උණුසුම් පුවත්

හිටපු  සෞඛ්‍ය ඇමති රාජිත උන්නැහේගේ කෙරුවාව – තප්පුලන්නට තටමන බටු ගොන්නු

Spread the love

ගොනා වටිනා සතෙකි.ඌ අයිති ගෝ කුලයටය සිංහයාත් බළලාත් අයිති වන්නේ බිළාල කුලයට වූවා සේම වෘෂභ රාජයාත් බටු ගොනාත් අයිතිවන්නේ එකම කුළයටය.මෙම හැඳින්වීම පසුකාලීනව විද්‍යාඥයන් කළ හැඳින්වීම් මිස ස්වභාව ධර්මයේ පරිනාමීය මෙහෙයුම් නොවේ.ගෝ කුලයෙන් මිනිසාට ලැබෙන සම්පත් පහක් ගැන ඉපැරිණි භාරතීය සෘෂිවරුන් පෙන්වූහ.ඒවා පස්ගෝ රසය.පස්ගෝ රස අතර ඉතාම දුර්ළභ වන්නේ ගෝ රෝචනය.එය කස්තිරි මෙන්ම දුර්ලභය.හැම මුවෙකුගෙන්ම කස්තුරි නොළැබෙන්නාසේම ගෝරෝචනද හැම ගොනෙකුගෙන්ම නොලැබේ.ගෝරෝචන පිටවන්නේ වංශවත් ගොන්නු තප්පුලන විටය.තප්පුන එකද හැම ගොනෙකුටම කළ හැකි දෙයක් නොවේ.ගෝ කුලයට අයත් වංශවත් ගොන්නු තප්පුලන විට සමහර බටු ගොන්නු තප්පුලන්නට තටමති.වෙනස වන්නේ වංශවත් ගොන්නු තප්පුලද්දී ගෝරෝචන පිටවන විට බටු ගොන්නු තප්පුලන්නට තටමද්දී මල මුත්තර වැගිරෙන එකය

ලේ මාපිලුන්ගේ පුරුද්ද…..
මේ ලියවිල්ල අපට සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාවට ගලපා ගන්නට හැකිය.ඒ හිටපු  සෞඛ්‍ය ඇමති රාජිත උන්නැහේගේ  හා  වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය පවිත්තරා නෝනාගේ හා ජනපති නන්දසේනගේ  කෙරුවාව ගැන කියන්නටය.
යහපාලනයේ සෞඛ්‍ය ඇමති රාජිත හා ගොමා සංගමයේ වෙද්දු ටිකද පඩික්කම් ගණින්නාන්සේලා සැටි එකද වියතක් නොවූ වියතුන් අතරද තිබ්බේ නයි මුගටි ගනුදෙනුවකි.ඒ දවස්වල  මේ හැම දෙනාටම රාජිත තරම් බයිටක් යහපාලනයේ තිබුණේ නැති ගාණය.රාජිතගේ කටට බ්‍රේක් නැතිය.ඒ හන්දාම රාජපක්ෂ සනුහරේටද රාජිත ඇලජික් විය.ඒ දවස්වල මේ ඇමති රාජිත ගැන අපටද කැක්කුමක් තිබුණේ නැත.⁣අප ඒ දවස්වල  ඇමති රාජිත දැක්කේ යහපාලන පයිත්තියන් ආණ්ඩුවේ කයිවාරු කෙළින තවත් ඇමතියෙක් විදියටය.
ඒත් දැන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්තරා නෝනා හා ජනාධිපති නන්දසේන කෙළින පිස්සුව දැක්කාම ඇමති රාජිත එක්ක මේ නෝනා⁣ට හැරෙන්නටවත්  බැරි බව අපට වටහාගන්නට පුළුවන.ඒ කයිවාරු කාරයෙක් විදියට ඇමති රාජිත සිරි ලංකාවේ ජනතාවට ඉටු කළ යෝද කෙරුවාව මේ පවිත්තරා නෝනා හාමුට කරන්න තියා හිතන්නවත් බැරි බව දැන් දැන් වෙන වැඩ වලින් තේරුම් යන නිසාය.අප හිතුවෙි ජනපති නන්දදසේන සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාව අප්පට සිරි හැඩයට උස්සනවා ඇත කියාය.ගොමා වෙද්දු සැට් එකද අප ගොනාට ඇන්දුවේ නන්දසේන තරම් වැඩකාරයෙක් මේ ලෝකයේ කොහේවත් නැති ගාණටය.කෝමත්  ඒ දවස්වල  ගොමා වෙද්දු ⁣සැටි එකට ඇමති රාජිත ඇලජික් වුනේ ඔහු දත් දොස්තරයෙක් නිසා බව අපට නිකමට සිතේ.අප එහෙම නිකමට හිතුවත් ඒ අවුල අස්සේ තව කාරණාද තිබේ.ගොමා වෛද්‍ය සැට් එක විශේෂඥ වෙද්දුය.සිරි ලංකාවේ විශේෂඥ වෙද්දු බොහොමයක් ලේ මාපිල්ලුය.අවසන් හුස්ම යන්නට තියෙන එකෙක් ගෙන් හරි ගාණක් කපා ගන්න එක මේ ලේ මාපිලුන්ගේ පුරුද්දය.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය සේවාවට ආ ⁣මෙි වෙද්දුන් හිතන්නේ මහ පොළොවේ ජීවත් වූවන් විදියට නොවේ.මේ වෙද්දු මනුස්සයෙක් එක්ක  හිනාවෙන්නේ ඒ මනුස්සයාගේ කූර පයියේ තියෙන මොණර කොල මිටි දකින තරමටය.කුලීකාර පන්තියේ අප්පුලාගේ ලොකු හාමිනා⁣ලාගේ සොයිසාලාගේ සිල්වලාගේ දරුවන්වූ මේ වෙද්දු ටයි පිටියෙන් බෙල්ල තද කරගෙන ස්ටෙතස්කෝපය උරහිස උඩදාගත්තාම හිතන්න ගන්නේ අපි නැතිනම් රටම කෙලවෙනවා කියාය.තමන්ගේ කුලී කාර මවු පිය ජාතකය පිළිබඳවත් මේ සැටි එකට හීනමානයක් ගැට ගැසී තිබේ.එහෙත්  ඇමති රාජිත මේ පොර මේනියා වෙද්දුන්ට සැලැන්ඩර් නොවූ ඇමතියෙක් බව අපට දැන් තේරුම් ගන්නට පුළුවන්ය .⁣සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාවට වැහී තිබුන ⁣මහසෝන් පිල්ලි තඹ දොයිතුවකට මායිම් නොකර ඇමති රාජිත ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය   සේවාවට ඉෂ්ට සිද්ධ කළ කාර්ය භාරයේ වැදගත් කම තේරුම් යන්නේ  අද දවසේ සිද්ද වෙන සෙප්පඩ විජ්ජා දකින විටය.ඇමති රාජිත රෝගී අසරණ මිනිසුන් වෙනුවෙන් ඉටු කර තිබූ සේවාව පෝලිමට තියා ආඩම්බරයෙන්  ලියන්න පුුුළුවන් බව වර්තමානයේ පවතින සෞඛ්‍ය සේවාව හා යහපාලන සමයේ සෞඛ්‍ය සේවාව අතර පවතින බැරූරුම් කාර වෙනස සොයන විට අපට තේරුම් යන ලදී .ඒ වැඩ පෝලිමේ පළමු කාරණය විදියට බොහොම ආඩම්බර විදියට ලියන්න පුළුවන් වෙන්නේ පිලිකා රෝගීන්ට අවශ්‍ය කරන එන්නත් හා බෙහෙත් ගෙන්වීම රජයේ වියදමින් සිදු කිරීමට ගත් දැවැන්ත තීරණයයි.එතෙක් කල් පිලිකා රෝගී ප්‍රතිකාර වලට අත්‍යවශ්‍ය එන්නත් හා ඖෂධ රෝගීන්ට ගැනීමට සිදු වූයේ අතේ ඇති මුදලටය.එහිදී ඇති හැකි එකාට යන්තමින් හෝ ජීවිතය ගොඩ දාගන්නට පුළුවන් වූ අතර නැති බැරි එකාගේ පවුලට සිදු වුයේ සුදු කොඩි දාන්ටය.
එදවස එම එන්නත් හා ඖෂධ ගෙන්වූයේ  බවර් සමාගමෙනි.මේ ඖෂධ සියල්ල රජය මැදිහත් වී පිටරටින් ගෙන්වා රෝගීන්⁣ට නොමිලයේ දීමට  ගත් තීරණයට හොඳටම රිදුනේ ඒ සමාගමටය.සමාගම කේන්තිය පිට කෙරුවේ ඇමතිි රාජිතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ගැන පැමිණිලි කරමිනි.ඒ නඩුව අහන්න ගත්තු  හැටියේම මාරම මාර වැඩක් වුනේය.විශේෂඥ දොස්තර ඩබලක්ද සමාගමට සපෝට් එක⁣ට නඩුවට එල්ලුනෝය .විශේෂඥ දොස්තර දමයන්ති පීරිස් හා විශේෂඥ දොස්තර ටෙහාන් ගුණසේකර ඒ  ඩබලය.මේ විශේෂඥ දොස්තර ගුණසේකර රාජකාරි වෙලාවේදී හේමාස් හොස්පිට්ල් එකේ ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන්නට ගොස් අතේ මාට්ටු වුන පීචං පොරකි. මේ නඩුවේ තීන්දුව දකින විට පවුකාර දොස්තර ඩබලට හා එවුන්ගේ පවුල්වල ඈයොන්ට  තවමත් රෙදි ඇඳගෙන සමාජයේ ඉන්ට පුළුවන්දැයි අපට ප්‍රශ්නයකි. මහ උසාවියෙන් කීව්වෙි මේ විදියට නොමිලයේ රෝගීන්ට බෙහෙත් දෙන්න එපා යැයි තහංචි ඉල්ලන එක ගැන දොස්තරලා විදියට  ඔහෙලා ලැජ්ජා⁣ වෙන්න ඕනෑ කියාය.කෝමත් මේ බොහොමයක් වෙද්දුන්ට  වඩා පිටකොටුවේ බෝ ගහ යට ඇඟ විකුනන අය මානුෂිකය.උතුම්ය.ශ්‍රේෂ්ඨය. 
ඇමති රාජිත රජයේ රෝහල් වල අක්ෂි කාච බද්ධය නොමිලයේ කිරීමටද  පියවර ගත්තේය.ඒ වන විට එක් අක්ෂි කාච බද්ධයක් සිදු කර ගැනීමට රෝගියකු රුපියල් විසිපන්දාහක මුදලක් වැය කරන්නට සිදුව තිබුණි.අක්ෂි කාචබද්ධ සිදු කරණ සැත්කම් සිදු කරන එක දිනයකදී එම රෝහල් අසල තිබු ඖෂධහල්  අක්ෂි කාච විකිනීමෙන් තිබූ ආදායම ලක්ෂ තිහ හතලිහ ඉක්මවා ගිය බව මේ ලියුම්කරු සිදුකළ ⁣ගවේෂණයකදී  අනාවරණය කරගෙන තිබුණි.ඖෂධ හල් එම ආදායමෙන් සියයට දහයක ප්‍රමාණයක් අක්ෂි සැත්කම් සිදු කළ විශේෂඥ වෙදාගේ ගිනුමට බැර කළ යුතුව තිබුණි.එය සිද්ධ වූයේ  අලෙවි කළ අක්ෂි කාච අයත් වෙළඳ සමාගමේ මැදිහත් වීමෙනි.ඇමති රාජිතගේ මැදිහත් වීම නිසා ඇස් කුණකු⁣ටු මාෆියාව⁣ තොලොංචි විය.ඒ අතරම හෘද සැත්කමක් සඳහා වූ ස්ටේන් නොමිලයේ ලබා දීමේ වැඩක්ද ඇමති රාජිත ගෙන් ඉටු කෙරුණි.ඒ වන විට හෘද සැත් කමකට මුහුණ දෙන රෝගියෙකුට රුපියල් තුන් ලක්ෂ පනස් දහක් පමණ වැය කරන්නට සිදු වී තිබුණි.මේ මුදලින් ලක්ෂයක  අනියම්  හිමි කාරිත්වය සැත්කම කරන ලොකු වෙදාටය.ඒ වනතුරු ස්⁣ටේන් ගෙන ආවේ ඉන්දි⁣යාවෙන් හා රුසියාවෙන් වන අතර නොමිලයේ දීමට සැකසූ වැඩපිළිවෙල තුල  ඒවා ගෙන් වූයේ ඇමරිකාවෙනි.ඒ අතරම හෘදයා බාධයක් වැළඳී රෝහළට ඇතුළත් කරන රෝගියකු පැරලයිස් වීමේ අවදානමක් පැවැති අතර ඇමති රාජිත ඒ සෑම රෝගියෙකුටම අවශ්‍යකෙරෙන එන්නත නොමිලයේ දීමට සැලසුම් කිරීම නිසා ඒ අවදානම නැතුව පැය භාගයකින් එවන් රෝගියෙකුට සුවපත් වීමේ අවස්ථාව උදාවිය.ඒ අතරම ගනනය වෙමින් තිබුනේ හදිසි හෘදයාබාධ වැලඳී  රෝහළට ඇඩ්මිට් වෙන රෝගීන් හය දෙනෙකුගෙන් පහ දෙනෙකුම මිය යන බවකි.එහෙත් ඇමති රාජිතගේ මැදිහත් වීම නිසා ඒ රෝගීන් හය දෙනාටම  තව දුරටත් ජීවිතය භුක්ති විදීමට ඉඩ සැලසිනි.මේ රටේ උපතේදීම ශ්‍රවණාබාධිතව  වසරක් තුළ ඉපදෙන  එක දහස් දෙසීයක් පමණ වන දරුවන් සඳහා කර්ණ ශංඛ බද්ධය නොමිලයේ කිරීම ඇමති රාජිත විසින් ඉටු කළ තවත් පුන්‍ය කර්මයකි.රෝගී ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මිල පාලනය කිරීම සිදුවූයේද රෝහල තුල සියළු වෛද්‍ය පරීක්ෂණ සිදුකළ යුතු බවටද  බාහිර රෝගී ප්‍රතිකාර අංශය රාත්‍රී දහය දක්වා විවෘතව තබා ගැනීමටද උපදෙස් ⁣සපයන ලද්දේ මේ ඇමති රාජිතය.ඒදවස්වල පැන⁣ඩොල් පෙත්ත රුපියල් දහතුන දක්වා මිල අඩු කෙරිණි.
ඇමති රාජිත හා ගොමා වෙද්දු නයි මුගටි වෛරයට හේතුව ⁣කවරේදැයි දැන් මෙය කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත.ඉන්දියානු ඇම්බියුලන්ස් ලංකාවට නොමිලයේ ප්‍රදානයක් ලෙස ලැබෙන විට මේ ගොමා වෙද්දු හා පෝට්ටුවේ පඩික්කම් ගනින්නාසේලා නැගූ වෛරක්කාරී අදොනා සාපකිරීම් හා බියවැද්දීම් සමාජයට දැන් අමතකය.ලංකාවේ උන්ට හැම දෙයක්ම මතක දවස් හතක් විතරක් බව වැලිකඩදී මරා දැමුණු දමිළ ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස නම් කළ කුට්ටුමනී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රකාශ කර බව කියවේ.
සභාපති මහචාරියා…….
ඊයේ පෙරේදා දවසක කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගෙන්වීමට සිරි ලංකාවේ පෞද්ගලික සමාගම් වලට ඉඩ දෙන ලෙසට ඉන්දියානු කෝවිඩ්  එන්නත් නිෂ්පාදිත සමා⁣ගමෙන් ලිඛිතව ඉල්ලීමකි කෙරුවේ අපේ ඖෂධ සංස්ථාවේ සභාපති තනතුරේ ඉන්නා මහචාර්ය වෙදාය.මේ  එන්නත් ගෙන්නා ගන්නට වලිකෑ සිරි ලංකාවේ පෞද්ගලික සමාගම මොකද්ද යන්න අපට රහසක් නැත.අපේ ඖෂධ සමාගමේ සභාපති මහචාරියා කෙතරම් දීන තිරශ්චීන බයාදු පන්නයේ බඩුවක්ද යන්න මේ යැවූ ලිපියෙන්ම තේරුම් ගන්නට පුළුවන.කතා දෙකක් නැත මේ  නපුසංකයා මේ ලිපිය ලියන්න ඇත්තේ ජනපති නන්දසේනගේ හා රාජපක්ෂ හැතිකරයට සම්බන්ධ ජාවරාම්කාරයන්ගේ ඕනෑ එපාකම් අනුව බව ඕනෑම පොඩි එකෙකුට තේරුම් ගන්නට පුළුවන  .එහෙත් මහචාරී කමක් නමට එල්ලාගෙන මෙතරම් නපුසංක වීම හිතාගන්නත් බැරි තරමේය.හැබැයි මේ මහාචාරී ගෝතයා වාඩි වී සිටින්නේ ඖෂධ සංස්ථාවේ සභාපති විදියට ඖෂධ මාෆියාවෙන්  අසරණයන් ගලවා ගැනීමට සටන් වැද ජීවිතයෙන් වන්දි ගෙවූ සේනක බිබිලේ නම් වූ මානව හිතවාදියා අසුන් ගෙන සිටි අසුනේය.පූජාසනයක් බදු වූ ඒ අසුන නපුසංක මහචාරියා රට කක්කුස්සියක් කරගැනීම ගැන අපට ඇත්තේ කණගාටුවකි.
ඒ අතරම අප මේ ලියවිල්ල ලියන්නේ ලංකාව අමු සොහොනක් ⁣වී ඇති හෝරාවකය.ජනතාව උද්දච්ච ගොබ්බ තක්කඩි පාලනයක තිත්ත රහ විඳින වෙලාවකය.
මං තමයි හොඳටම කෙරුවෙ…….
කෝවිඩ් රෝගය සිරි ලංකාවේ දොරට තට්ටු කළ ආරම්භයේ මේ තක්කඩි කාලකණ්නි පාලකයා හා ඔහුගේ තක්කඩි මැති ඇමතිවරුන්ගේ  කියුම් කෙරුම් නැවත මතක් කරගන්නා එකෙකුට මේ වන විට  රට පවතින අමු සොහොන් ක්‍රියා දාමයට වගකිව යුතු කවුරුද යන්න ගැන ගනන් හද හදා ඉන්න ඕනෑ නැත.කෝවිඩ් රෝගය ලෝක ව්‍යාප්තයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම පිළිපැදිය යුතු උපදෙස් මාලාවන් ප්‍රකාශයට පත්කෙරිණි.ඒ උපදෙස් මාලාවන් පඩේකටවත් ගනන් නොගත් ජනපතිි නන්දසේන මාධ්‍ය වෙත නෝක්කඩු පැවරුවේ හැමෝම කතා කරන්නෙ අරෙහෙ මෙහෙම කරනවා ⁣එහෙ එහෙම කරනවා ඒත් මං තමයි හොඳටම කෙරුවෙ ඒත් කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑය කියාය.ඒ ගොබ්බ ජනපතිට ගැලපෙන හාමිනේ කෙනෙක් වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්තරා නෝනා හාමු 2020පෙබරවාරි පස් වෙනිදා පාර්ලිමේන්තුවේ  සිදු කතාව හැන්සාඩ් ගතව ඇත්තේ මෙසේය……..
” …මේ රෝගයේ වර්තමාන තත්වය සලකා බලනවිට ජනතාව කිසිදු බියක් ඇති කර ගත් යුතු නැත..කෝවිඩ් රෝගය සිරි ලංකාවේ ප්‍රජාව තුළ පැතිරී යාමේ කිසිම අවදානමක් නැති බවටද අප සඳහන් කරන්න ඕනෑය.එබැවින් වර්තමානයේ නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම මෙම රෝගය වලක්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය යැයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නෑ……..අතිගරු ජනධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් සෘජුව මෙයට සම්බන්ධවෙලා ලෝකයේ කුමන තත්වයක් ඇති වුවත් අපේ රටේ මේ තත්වය මැඩලිමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා…”    
(05/02/2020  වෙනිදා  හැන්සාඩ් )
පවිත්තරා නෝනා හාමු මේ කටකයිසාරුව පාර්ලිමේන්තුවේදී පතුරනවිට ලංකාවේ කිසිදු ⁣කෝවිඩ් රෝගියකු හමුවී තිබුණේ නැත.
ඒ  අවදානම තිබියදී මේ තක්කඩි රැළ පර්ලිමේන්තු මැතිවරණය පවත්වා එහි බලය ඩැහැ ගන්නට හැකි විය.2020 අගෝස්තු 20 වෙන දින පැවැත්වූ 
පාර්ලිමේන්තු මංඟල රැස්වීමේදීද ජනපති නන්දසේන කෝවිඩ් රෝගය ගැන සිදු කළ උද්දාම කයිවාරු හැන්සාඩ් පොතේ සටහන් වී තිබේ
.”…..ලෝකයම අඩපන කළ කෝවිඩ් 19 රෝගයට අපට මුහුණ දෙන්නට සිදුවුනා මේ වසංගතය හමුවේ ලෝකයේ රටවල් හමුවේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දී එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට අපට හැකි වුනා.වසංගත තත්වයක් පැතිර යාම වැලැක්වීමට කටයුතු කළ ආකාරය විදේශ රටවල පවා ප්‍රසංශාවට ලක්වුනා………..”(පාර්ලිමේන්තු මංඟල රැස්වීමේදීද ජනපති නන්දසේන  20/08/2020 වෙනිදා  හැන්සාඩ් )
මේ වෙන කොට කෝවිඩ් රෝගීන් 2916ක් හා ආසාදිත මරණ  11ක් වාර්තා වී තිබිණි.
එතැන්සිට සිරි ලංකාවේ කෝවිඩ් රෝගය පැතිර යමින් තිබුණා 2020 නොවැම්බර් 11 දා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පාර්ලිමේන්තුවේදීී සිදුකළ කතාවේ රාජපක්ෂ හැතිකරයේ ගෝත්‍රික හා මිථ්‍යා දෘෂ්ඨික  මානසිකත්වය ගැනද රජය මේ රෝගයට ප්‍රතිකාර ගැන තබා ඇති විශ්වාසය ගැනත් යම් සඳහනක් තිබුණා.
“…….  මිනිසුන්ගේ යම් විශ්වසයන්ට අදාල ඉල්ලීම් තිබෙනවානම් බොහෝ අය ඇවිල්ලා ඉල්ලීම් කරන කොට ඒවා ඉටු කරන්නත් අපි යම් ආකාරයක අත හිත දීම් කරනවා මේ රට අදෘශමාන ශක්තීන් අධ්‍යාත්මික බලය පිළිබඳව විශ්වාස කරන රටක්….”
 ( 2020 නොවැම්බර් 11  වෙනිදා  හැන්සාඩ් )
විශේෂඥ වෛද්‍යවරියක වන සුදර්ශනී සිය ගෞරවණීය ආත්මය රාජපක්ෂ වරුන්ගේ ගොබ්බ ආකල්ප වලට පාවා දී ඇති බවට මේ කියවිල්ලෙන් තේරුම් ගන්න පුළුවනි .මේ අවදියේ බොහෝ නරිි නාටක සමාජගත වෙමින් තිබුණි.මහනුවර දළදා මාලිගයේ පිරිත් කළ ජලය රට චොපරයක් මගින් රට පුරාම ඉසීම ,කට්ටඬියකු දිශ්ඨි කළ පැන් කළ ගංඟා ජලයේ පා කිරීම,කාලි පැණිය බෙදා හැරිම ආදී මරි මෝඩ මිථ්‍යා විශ්වාස පදනම් කරගත් ක්‍රියා කාරකම්වලින් කෝවිඩ් රෝගය ටක්කෙටම මර්දනය වෙන  බව ගොබ්බ ජනපති හා රාජපක්ෂ හැතිකරය සිතා ගෙන සිටියහ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිශකත්ති කරණ එන්නත පිළිබඳව දිගින් දිගටම උපදෙස් දීම සිදුකරනු ලැබුවද මේ වාහෙලා ඒ පිළිබඳව කණකටවත් නොගත්තාහ. ඒ වන විට ලෝකයේ බොහෝ රටවල්  එන්නත් නිශ්පාදනය කරන සමාගම් වලින් එන්නත් ප්‍රමාණයන් වෙන් කර ගනිමින් සිටියහ.ඒ අතර කෝවිඩ් එන්නත සම්බන්ධීකරණයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වූ ලලිත් වීරතුංග  ඇතුළු කමිටුවක් ජනපති නන්දසේන විසින් පත් කෙරිණි.
එන්නත් ජාවාරම……..
මේ කමිටුවට පත් කරන ලද්දේ රාජපක්ෂ හැතිකරයේ හෙංචයියන්ය.සැබවින්ම පෝට්ටුව ⁣නියෝජනය කරමින් මේ වනවිටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහචාර්ය විතාරණ උන්නැහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග ගැන උපදේශකයෙක් ලෙස කටයුතු කළ විද්වතෙකි.සිරි ලංකාවේ තවමත් සිටින වි⁣ශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ලොක්කාද ඒ තනතුරු දැරූ අ⁣යෙකි.එහෙත් රාජපක්ෂ හැතිකරයට ඒ විශේෂඥ උපදෙස් ඇලජික්ය.එවුන්ට ඕනෑ කබ්බන් ෆෝම් කර නිදහසේ තමන්ගේ ජාවාරම් කරගෙන යාමටය. කොවිඩ් එන්නත් මිලයට ගැනීමේ සිට එන්නත් කරණය දක්වා වූ මගෝඩි වැඩ සිද්ධවෙන්නේ රාජපක්ෂ හැතිකරයේ අභිලාෂය එය නිසාය.ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දිය යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති උපදෙස් අනුව ප්‍රමුඛතාව හැඩ ගස්වා ඇත්තේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා,අත්‍යවශ්‍ය සේවා, වැඩිහිටි කණ්ඩායම් හා බෝවන රෝග හා සංකූලතාවලින් පෙළෙන  පිරිස් වශයෙනි.එහෙත් අද ⁣රටේ පොහොට්ටු දේශපාලකයන්ට මේ ලෝක සෞඛ්‍ය සංවිධාන එන්නත් කැටගරිය අදාල නැත.උන් එන්නත් දෙන්නේ උන්ගේ එවුන්ටය.නෑයන්ටය.පවුලේ වුන්ටය.තව ඉතිරියක් තිබේ නම් ඒවා මුදලට  තරම් ⁣නීච වී තිබේ .එහි හොඳම සාක්ෂිය වන්නේ සෞඛ්‍ය ඇමතිනී පවිත්තරා නෝන හාමු ගේ දෙවන  ලියාපදිංචි වාහේ රුපියල් දහදාහකට එන්නත විකිනූ බවට කලබ්බු ටෙලි ග්‍රාෆ් කර්තෘ උවිදු කුරකුලසූරිිිය⁣ගේ අනාවරණයයි.ගොමා වෙද්දු හොර රහසේ එන්නත් විද ගත් සැට් එකේ ⁣එක වෙදෙකුට ගෑනු තුන්දෙනෙකි.වෙද හාමිනේ කෙනෙකුට මිනිස්සු හතර පස්දෙනෙකි.වෛද්‍ය ආචාර ධර්ම ගැන උජාරුවට කයිවාරු ගහන ගොමා වෙද සැට් එකේ අශීලාචාර කෙරුවාව එහෙමය.
රාජිත සේනාරත්න වැන්නෙක් නොසිටීම……..
දැන් සිරි ලංකාවේ සිද්ධවෙන කෝවිඩ් ජාවාරම හා සසඳන විට රාජිත සේනාරත්න වැන්නෙක් අද සෞඛ්‍ය ඇමති පුටුවේ නොසිටීම ජනතාවගේ අවාසනාවකි.යහපාලන සමයේදී ඔහු  සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉටු කළ මෙහෙවර සම්මානීය වෙයි .ඔහු විසින් සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාවට ඉටු කළ කාර්ය භාරය අප මුලදී ලිව්වේ ඒ නිසාය.ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වූයේද එබැවිනි.කුඩුකේඩු දේශපාලන න්‍යාය පත්‍රවලට කර ගැසූ හා මංමුලාවූ රටට  රාජිත වැන්නන්ගේ මෙහෙවර ගැන සිතන්නට ඉඩ කඩක් නොපැවතුනි.රාජිත එදා ජනතාවට නොමිලයේ ලබා දුන් එන්නත් ඖෂධ පහසුකම් ජනපති නන්ද සේනගේ ආණ්ඩුව වැට බැඳ තිබේ .ඒ දිනවල මිල පහතට දැමූ ඖෂධ අහස උසට ගනන් වැඩි වී ඇත්තේය. 
ජාවාරම්කාර කූට්ටාලියෝ මේ දූපතේ……..
ඒ දිනවල අපගේ වීරයන් වූයේ කුපාඩි ගොමා වෙදුන්  චීවරධාරී පඩික්කම් ගනින්නාන්සේලා හා වියතක දැනුමක් නැත අම්බරුවන් රැළකි.මුන්ගේ තකතිරු ගොබ්බකම අද රටට තහවුරු වී තිබේ.මේ හැත්ත ගැන චරිත සහතික රටට අවශ්‍ය නැත.උන් විසින්ම උන්ගේ බුද්ධියේ දිග පලල හා අබ්බ ගොබ්බ  කෙරුවාව රටට තහවුරු ඇත. එහෙත් මේ අම්බරුවන්  රැළ සිටින තුරු කාලකණ්නිි රාජපක්ෂ හැතිකරය හා උන්ගේ ජාවාරම්කාර කූට්ටාලියෝ මේ දූපතේ
 රජ කරනු ඇත්තේය.ඒ වාගේම මේ ලියවිල්ල මුලදී ලිවු අවසානයටද ⁣ගොන් කතාව සදහන් කරන්නට ඕනෑය.
වර්තමානයේ රටේ සෞඛ්‍ය සේවාව ගුණාත්මක පාර්ශවය ගැන තප්පුලන බටුු ගොන් සැට් එකෙන් වැගිරෙන මල මුත්තරා ගඳ අපට උහුලා ඉන්නට බැරි වුනත් ඒ මලමුත්තර ගොරෝචනයයි එකතු කරගන්නා සට්ටැඹියන් රොත්තක්ද මේ රටේ සිටින බව සිහිපත් වෙන නිසාය.

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like