දේශපාලන

අපට මොකද අපි අටසිල් උපාසක-ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට

Spread the love

සිරි ලංකාවේ ජනවහරේ එන මේ කවිය ⁣අගමැති මහින්ද රාජපක්ෂ ගේ තක්කඩි දේශපාලනයට අපූරුවට ගැලපේ.මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තරම් කට්ට කයිරාටික දේශපාලඥයකු මේ සිරි ලංකාවෙි සිටියේ නැත.ඒත් මේ සිරි ලංකාවේ ජීවත්වන උගත් නූගත් බොහොමයක සිත තුළ රාජපක්ෂ අගමැති පැළපදියම් වී ඇත්තේ නූතන දු⁣ටුගැමුණු විදියටය.කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහායකයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මහින්ද රජපක්ෂ දේශපාලන ගේම එකට සෙට් වෙන්නේ අනුර බණ්ඩාරනායක ගේ සපෝට් එකෙනි.අනුර බණ්ඩාරනායක ගේ දේශපාලන ජීවිතය නැත්තටම නැති කර දැමූ මොහු චන්ද්‍රිකාද බණ්ඩාරනායකද දේශපාලන ජීවිතයෙන් ඉවත් කරන්නට ප්ලෑන් කෙරුවද එය සාර්ථක නොවීය.⁣මහින්ද රාජපක්ෂගේ දේශපාලනය තනිකර රහස් කුමන්ත්‍රණ යටි බිම්ගත දූෂිත ගණුදෙනු හා ඉතා වයිරක්කාරී පලිගැනීම් වලින් පිරුණු අවලස්සන කැත අසික්කිත එකකි.තමන්ගේ අරමුණ මුදුන් පත් කරවා ගැනීමට අඹුව වුව පාවා දෙන ජාතියේ බඩුවක් වූ මහින්ද රාජපක්ෂට ජාතියේ ගැලවුම්කාර ලොතැරැයිය ඇදුනේ යුද ජයග්‍රහනයත් සමගමය.එල්ටීටිය කප්පම් ගෙවා ජනපති පදවියට පත්වූ මේ තක්කඩියා හා ඔහු වටා සිටි ජාවාරම් කාර හොරු රැළ එතැන් සි⁣ට ඇරඹුවේ මහජන මුදල් කොල්ලකෑමය.මේ හොරකම් ⁣රුපියල් ලක්ෂයේ දෙකේ හොරකම් නොවුන අතර යහපාලනය සමයේදී ඒවායේ තරම පොලීසි විමර්ශන මගින් ඒ ටු ඉ⁣සෙඩ් හොයාගත්තද යහපාලන බබා පාට් වලට මහින්දගේ මයිලකටවත් හානියක් කරන්නට බැරිවිය.
ඒ තක්කඩි මහින්ද ආරක්ෂා කරන්නට දූෂිත වලල්ලක් සමාජයේ ඉහල ස්ථරය තුළ සිටි නිසාය.මේ දූෂිත වලල්ල ආගම්වාදය හා ජාතිවාදය ඉහ වහා ගිය පිස්සු බල්ලන් රැළක් විය.ආත්මය කුණු වූ මේ පිස්සු බල්ලන්ගේ පැටිකිරිය ගැහැණුන් හා මුදල් අතර සංසරණය වන්නක් වුවද පහල සමාජය මේ හැත්ත තක්සේරු කෙරුවේ ජාතියේ පිනට පහල වූ වීරයන් ලෙසය.මෙම අමු තිරිසන් මගෝඩි රැළට මොකද්දෝ එකට රිටෙන් ඇන්නා වාගේ සෙට් වී සි⁣ටියේ මහින්ද රාජපක්ෂ තක්කඩියාය.මේ කපටියන්ගේ රැළේ බෞද්ධ පාර්ශවය නියෝජනය කළ චීවරධාරී කාලකණ්නියන් පිරිස හොර අඹුවන් හා රති කෙලියේ යෙදෙමින් කෝටි ගනන් දේපොල රැස්කරමින් සුර සැප විඳින්නෝ වූහ.මේ හැතිකරය සෑම ජරා වැඩකදීම උකස් කෙරුවේ බුද්ධ චීවරයයි.බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉහ වහා ගො⁣ස් ඇත්ත ඇත්ත ඇති සිටියෙන් නොදකින “එහෙයි සාදු”නාකි උපාසකම්මාලද නාකි උපාසක මහත්වරුද හෘද සාක්ෂිය වංචාවෙන්ම කැලතුන දූෂිත මුදලාලි පන්තියේ ජේත්තුකාර අඹුවන්ද නිසි අධ්‍යාපනයක් නොලැබ ⁣බුදු දහම ජාතිකත්වය මත තබා කර උඩ තබා ගත් ලුම්පන් මදාවිකාරයන් රොත්තක්ද ඒ සැමගේ මතවාදයන් සතර අත කරකවා අප්පට සිරි මේං නිවනට යන මග ලෙස හඳුන්වා ඔළු කුරෝළු කරන කුපාඩි වාහිනී ගනනාවක්ද මේ ගනින්නාන්සේලා ජාතියේ ගැලවුමිකාර බඩු ලෙස විශ්වාස කළහ.සැබවින්ම තක්කඩි මහින්දගේ ආරක්ෂකයන් වූයේද මේ විෂබීජ වහන්තරාවන්ය.මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල් හැතිකරය මේ රටේ අවාසනාවට ජාතක වූවන්ය.මේ හැතිකරය ආගම ධර්මයක් විශ්වාස කරන්නේ නැතත් තිරශ්චීන කට්ටඬි ගුරුකම් කෙරෙහි දැඩි ලෙස ඇබ්බහි වූවෝ වෙති.නාමල් බබා සමාජයේ පෙනී සිටින්නේ උම්බලකඩවත් කටේ නොතියන අනේ හරිම අහිංසක අවිහිංසාවාදියෙක් විදියටය.ඒත් සිංගප්පූරුවට ගිය විට මේ හාදයාගේ චොයිස් එක ගැරඬි සුප්ය.කතරගම දෙයියන්ගේ පින්කැටයෙන් චමල් රාජපක්ෂ පුත්‍රයා මුදල් ගත්තේ කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුවය.බැසිල් රාජපක්ෂ නාමකරණය වූයේ ටෙන් ප්‍රසන්⁣ට් විදියටය.ඒ විදේශ ආයෝජනයන්ගෙන් සියයට දහයක් ඔහුගේ ගිණුමට බැරවීම අත්‍යවශ්‍ය කාරණයක් වීම නිසාය.නන්දසේන ආරක්ෂක ලේකම් ලෙස රුසියන් මිසයිල් බිස්නස් එකකින් ගිනුම තර ගත්තේය.බැසිල් ගේ නෝන හාමුට චීනයෙන් දුන් දොළ පිදේනි පිළිබදව ඇමරිකානු ජනමාධ්‍ය මගින්ද අනාවරණය කෙරුණි.අප මීට ඉහතදීද ලිව්වා වාගේ මහින්ද රාජපක්ෂ හා ඒකාගේ මුළු පවුලම බුද්ධ චීවරය බිම එලා වටේ පිිි⁣ටේ වුන් ලවා බූරු ගස්සවා යහමින් තෝන් ගන්නා මගෝඩිකාර
කාලකණ්නියන්ය.
පළමුවත් මවුබිම
දෙවනුවත් මවුබිම
තෙවනුවත් මවුබිම යැයි ගෝරිල්ලා පාට් එකෙන් පපුවට ගහගෙන මරහඩ දෙන මහින්ද රාජපක්ෂ විදේශිකයන්ට පැවරූ මවුබිමේ ඉඩම් ගැන කිසිවකුගේවත් හාවක් හුවක් නැත.මේ කාලකණ්නි රාජපක්ෂ පවුල ⁣සිරි ලංකාවේ ඉඩම් විකුනන්නේ ඒ ඉඩම් උන්ගේ අම්මා අප්පාගේ ඒවා ගානටය.මේ ඉඩම් අලෙවියෙන් මේ තක්කඩියන් හා උන් වටා සිටින ජාවාරම්කාර හිවළුන්ද හිමි කරගන්නා කොමිස් මුදල් ගෝනි ගනන්ය.
කොවිඩ් රෝගය ⁣රට පුරා ව්‍යාප්ත වීමට ඕනෑකමින්ම ඉඩ හරිමින් මේ රාජපක්ෂ කාලකණ්නි තිරිසනුන් පෝට් සිටි පනත සම්මත කරගත්තේ හරි හදිසියකිනි.මේ හැත්ත ජාත්‍යන්තරව ගනුදෙනු කරන්නේද චීනය සමගය.චීනයද අතදිග හැර මුන් හැත්තට වියදම් කරන්නේ ලංකාව උන්ගේ තෝ තැන්නක් කර ගැනීමටය.චීනය අද රඟපාන්නේ කෝපි කඩේ පොලී මුදලාලිගේ චරිතයයි.පෝට් සිටි පනත සම්මත කරගැනීමට තිබූ හදිසිය කෝවිඩ් ප්‍රතිශක්ති කරණ එන්නත් මිලයට ගැනීමට නන්දසේන ජනපතිට නොතිබුණි.දැන් පෝට් සිටිය චීනුන්ගේ අතේය.සමාජය කෝවිඩ් රෝගයෙන් පිඩා විදිමින් දුක් අදොනා නගද්දී මහින්ද රාජපක්ෂ තක්කඩියා ඇමති මණ්ඩල සංදේශයක් එහෙයින් ලවා අනුමත කරවා ගනිමින් ලංකාවේ අගනුවර මර්මස්ථාන ලෙස සැළකෙන කොළඹ එක ⁣කොළඹ දෙක ආවරණය කරගත් ඉඩම් අක්කර ගනනාවක් විදේශිකයන්ට විකිනීම සදහා පිඹුරු පත් සකසා අවසන්ය.එහෙත් මේ ඉඩම් ගනුදෙනු ගැන ඊනියා දේශප්‍රේමී ජඩයන් කටේ කෙල බිඳුවක් හලන්නේ නැත.රාජපක්ෂ හැතිකරයේ මේ නින්දිත පාවාදීම් පිළිබඳව මවුබිමේත් ආගමේත් සින්නක්කර අයිතිකාරයන් ලෙස බණ තැලූ මල්වතු අස්ගිරි ඩබලේද ඇල්ලේ ඥානසාර හා මාගල්කන්දේ පච්චයා ආදී වහන්සේලාගේ කටේ පිට්ටුය.උන්දැලා අද හ්ම් නැත.යහපාලනය පැවැති දිනවල නිවුස් වල ලීඩ් නිවුස් කෑල්ලේ එල්ලී උඩු කරණම් යටි කරණම් ගැසූ මේ ජඩ වහන්සේලා එක්කෝ දැන් අතුරුදන්ය.නමුත් මේ මුන්දැලාගේ නිහඬ බව ගැන අපේ තක්සේරුව වන්නේ මුන් තමන් ගේ වාසියට කට අරින අම්බ කාලකණ්නියන් මිස වීරයන් නම් නොවන බවයි. (කවරකු හෝ මේ ලිපිය කියවා මෙය ගොබ්බ කාලකණ්නි වහන්සේලාගේ ඇහැ අමුනන්නේනම් එය ජාතිය වෙනුවෙන් කරන වි⁣ශිෂ්⁣ට මෙහෙවරක්ම වන්නේය ඒ අන් කිසි කාරණයක් නිසා නොව මේ පිම්පි වහන්සේලාට තමන්ගේ ජීවිතයේ නින්දිත පැවැත්ම ⁣එහෙමත් තහවුරු වේදැයි දැනගන්ටය)
තව ටික දවසකින් ලංකාවේ අභිමානය හා පෞරෂය රඳවාගෙන අගනුවර පිහි⁣ටා තිබි ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ගොඩනැගිලි ගනනාවක් බිමට සමතලා වෙනවා ඇත.රටේ හමුදා මූලස්ථානය චීනුුුුන්ට විකුණූ මේ හැතිකරය දැන් කොළඹ අනිත් ඉඩම් ටිකටද කෙල වන්නේය
දැනට චීනුන්ට අලෙවි කිරීමට සැළසුම් කොට 2020 මාර්තු 6 වන දින අගමැති විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ගත් ඉඩම් හා ගොඩනැගිලි මේවාය.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
යෝර්ක් ගොඩනැගිල්ල
ගෆූර් ගොඩනැගිල්ල
විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල
කොළඹ මහ තැපැල් කාර්යාලය හා ඉඩම
ඩීආර් විජේවර්දන මාවතේ සීනෝර් අවන්හල
හිල්ටන් හෝටලය හා නිවාස සංකීර්ණය
අරලියගහ මන්දිරය ඉදිරිපිට ග්‍රෑන්ඩ් හයිටි හෝටලය

අදාල ඉඩම් ගණුදෙනු සදහා මේ වන විටත් කූඨ ජාවරම්කාරයකු සභාපති කරමින් සෙරෙන්දිව් නම් සමාගමක් පිහිටුවා තිබේ.මේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරාය.ලංකාවේ සිදූවු කූඨ ගණුදෙනු රාශියක තැරව්කරු වූයේද මොහුය.මේ ජාවාරමිකරු චීන රජයේ මෙරට ඔත්තුකරුවකු ලෙසද කටයුතු කරන බවට අප හට සැකයක් පවතී.ඒ මොහු 2021අප්‍රේල් 21 මොහුගේ ටුවිටර් ගිනුමේ තබා තිබූ සටහනක් නිසාවෙනි.ඉන් මොහු තමන්ට චීන පුරවැසි කම ලබා දෙන ලෙසට චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා තිබුණි.
කැබිනට් අනුමැතිය ලැබූ ඉඩම් වල ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වන්නේ ඇමරිකාව මගින් ජාත්‍යන්තරව බ්ලැක් ලිස්ට් කොට ඇති චයිනා කොන්ට්‍රක්ෂන් සමාගමය.
කාලකණ්නි රාජපක්ෂ හිතිකරය මුළු රටම චීන කොළණියක් කරන බව විශ්වාසය.උන්ට එරෙහිව කතා කරන්නට නැගී සිට්න්නට හපන් එකෙකු දැන් ලංකාවේ නැති තරමේය.මුග්ධ කම නිසාම වඳ වෙමින් යන ජාතිය ගැන අපට ඇත්තේ බලවත් කණගාටුවකි.
මේ වන විට ලංකාවේ හැම පක්ෂයකම රාජපක්ෂ පිල්ලියක් සැඟවී සිටී.සජබ හිතන් ඉන්නේ ලංකාවේ විරුද්ධ පක්ෂය තමන් බව කියාය එහෙත් රාජපක්ෂ හැතිකරය ළඟ සජබය මොනිටසෝරි ලෙවල්ය.සජබයේ ජාත්‍යන්තර දේශපාලන උපදේශකයා අප්පට සිරි ජාතියේ පොරකි.ඒ තමන් ජනපති වුව වොත් රටේ ණය මාසයෙන් ගෙවනවාය කිවු මෝඩ චූන් කාර පල්ලේවත්තය.මේ මෝඩ චූන් කාරයා බැසිල් රාජපක්ෂගේ රහස් රූකඩයකි.ගම්පහ ඉඩම් ගනුදෙනු වලදී බැසිල් හා ළබැඳිව කටයුතු කරන ලද්දේ පල්ලෙවත්තය. සජබයේ ඉදිරි වැඩ පිළිවෙලක් ඇත්නම් එය චොර කර දමන්නට බැසිල් රාජපක්ෂ යෙදවූ ⁣මේ හෙංචයියා⁣ගේ හැදුනුම්පත හරියට කියවා ගන්නට බැරි සජබය සිය ඉදිරි දේශපාලන දැක්ම නිවැරිදිව තේරුම් ගන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයකි.අප විමතියට පත්වන්නේ පාඨලී චම්පක හා රාජිත සේනාරත්න වැනි දේශපාලනයේ පරතෙර⁣ට ගිය ලොකු අයියලාටද මේ පල්ලෙවත්ත වැනි ඩබල් ගේම් කාරයන් තේරුම් ගන්නට බැරිවීම ගැනය.
රාජපක්ෂ හැතිකරයේ වැඩ සිද්ධ වන්නේ මේ ලිපිය මුලදී සඳහන් කල ජන වහරේ කවිය වාගේමය.⁣උන් සමාජයේ පෙනී හිටින්නේ සතරපෝයට සිල් ගන්නා මහා උපාසකයන් ලෙසය.දන්නා නොදන්නා ගානට උන් තම පෙරේතකම එළියට දාන්නේද ⁣සිල් රෙද්දට මුවාවෙමිනි.ජාතිය හා ආගම කරපින්නා ගත් ගෝත්‍රිකයන් වූ චිරි ලාංකිකයන් වැඩි දෙනෙකු මේ රාජපක්ෂ හැතිකරයේ හැම අවලම් කෙරුවාවකටම සාදු කාර දෙමින් සිටින්නේ ඒ නිසාය.


Spread the love

Leave a Comment

You may also like