ලෝකය කොරෝනා ආසාධිතයන් සොයා PCR සිදුකරමින් තම රටේ ජනතාව රැක ගැනීමට වෙර දරණ විට ලංකාව PCR නොකරමින් අපුරු සංඛ්යා විජ්ජාවක් වෙනුවෙන් තම කාලය වැය කරන්නේ ජනාධිපති ගේ දැනුම් දීම මත බව අපවෙතට වාර්තාවේ.
මේ වනවිට පොලිසි මගින් සිදුකල PCR කිරීම මුළුමනින්ම නතර කොට ඇත. ඊට හේතුවක් ලෙසට ජනාධිපති කාර්යාලය කියා සිටින්නේ PCR කිරීමෙන් රටේ විවිධ ප්රදේශවලින් ආසාධිතයන් හමුවි එම සංඛ්යාවන් පිලිබදව අසා ජනතාව නැති බියක් මවා ගැනීමක් බවය. මෙය අපුරු කොරෝනා පාලනයකි. මින් සිදුවන්නේ ආසාධිතයන් හා ආසාධිත නොවුවන් සියල්ලම නොදනීම මෙම වසංගතයට ගොදුරු වීමකි. මේ තුලින් ජනාධිපති ලේඛම්කාර්යාලය රට පුරාම PCR කිරීම නවතා ඉතාම අඩුවෙන් සිදු කොට කොරෝනා දැන් පාලනය කලා යැයි ජනාධිපති බොරුවක් වපුරවමින් සිටි මෙය 2019 රට රැකීමට ගෙනා විරුවා කියු පට්ට බොරුවට දෙවනි නොවන බැවින් තමා , තමා ගේ ආරක්ෂාව බලා ගතයුතුය.
මෙය රාජපක්ෂ ආණ්ඩුව කොපමණ සුක්ෂමව සිදු කරන්නේද යන්න පිලිබදව සොයා බැලීමේදි පසු ගිය සතිය තුල PCR 22000 ක් සිදු කොට ඇති අතර එම ප්රමානය හිටි ගමන්ම 17000 ට බස්සවා අපුරු විජ්ජාවක් කරමින් රටේ අහිංසක ජීවිත බිල්ලට දෙමින් ඉතාම අනතුරුදායක ක්රියාවක් සිදු කරයි.
මේ තුලින් සිදුවන්නේ කොරෝනා වසංගතයෙන් මෙතෙක් රැකි සිටි පුද්ගලයන් ද ඊට හසු කිරිමකි. මෙවැනි අමන ක්රියාවක් කුමණ අරමුණකින් කරන්වාදැයි වෛද්යවරුන් පවා නොදනි. ඒ සියල්ලම දන්නේ හමුදාපති හා ගෝඨාභය ජනාධිපති පමණි.