ඈත අතීතයේ වහල් වෙළදාම පැවති නමුත් ලෝකයේ දියුණුවත් සමඟම වහලුන් සහ වහල් වෙළදාම මුළුමනින්ම ඉවත් කිරීමට තරම් ලෝක ප්‍රජාව බුද්ධිමත් විය. ඒ බුද්ධිය කොතෙක්දැයි කියනවනම් මාටින් ලුතර් කින් එදා වහල් වෙළදාමට විරුද්ධව හඬ නගද්දී නෙල්සන් මැන්ඩෙලා හිරේ විලංගුවේ වැටෙද්දී ඔවුන් තම ජීවිතය පරදුවට තබා සටන් කළේ වාහන ගේ දොර ඉඩකඩම් අත්පත් කරගැනීමට නොව තමාගේ ජීවිතයේ දෙවැනි කොට සලකා ක්‍රියා කළේ ජනතාව වහල් වෙළඳාමෙන් ගලවා ගැනීමටයි .
ජාතියේ අවාසනාවකට ලෝකේ සිය කැමැත්තෙන්ම වහලෙකු වීමට ආසාවෙන් සිටින එකම ජාතිය සිංහල ජාතියයි. පුද්ගලයෙකු ගේ හෝ කිසියම් පක්ෂයක වහලෙකු වී සිටින බව වසර 73 ක් ගියත් අවබෝධ නොකර ගැනීමටත්, එවැන්නක් අවබෝධකර දීමටත් කිසිම ” වහල් හිමියකු “කටයුතු නොකරන්නේම වහලා ගේ මානසිකතවය වහල් හිමියා ඉතාම හොදින් අධ්‍යනය කර තිබෙන නිසාමය. තමා බුද්ධිමතෙකු විද්වතෙකු සහ ඇසූ පිරූ තැන් ඇත්තෙකු බව කීවත් මෙවැනි කාලකන්නි බුද්ධිමතුන් සහ විද්වතුන් කොතෙකුත් රටේ සිටියත් ඔවුන්ද වහලුන් වී ඇත්තේ සිය ජාන විකෘතිතාවයක් නිසා විය හැකිය.
මැලේ ජාතික පවුලක් අද ලංකා මාතෘ භූමිය ම චිනය ඉදිරියේ පාවාදෙමින් අගලෙන් අගල බිං කඩවල් විකුණමින් ඔවුන් චීනයෙන් ඉල්ලා සිටින්නේ භූමිය සමඟ මේ වහලුන් බාර ගන්නා ලෙසයි. අද එය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ඔබ දැන හෝ නොදැන ඔබට නොදැනිම එය සිදුවෙමින් පවතී. මහින්ද රාජපක්ෂ ඉතා සැලසුම් සහගතව චීනයට රටේ ජනතාව පාවා දෙන බව දන්නේ කීයෙන් කී දෙනා ද , එවැන්නක් දැන ගැනීමට හෝ ඔවුන් අකැමැති ය.
තවත් සමහරකු කියා සිටින්නේ චීනුන්ට යටවෙලා හරි කමක් නෑ ඒක හොදයි චීනය මොනවා උනත් අපිව රැක බලාගනී කියාය. ගොන්ගාලේ ගොඩ බන්ඩ ලා,වීර පුරන් අප්පුලා ජීවිත පුජාකරත් අද තරුණයන් සියල්ලම සිටින්නේ කුජීත වෙලාය. අම්මා,තාත්තා හෝ පාවාදි වාහනයක් ,ගෙයක් , ෆෝන් එකක සිහිනයකි. ඒ නිසාම වසර 73 ක් වහල් කමේ ලැඟ සිටීමේ ප්‍රතිඵලය තවත් නොබෝදිනකින් එලි බහින බවනම් සහතිකය.
අද සිවුර එලා ගෙන බුරු ගසන පාලකයා දුටු තැන වැද වැටෙන කාලකන්නි පවුකාර භික්ෂුන් මිස එදා සිටි කුඩා පොල හාමුදුරුවන් දැන් නැත. අස්ගිරි, මල්වත්ත ,තේවතු, අඹ වතු, සියල්ලම චීනා ගේ සල්ලි ළඟ දණ නැමු බව අපි ඉතාම හොදින් දනිමු. ඒ නිසාම මෙවන් රටකින් තවත් වසර 100 ක් ගියත් මුන් කිසි දවසක වහල් කමින් මිදිමට අකමැතිය. ඒ තරමටම කම්මැලිය.
මැලේ ජාතික රාජපක්ෂ පවුල මුළුමනින්ම චීනෙන් ලබාගෙන ඇති කෝටි , ප්‍රකෝටි ධනස්කන්ධය වෙනුවෙන් රටේ සෑම බිම් අඟලක්ම මේ වන විට ඔවුන්ට නීතියානුකූල හෝ නීතිවිරෝධී ආකාරයෙන් ලබා දී අවසානය ඊට අඩු වැඩියෙන් පක්ෂ විපක්ෂ සියලුම දෙනා සහභාගි වී ඇති බවත් රටේ ජනතාව ඉතා හොඳින් මතක තබාගත යුතුය. පක්ෂ දේශපාලනයෙන් තොරව රටේ ජනතාව දැන් ඉදිරියට පැමිණිය යුතුය පක්ෂ දේශපාලනය පසෙකට දැමිය යුතුය. කුමන දේශපාලන පක්ෂයක ඔබ සිටියත් ඔබ පක්ෂය, පාට, පසෙකට දමා ශ්‍රී ලාංකීය කොඩිය රැගෙන මාතෘභූමිය වෙනුවෙන් එදා සේම අදත් දිවි පරදුවට තබා ඉදිරියට පැමිණිය යුතු දිනය වැඩි ඈතක නොවේ.
මේ නිසාම දැන්වත් පක්ෂ දේශපාලනයට පයින් ගසා ශ්‍රී ලාංකික ධජය සමග එකට එක්ව නැගිටිය යුතුය. අද ඔබේ නිහඩියාව ඔබේ දරු ,මුණුබුරන් අනාගතේ චීන බයිනෙත්තුවට ගොදුරු වෙනවා සහතිකය