ගහට ගහක් හම්බවෙන්නේ මොරටුවේදී යන්න අපේ කට වහරේ කියවිල්ලකි.ඒ මොරටුව වඩු කර්මාන්තයට ප්‍රසිද්ද නිසාය.හොඳ හයිය බුරුත නැදුන් තේක්ක කළුවර වාගේ ලී මොරටුවේ වඩු කර්මාන්තයට ගන්නා බව නිසැකය.ඒ වඩු මඩු වල පිට තැනින් තැන වැඩකට නැති වල් එඬරු ගස් ඕසෙට වැවී තිබේ.මේ එවැනි වල් එඬරු ගහක් වැනි මිනිහෙක් පොහොට්ටු ලාංඡනයෙන් මොරටුව නගර සභාවේ මුල්පුටුවේ වාඩි වෙන්නට කතිර වරම් ලැබී ඇති බව තහවුරු කරන පුවතකි.නමුත් මේ මිනිසා මනුුස්ස ජාතියේ කවර කැටගරියකට අයත්ද යන්න අපට හිතා ගන්ටත් බැරිය.මේ හාදයා තිරිසන් ජාතියේ වෙන්ටත් බැරිය .ඒ තිරිසනුන් මෙවැනි කඩප්පුලි වැඩ නොකරන නිසාය.මොරටුව මහ නගර සභාවේ “ඝරු” නගරාධිපතියා ඔහුගේ විවාහ සංවත්සරය දා ඔහු විසින් සිද්ධ කරන ලද අමුතුම අමුතු ජාතියේ පුන්‍යකර්මයක් ගැන මුහුණු පොතේ උජාරුවට ලියා අමුනා ඇත්තේය. (අප මේ නගරාධිපතියාට ගරු නොයෙදා ඝරු යනුවෙන් යෙදුවේ ඒ තරමට මේ හාදයා ගේ කෙරුවාව පජාත නිසාය)
මේ ඝරු නගරයා සිය මුහුණු පොතේ අකුරු අමුණා ලියා ඇති සටහනට අනුව ඔහුගේ විවාහ සංවත්සරය දින ඔහු විසින් කෝවිඩ් රෝගයෙන් මිය ගිය රෝගීන් පස්දෙනෙකු ගේ අවමංඟල්‍ය කටයුතු සඳහා මිනීපෙට්ටි ලබා දී තිබේ.ඒ පින්කම මරේ මරුය. හරි විදියට
ඝරු නගරයා සිඳු කළ යුතුව තිබුණේ නගර බල ප්‍රදේශයේ රෝහල් වල අඩුපාඩු සොයා බලා මැදිහත් වීමකි.නගර බල ප්‍රදේශයේ කෝවිඩ් රෝගීන් ගැන සොයා බලා ඒ අසරණයන්ට පිහිටවීමය .එහෙත් මේ මන්ද මානසික පොහොට්ටු කඩප්පුලියා මිනී පෙට්ටි තෑගි කොට ඒ ගොබ්බ කෙරුවාව තහවුරු කරන්නට සමාජ මාධ්‍යයේ පොටෝ කෑලි එල්ලා මේං මගේ වැඩ යැයි තළු මර මරා ලියා තිබේ.අනේ අපොයි ලංකාව වැටුණු තැනක් යැයි අපට කියවෙන්නේ මේ වාගේ ගොබ්බ කෙරුවාල් දකින විටය.එහෙත් පොදු ජන පෙරමුණු රජයේ ජනපති නන්දසේනගේ සෙල්ලම් ගෙදර ආණ්ඩුවේ කියුම් කෙරුම් බලන විට මොරටුවේ “ඝරු”නගරයා හා ආණ්ඩුව ලබ්බට රිටෙන් ඇන්නා වාගේ ගැලපෙන බව නම් අපේ අදහසයි
වීර පුරන් අප්පු ජාතක වූ මොරටුවට මේ වාගේ ගොබ්බ පින්කම් කරන ඝරු නගරයෙක් සිටීම ගැන මොරටු වාසීන් ගේ අදහස මොන ජාතියේද යන්න අප නොදන්නා මුත් මේ හාදයා තමන්ගේ විවාහ සංවත්සරය උඩ දමා ගෙදර නෝනා හාමුටත් රෙදි ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි පුන්‍ය-කරුමයක් සිදු කර ඇතැයි අපට සිතේ.මේ මිනීපෙට්ටි තෑගි කොට ඒ ගැන නිහඬව සිටියා නම් ඒ තෑග්ගේ වටිනාකමක් නොතිබුනා නොවේද කියා අපි ලියමු.ඒ තෑග්ගේ ගොම ගෑවී ඇත්තේ ඉදිරි දේශපාලන වාසි ගැට ගසාගන්නට සිය කෙරුවාව ගැන සමාජ මාධ්‍ය තුළ පම්පෝරිි ගසන්නට යාම නිසාය.
හැබැයි ඝරු නගරයාගේ මේ අමුතු ජාතියේ පුන්‍යකර්මය හෙට අනිද්දා වන විට අපේ වීර කර්නල් ජනපති නන්දාසේනද බබා නාමල් ද පූර්වාදර්ශයක් කර ගන්නට බැරි නැත්තේ ඒ තරමටම නොදෝකින් පන්නයේ සිල්ලර ජෝක් වැඩ කරන්නට රාජපක්ෂ හැතිකරය තරම් දක්ෂ වෙන කවුරුවත් මේ චිරි ලංකාවේ දේශපාලන භූමියේ නැති නිසාය