(අද මේ ලිපිය ලිවීමට අපි මේ මොහොත තෙක් පමා කලේ ලංකාවේ ප්‍රධාන යැයි කියන පාහර ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ගේ සාකච්ඡාව අවසන් වනතෙක්ය.)
ගොබ්බ සේන නොහොත් ගෝඨාභය රාජපක්ෂ කීර්තිමත් ආනන්දියකු ද යන්නත් දැන් සිතා ගතනොහැකිය. ඒ පොලොන්නරුව ගමේ පාසැලෙන් අධ්‍යාපනය යන් තන් ලැබු මෛත්‍රිපාල නොකල පාහරවැඩ කරන නිසාවෙනි. මෛත්‍රිපාල එදා මෙවනි කොළඹ 07 පාසැල් පිලිබදව වෛරයකින් කටයුතු කලානම් ඊට මනුෂත්වයෙන් හෝ සිතිමට ඉඩක් තිබුණි. ඒත් දැන් සියල්ලම ඉතාම පැහැදිලිය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ භුමියෙන් කොටසක්ද ,ඩි.එස් සේනානායකයේ ඉඩමෙන් කොටසක්ද, දේවි බාලිකා විද්‍යාලයේ භුමියෙන් කොටසක් ද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධ්න අධිකාරියට පවරා ගැනීමටත් ඉන් අන්තුරුව දේශීය ආයෝජකයෙකු නැමති සුප්‍රකට කැසිනෝකරුවෙකු වෙතට රජයේ තක්සේරු 99 අවුරුදු බදු මුදලට දීමටත් , තවත් කොටසක මහල් 04 කින් යුක්ත වාහන අංගනයක් සැදීමටත් අද පැවති සාකඡ්චාවේදි තීරණය විය .
එසේම එම ආසන්නයේම ඇති බෞද්ධා ලෝක විහාරයේද භූමිය පවරා ගතයුතු බව තවත් කාලකන්නි ව්‍යපාරිකයෙකු සේ සිටින “කොම්බුව ” කියා ඇති බවත්, අප වෙතය ඉතාම විශ්වාස තොරතුරු ලැබී ඇත.
ඒ අනුව තවත් දින කීපයක තුල දි රටට යුග පුරුෂයන් දායාදකල ඩි.එස් සේනානායකයේ හා තර්ස්ටන්,මෙන්ම දේවි බාලිකාවේද ඉඩම් සල්ලාලයන් ගේ රජ දහන වනු ඇත.
ඒත් ජාතියේ අවාසනාව මෙවන් විදුහල් මාතාවන් රටට, ලෝකයට දායාදකල දුවා දරුවන්ගෙන් සමහරක් අද රාජපක්ෂලා ගේ බැල මෙහෙකරුවන් වී සිටීම ශ්‍රි ලංකීය මාතාව ගේ අවාසනාවකි. ඒත් “ලංකා දවස පුවත් ” පත ඉල්ලා සිටින්නේ පක්ෂ දේදපාලනය කුමක් වුවත් මෙවන් දරුවන් ගේ අනාගතය විනාශ කරන කාලක්න්නි වැඩ සිදු කිරීමට එරෙහිව සමස්ථ රටවැසියාම හඩ නැගිය යුතුය.
අඩුම තරමින් විදෙස් ගත රටවල සිටින උන්ටවත් මෙහි උවමනාවක් නැතිකම කියාපාන්නෙම ජාතියේ නිහීන බව හා බඩ ගෝස්තර බව නොවේද ?