ගහට ගහක් හම්බවෙන්නේ මොරටුවේදී යන්න අපේ කට වහරේ කියවිල්ලකි.ඒ මොරටුව වඩු කර්මාන්තයට ප්‍රසිද්ද නිසාය.හොඳ හයිය බුරුත නැදුන් තේක්ක කළුවර වාගේ ලී මොරටුවේ වඩු කර්මාන්තයට ගන්නා බව නිසැකය.ඒ වඩු මඩු වල පිට තැනින් තැන වැඩකට නැති වල් එඬරු ගස් ඕසෙට වැවී තිබේ.මේ එවැනි වල් එඬරු ගහක් වැනි මිනිහෙක් පොහොට්ටු ලාංඡනයෙන් මොරටුව නගර සභාවේ මුල්පුටුවේ වාඩි වෙන්නට කතිර වරම් ලැබී ඇති බව තහවුරු කරන පුවතකි.නමුත් මේ මිනිසා මනුුස්ස ජාතියේ කවර කැටගරියකට අයත්ද යන්න අපට හිතා ගන්ටත් බැරිය.මේ හාදයා තිරිසන් ජාතියේ වෙන්ටත් බැරිය .ඒ තිරිසනුන් මෙවැනි කඩප්පුලි වැඩ නොකරන නිසාය.මොරටුව මහ නගර සභාවේ “ඝරු” නගරාධිපතියා ඔහුගේ විවාහ සංවත්සරය දා ඔහු විසින් සිද්ධ කරන ලද අමුතුම අමුතු ජාතියේ පුන්‍යකර්මයක් ගැන මුහුණු පොතේ උජාරුවට ලියා අමුනා ඇත්තේය. (අප මේ නගරාධිපතියාට ගරු නොයෙදා ඝරු යනුවෙන් යෙදුවේ ඒ තරමට මේ හාදයා ගේ කෙරුවාව පජාත නිසාය)
