වෙනත්

රණවිරු රූකඩයාගේ නාඩගම

Spread the love

සිරි ලංකාවට හොඳ බැරි කරන්න බැරි වෛරසය රණවිරු මාන්දමය.අද වන විට පොඩි එකාගේ සිට මහ එකා දක්වාම මේ රණ විරු මාන්දමෙන් පෙළෙති.මේ රණවිරු රෝගයේ බරපතලකම වන්නේ රණවිරු මුද්‍රාගත හැම ගෝපයියෙක්ටම මිනී මරා නිදහස් වන්නට හැක.හොරකම් කරන්නට චාන්ස් එක ඇත.කොටින්ම කියතොත්  රටේ පවතින නීතිය ⁣රණවිරුවන්ට අදාල නැත. මේ ආකාරයට රණවිරු මුද්‍රාව සමාජයේ ඔළු ගෙඩි තුලට ඔබ්බවා කරන අසික්කිත හැම වැඩක්ම සාධාරණීය කිරීමේ න්‍යය සමාජගත කෙරුවේ ⁣මගෝඩි රාජපක්ෂවරුන්ය.රාජපක්ෂවරුන්ගේ දූෂිත කෙරුවාවේ අඩිතාලම ඇත්තේද ⁣රණවිරු කොන්ක්‍රීට් එක උඩය.කෙසේ වෙතත්ම මේ රණවිරු නාඩගම  ආරක්ෂක හමුදා වල දීර්ඝ කාලයක් පැවැති ස්වාධීනත්වයට හා විනයට බරපතල හානියක් අත් කර දී තිබෙන බව අප වගකීමෙන් සදහන් කරමු.මේ වන විට ආරක්ෂක හමුදා වල ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ දෙනෙකු දේශපාලන කුක්කන් වී සිටී.⁣ඒ යථාර්තය හා සමපාත

වන ආකාරයට සමාජ මාධ්‍ය තුල  රාජපක්ෂ වරුන් වෙනුවෙන් නලියන රණවිරු  මේජර් යැයි කියාගන්නා කිරි පණුවකු ගැන අපට ලියන්නට සිදු වී ඇත්තේ  රාජපක්ෂවරු හා “රණවිරු  සහසම්බන්ධයේ” ව්‍යාජත්වය හා බංකොලොත් භාවය කොපමණදැයි යමක් කමක් තේරුම් ගන්නා සමාජයට කියා දීමටය
අප කියන මේ මේජර් වරයා මේජර් අජිත් ප්‍රසන්නය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අවදියේ පැවැති පලාත්සභා මැතිවරණයට  විශ්‍රාමික රණවිරුවන් ඇතුළත් කරන ලද්දේ රාජපක්ෂ වරුන් සමාජයට බෝ කළ ⁣රණවිරු මාන්දමේ ප්‍රතිඵලයක් විදියටය.ඒ පලාත් සභා මැතිවරණයේදී යුද්ධයේදී ආබාධිතයකු බව සදහන්  මේජර් අජිත් ප්‍රසන්න දකුණු පළාත් සභාවට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස පත්වේ.
එහෙත් ඉන් අවුරුදු පහකට පසු පැවැති පළාත් සභා මැතිවරණයේදී මේජර් අජිත් ප්‍රසන්න කුජීත විය .
පසුකාලීනව අසාධාරණයට ලක්වූ ⁣රණවිරු විරෝධතා වලදීද යහපාලනයට එරෙහි සෑම විරෝධතාවකදීම මේජර් අජිත් ප්‍රසන්න ගිරා පෝතක වොයිස් කට් දෙන්නා විය.රාජපක්ෂවරුන්ට එරෙහිව එදවස පැවැති නඩු විභාග වලදී විත්තිකාර පාර්ශවයේ අනුදැනුමක් නොමැතිව  නඩුවට රිංඟා උසාවියෙන් එළියට පැමිණ වොයිස් කට් දීමේ විහිළුකාර චුවිංගම් කෑම අජිත් ප්‍රසන්නට  අහවර කරන්නට සිදුවූයේ එක් අවස්ථාවක අධිකරණයේ අවවාද කිරීම නිසාය. 
මේ මේජර්වරයාගේ  කිරි පණු දැඟලිල්ල රාජපක්ෂවරුන්ට සිදුවන හානිය රාජපක්ෂ හැතිකරයද තේරුම් ගෙන සිටියහ.එහෙත් යහපාලනය අවසන් කොට වැඩේ ගොඩ දා ගැනීමට රාජපක්ෂ හැතිකරයට මේ නාඩගමකාරයන්ගේ සියළු සෙප්පඩවිජ්ජාවන් විඳ දරා ගන්නට  සිදු වී තිබුණි.ඒ තක්සේරුව තුල මේජර් අජිත් ප්‍රසන්න යනු ගොබ්බ මානසික ආබාධිතයකු බව රාජපක්ෂ වරු දැන සිටියහ.
නන්දසේන ජනපතිවරයා බවට පත්වීමෙන් පසු තමන්ට ආණ්ඩුවේ බරපතල වගකීමක් පවරනු ඇතැයි මං පොර ලෙස සිතා ගෙන සිටි අජිත් ප්‍රසන්නගේ සිහිනය විය.යහ පාලනය පෙරලා දමා රාජපක්ෂ හැතිකරය සිරි ලංකාවේ බලය අතට ගැනීමෙන් පසු මේජර් අජිත් ප්‍රසන්නගේ විගඩම් නන්දසේන ජනපතිවරයාට රුස්සන්නක් නොවීය.⁣ඒ නොරිස්සීම කෙළවර අජිත් ප්‍රසන්නට සිදුවූයේ අවුරුද්දකට ආසන්න කාලයක් වැලිකඩ පාන් කන්නටය.
⁣දැන් මේ අජිත් ප්‍රසන්න නන්දසේන ජනපති වරයා ඇතුළු රාජපක්ෂ හැතිකරයේ ආරක්ෂාව වෙනුවෙන් මුහුණු පොතෙහිි අබ්බ ගොබ්බ  ක්‍රියාන්විතයක් අරඹා තිබේ.විනාඩි පහෙන් පහට නන්දසේන ආණ්ඩුව වෙනුවෙන් පෝස්ටු දමන මේ හාදයා දැන් බන්දු සමරසිංහ තරමෙි විහිළුකාරයෙක් වී තිබේ.⁣රෙද්දෙ රෙවී ඇති ආණ්ඩුවේ බෙට්ටට කැටයම් දමා මෙන්න කස්තුරි යැයි කියන ⁣ආකාරයේ පෝස්⁣ටු  මුහුණු පොතේ එල්ලන අජිත් ප්‍රසන්න තවත් වරෙක ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නට මාධ්‍ය ප්‍රකාශක කමක් දෙන්නයැයිි ජනපති නන්දසේනගෙන්  අයදියි.⁣සමහරවිට දැන් මේ මේජර්ට පිස්සුය.එහෙමත් නැති නම් නැට්ටට අසරණ වෙලාය.
⁣අජිත් ප්‍රසන්න රණවිරු ලේබලේ එල්ලගෙන සිටියාට ඔහු යුද්⁣දයෙන් ගොඩගිය ලෝකෝත්තරයෙකි.සිංහ රෙජිමෙන්තුවේ මේජර්වරයකු වූ මොහු යුද්ධය පැවැති දිනවල යාපනයේ කඳවුරක සේවයේ නිරතව සිට ඇත.මේ කඳවුරෙහි එල්ටීටී යෙන් අල්ලාගත් යතුරු පැදියක නැගී කඳවුරු භූමියේ රවුම් ගැසීම අජිත් ප්‍රසන්නගේ විනෝදය විය.එසේ යතුරුපැදියේ මොහු ගමන් කරන අවස්ථාවක කඳවුරට එල්ටීටී ප්‍රහාරයක් එල්ල වී තිබේ .යන එන මං නැතුව වේගයෙන් යතුරු පැදියෙන් ආරක්ෂිත ස්ථානයකට වේගයෙන් යද්දී මොහු ඉන් බිමට වැටී කකුලට දැඩි හානි සිදු වූ බව අනාවරණය වේ.පසුව එල්ටීටී ප්‍රහාරයෙන් තුවල ලැබූ සෙබළුන් සමග අජිත් ප්‍රසන්නද කොළඹ හමුදා රෝහළට  ගෙන ආ අතර එහිදී යතුරු පැදියෙන් කකුලට සිදු වූ හානිය ලියවුනේ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වූ බවට සඳහනි කරමිනි.අජිත් ප්‍රසන්න තමන්ගේ කකුලට වෙඩි වැදුන බව ප්‍රකාශ කරන්නේ නම් ⁣අපට කිව හැක්කේ යුද්දයේදී කකුලට වෙඩි වැදුන එකම නිළධාරියා ඔහු පමනක් බවය.එය එසේ නොවන්නේ නම්  අජිත් ප්‍රසන්නට  වෙඩි තබා ඇත්තේ එල්ටීටී පොලීසියෙන් විය හැකිය.නැතිනම් අජිත් ප්‍රසන්න බංකරයේ සිටින්නට ඇත්තේ කිරලාවා බිජු රකින ආකාරයෙන් වෙන්නට ⁣පුළුවන.
කොහොම වෙතත් මේජර් අජිත් ප්‍රසන්න රණවිරු මුද්‍රාවට වසන් වෙමින් යුද්දය මෙහෙයවූ ජනරාල් සරත් ෆොන්සේකාට නින්දා අපහාස කරමින් සිටින බවද සඳහන් කළ යුතුමය.කකුලට වෙඩි වැදුන විට වෛද්‍ය හේතූ පෙන්වා  හමුදාවෙන් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ අජිත් ප්‍රසන්න එල්ටීටී බෝම්බ ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලබා සිටියදීත් නැවත යුද්දයට අණ දුන් සරත් ෆොන්සේකා අභිමුඛයේ පඟර නැට්ටෙක් බව අපි සඳහන කරමු.අජිත් ප්‍රසන්නට ජනරල් ෆොන්සේකා ඇලජික් වීමට හේතුවක් තිබේ.ඒ සිංහ රෙජිමෙන්තුවේදී මේජර් අජිත් ප්‍රසන්න සිදු කළ පීචං වරදකට ජනරල් විසින් දඩුවම් පැමිණවීම නිසාය.
ඉතින් රණවිරු අජිත් මහත්තයෝ අප ඒ පීචං වරද පමනක් මෙහි නොලියා ඉන්නේ රාජපක්ෂ හැතිකරය ඔබ ⁣මී හරෙකුකට අන්දා අන්ත  අසරණ කොට ඇති නිසා බව සඳහන් කරමු. 

 

 

 


Spread the love

Leave a Comment

You may also like