෂ්පාදනයන් විදෙස් රටවලට යැවීමටත් පසුව සුදානම් බවට ප්‍රකාශ විය. ඒ පිලිබදව ඉතාම සතුටින් අපි අද කරුණු සොයා බලන විට හෙලි වුයේ අපුරු සිද්ධි දාමයකි.
ඊයේ දහවල් හදිස්සියේම ( State Pharmaceutical Corporation ) ( SPC ) රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථා වේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා , ( SPMC )වෛද්‍ය උත්පල ඉන්ද්‍ර වංශ සමඟ මෙම එන්නත නිෂ්පාදනය කරනවායැයි කියනු ලබන කර්මාන්තශාලා හිමිකරු වු නඩරාජා යන අය ද සමඟ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority ) (NMRA) සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා, වෛද්‍ය කාන්ති නානායකාර මහත්මිය,වෛද්‍ය කමල් ජයසිංහ මහතා, හා තවත් ජතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයන් කණ්ඩායමක් සමඟ මෙම සාකඡ්චාව ඉතාම හදිසියේම පැවැත්විය.
ඊට සහභාගි වු පල්ලකැලේ ආයෝජන කලාපයේ පිහිටි කෙලුන් ලයිෆ් සයන්ස් (kelun life sciences (pvt) limited ) පුද්ගලික සමාගමේ හිමිකරු වු ඉන්දියානු ජාතික නඩරාජා මහතාද සමඟ විය. මෙම සාකඡ්චාවේදි ප්‍රථමයෙන්ම පැන නැගි ඇති ගැටලුව මෙම නිෂ්පාදනය ඉතාම හොද දෙයක් වුවත්, ඊට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුගමනය කරනු ලබන් ක්‍රියාවලිය තුල සපරාලිය යුතු කරුණු ඉතාම සුවිශේෂිතය. මේ සියල්ලම අවසානයේ තීරණය වන්නේ ලංකාවේ මිනිසුන් ගේ ජීවිත සමඟ බව ඉතාම පැහැදිලිය. ඕනෑම ඖෂධක් පිලිබදව NMRA අනුමතිය දීමට පෙර ඊට අදාල අවම මාස 06 ක කාලයක් තුල දී එම එන්නතේ සිදුවීම හා ඊට ඇතිවන අතුරු ආබාධ ,සංකුලතා, පිලිබදව සවිස්තරාත්මක් පැහැදිලි කිරීමක් සහිත වාර්තාවක් ලබා දිය යුතුය.
මේ පිලිබදව ඊයේ සාකඡ්චාවේදි සභහපති වෛද්‍ය රසිත විජේවන්ත හා මෙරට සිටින වෛරස් පිලිබද විශේඥ දැනුමකින් යුක්ත වෛද්‍ය කාන්ති නානායක්කාර හා වෛද්‍ය කමල් CEO යන අය වලුන් විමසා ඇත. එසේම මෙම කෙලුන් ලයිෆ් සයන්ස් (kelun life sciences (pvt) limited ) පුද්ගලික සමාගමේ කර්මාන්තශාලා හිමිකරු ගෙන් තම කර්මාන්ත ශාලාව තුල වෙනත් වර්ගවල බෙහෙත් පෙති නිෂ්පාදනය සිදු කිරීමේ හැකියාව ඇතත්, ඇමරිකාව ,එංගලන්තය වැනි දියුණු රටවල ඇති තාක්ෂනික දැනුමක් ඇති හා ඊට අදාල පරියේෂනාගාරයක් නොමතිව මෙවනි විශේෂිත වෛරසයකට එන්නතක් නිපදවීමට ඇති හැකියාව පිලිබදව දිගින් දිගටම විමසීමේදි නඩරාජා ගේ බළළා එලියට පැන ඇත.
” මේකට ලැබ් අවශ්‍ය නෑ අපි චීනෙන් බැග්ස් වලට පුරවලා මේ වැක්සින් ගෙනල්ල මගේ පල්ලකැලේ ෆ්ක්ට්‍රියෙදි අපි කුප්පිවලට දමලා ලේබල කරනවා මිලියන් 06 ක ලොට් එකක් මම අගෝස්තු වෙන්න ඉස්සර ඉල්ලුවා , මට ඉක්මනින් මේක කරලා HE ට (High excellency president ) දෙන්න ඔනි……..”.
ඒත් සමඟම නඩරාජ ගේ කොමිස් වලට උඩු බුරලන් සුනඛයෝ දෙන්නෙකු වු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ එකවරම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාකඡ්චාවට පැමිණි සියල්ලන් ගේම ඇඟට පැන ඇත. රටේ ජනතාව ට නිසි ප්‍රමිතියෙන් තොරව මෙවනි එන්නතක් ජනතාවට ලබාදීමට අනුමතිය දිය නොහැකි බව ඔවුන් එක හෙලාම කියා ඇත.
තම වගකීම ඒ පිලිබදව නිසි ක්‍රම වේදය අනුගමනය කිරීම බවත්, මේ වෛදවරුන් පහදා දි ඇත. අවම වශයෙන් “ප්‍රොජට් රිපෝට් ” ඒකක්වත් නැතුව අපි ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේදැයි විමසා ඇත.
“මම එචි එක්ක ඒක බලා ගන්නම් “…..
යුතුයැයි කියා සිටින ආයතනයේ නිලධාරින්ට මෙසේ කඩා පැන ඇත්තේ තමාට ලැබීමට යන කොමිස් කුට්ටිය නැති වීමට් ඉඩ ඇති නිසාවෙනි. ස්යිඩ් මාස්ටර් ෆ්යිල් ඒකක්වත් නොමතිව මෙවැන්නක් පිලිබදව කිසි සේත් අපිට අනුමත කල නොහැකි බව වෛද්‍ය විශේෂඥයන් කියද්දීත් ප්‍රසන්න ගුණසේකරට අවශ්‍යවී ඇත්තේ මෙය කෙසේ හෝ සිදු කොට නඩරාජා ලවා මෙරටට ගේන චීන එන්නත් ද්‍රාවනය කුප්පිවලට පුරවා රටේ ජනතාවට එන්නත් කිරීමටය.
තවමත් මෙරට දෙමාපියන්ට ජාතක වෛද්‍ය දු, පුතුන් යම් ප්‍රමානයක් හෝ සිටින නිසා අහිංසක ජනතාව ගේ තවමත් යන්තම් පණ බේරී ඇත. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය ගේ සෘජු මැදිහත් වීම නිසාම අවසානයේ මෙම සිනෝවැක්ස් මෙරට නිපදවීමට හොදින් හෝ නරකින් අනුමැතිය ලබාගැනීම සිදු වනු ඇත.
ඒත් දැන් ජාතික ඖෂධ නියාමන් අධිකාරිය (NMRA ) දැනුම් දී ඇත්තේ කොරෝනා වෛරසය පිලිබදව ඒවනි එන්නතක් නිපදවීමට අවශ්‍ය දැනුම සහිත හා ඒ පිලිබදව අනුමතිය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙකු ගේ මැදිහත්වීමෙන් මෙය සිදු කල යුතු බවයි. එසේ නොවි චීනයෙන් ගෙන එනු ලබන කුමක් හෝ මෙරට බෝතල් කර රටේ ජනතාවට එන්නත් කොට සිදු වෙන විනාශය වර්තමානයේ ,අනාගතයේ දී පවා විනාශයක් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA ) පෙන්නා දී ඇත.
ඒත් ඒ සියල්ලටම වඩා බලවත් ජනාධිපති ගෝඨාභය ගේ අනුහසින් ගාන සොයන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා පින්සර උත්පල විසින් ඖෂධ නියාමන අධිකාරියේ (NMRA ) බාලසුරිය හා මොනිකා ද ඇතුළුව තවත් නවකයන් 03 දෙනෙක් යොදවා ගේන බලහත්කාරයෙන් නිසි ප්‍රමිතියෙන් තොරව සිනෝවැක්ස් එන්නත මෙරට කුප්පිවලට අසුරා ලේබල් කරනු ඇත.
ඊට දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතිය දුන් බවට වෛද්‍ය පින්සර උත්පල ඉන්ද්‍රවංශ නැමති අයගේ මුහුණුපොතේ සදහන්ව තිබුණි. ඒ පිලිබදව අප වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කොට ආසියා ෆැසිපික් කලාපයේ අධ්‍යක්ෂක ගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් සිටිමු.
මෙය “හොරාට පෙර කෙසෙල් කැන වැට පැනීමක් “ බව අපේ නිඟමනයයි. ප්‍රසන්න ගුණසේකරලා පින්සර ලා මේ තටමන්නේ රාජපක්ෂ න්‍යාය මුලට දමා රටේ ජනතාව මරා හෝ තම දරුවන්ට සල්ලි සෙවීමටය. චීනුන් ලෝකයට දුන් කොරෝනාවෙන්ම ලංකාවේ කළු චීන්නු ගොඩ යාමට දැන් වලි කෑවත් තවමත් බල්ලන්ට ජාතක නොවු දු පුතුන් වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් සේ සිටින බව අපි වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට හා පින්සර උත්පල ඉන්ද්‍රවංශට මතක් කරන්නෙමු. පින්සර උත්පල ගේ මුහුණු පොතේ යොදා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කලා යැයි කියනු ලබන සටහන් මේ සමඟ ඇත. මෙය අපි මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් සිටිමු.
රටේ ජනතාව මේ තිරිසන් ක්‍රියාවට තම දරු මුණුබුරන් බිල්ලට දී නිහඩව සිටිනවාදැයි විමසන්නෙමු. අපි මේ වනවිටත් වගකිවයුතු මාධ්‍යක් ලෙසට ලෝකසෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කර පිලිතුරු බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.
මේ පිලිබදව තවත් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනබව වගකීමේ සදහන් කරන්නෙමු.
