වසර පුරාවටම ආයුධ පෙන්වීමට යැයි කියා අපරාධකරුවන් රැගෙන ගොස් ව්‍යාජ ටෙලි කතා ගොතමින් පුද්ගලයන් ඝාතනය කරන දේශ බන්දු වෙසක් ලනවන විට ළහි ළහියේම ගවයන් ,එළුවන් ,කුකුලන්, පරෙයියන් ,එකි,මෙකි, නොකී සියල්ලම මරණින් මුදවා හරින්නේ “දිට්ඨදම්ම වේදනීය කර්මය ” දේශබන්දු තෙන්නකෝන් පසු පස එනබව දන්න නිසාය.
අපරාධකරුවන් සිදුකල අපරාධයේ වර්ගය හෝ ඉන් මියගිය හෝ තුවාල ලැබුවන් පිලිබදව අපිට වේදනාවක් නැතුවා නොවේ. ඒත් ඊට එහා ගිය සඟවන කතාවක් ඇත. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මදුෂ්ට වෙඩිතබා මරාදැමුවේ මෙරට කුඩු ව්‍යාපාරයේ යෙදෙන ලන්සා ගැන හෙලි කිරීම නිසාය. ඒ බවට ඊට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේදි කරන ලද හෙළි දරව්ව පිලිබදව රටේ ආන්දෝලනයක් ඇති වීම වැලකීම නිසාම ගෝඨාභය ජනාධිපති ගේ උපදෙසින් එම ඝාතනය සිදු කලේය.
එසේම පසු ගිය දා මැරු උරුජුවා, දොඩංගොඩ තාරක, වැනි මිනිමැරුම් සිදු කල දේශ බන්දු රටට සිදු කලේ සේවයක් නොව ජාති ද්‍රෝහි ක්‍රියාවකි. එනම් මෙරටට කුඩු ගෙනෙන මහාපරිමාන ව්‍යාපාරිකයාව සඟවා ගැනීමට උගේ ගෝලයාව අවි පෙන්වීමට ගොස් මරා දැමීමයි. එවන් පුද්ගලයකු සිදු කරන්නේ රටට යහපතක් නොව උගේ යැපීමට දේශපාලකයා ගේ උවමනාව ඉෂ්ඨ කිරීමකි.

ඒ සියල්ලම සිදු කරන දේශ බන්දු තෙන්නකෝන සමස්ථ පොලිස් සංහතියම ජනතාව ගේ පිලිකුලට ලක් කිරීම ඉටත් වඩා විනාශයකි. ඒත් දේශ බන්දු තෙන්නකෝන්ට තමා මැරු මිණීගනන මතක්වෙන විට රටේ සමහර හරකුන් සතුටු කිරීමට හා තම ආත්මය රැවටීමට මරණයට නියමිත වස්සෙකු ඉන්මුදා ගෙන ජීවිත දානය දිමට සිත් පහලවීම අරුමයක් නොවේ. අපරාධකරුවන් මරා අපරාධකරුවෙකු වෙනවාට වඩා සියල්ල අධිකරණයෙන් ඉෂ්ඨ වීමට හා රටේ කොයි කාගේත් මානව හිමිකම් රැකීමට දේශබන්දුලාට පඩි ගෙවන අහිංසක කම්කරුවා පවා ප්‍රාර්ථනා කරනවාය.
එසේ නැතිව දුමින්ද සිල්වාට එලියට ඒමට පාර සුද්ධ කිරීමක් සිදු නොවිය යුතුය. ඒත් දේශ බන්දු තෙන්නකෝන සිදුකර තිබෙන විනාශයට හරක් 69 ලක්ෂයක්ට මොලේ පාදා දුන්නත් කල පව් ගෙවිය නොහැකි බව අපි වගකීමෙන් සටහන් කරන්නෙමු.දැන් කුරුමානම් අල්ලන්නේ ඊළඟ පැයේදි හෝ තව එකෙකු මරා ගෝඨාභය ගෙන් ලකුණු දමා ගෙන පොලිස්පති පුටුවට පැනීමටය. එදාට පොලිසියත් රටේ නිතියත් ලංකාවට ආනයනය කිරීමට සිදුවනු ඇත.