අප මේ ලිපිය ඉදිරිපත් කරන මොහොත වනවිටත් ශ්‍රී ලංකාවේ කොතනක හෝ වාර්තා නොවන කොවීඩ් ආසාදිතයෙකු අවසන් හුස්ම ගනිමින් සිටිනා බවත්, ආසාදිතයින් නිසි රෝහල් සහ සෞඛ්‍යය පහසුකම් රහිතව වේදනා විඳිමින් සිටිනා බවත් කනගාටුවෙන් සිහිපත් කරමු,
එසේම අද වන විට ඇමරිකාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ කොවීඩ් ව්‍යසනය උච්චතම අවස්ථාවේ පවතින බවත් එහි අවධානම නිසා ඔවුන්ගේ රටින් කිසිවෙක් හට ශ්‍රී ලංකාවට පැමිනීම අද පටන් සම්පූර්ණයෙන් තහනම් බවත් ය.
විශේෂයෙන්ම මේ ඇමරිකානු සම්බාධක පැනවීමේ ඇති සුවිශේෂ කරුනක් වන්නෙ එදා 2019 පාස්කු ප්‍රහාරය සිදු වීමේදී පවා එහි අවධානම දෙවෙනි අධියරේ එනම් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවධානම් සහිත බව පමණක් ඔවුන් ප්‍රකාශ කිරීමත් ,
වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල පවතින කොවීඩ් අවධානම හතරවෙනි අධියරේ එනම් ඉහලම අවධානම ලෙස දක්වමින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සපුරා තහනම් කිරීමත් ය.
ආණ්ඩුව ඔවුන්ගේ තුප්පැහි හිතුවක්කාර ජනතාවිරෝධී තීන්දු තීරණ නිසා රටේ සමස්ථ ජනතාවගේ ජීවත් අවධානමකට හෙලා මාධ්‍ය හමුවේ “අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ..” වැනි ප්‍රාථමික ලඳරු ප්‍රකාශන ඉදිරිපත් කරනවා හැරෙන්නට මේ ව්‍යසනය පාලනය වෙනුවෙන් නිසි යාන්ත්‍රණයක් සැකසීමට හෝ එසේ සැකසීමට හැකි පාර්ශවයන්ගෙන් සහයෝගය ගැනීමට අසමත් වී ඇත.
විශේෂයෙන්ම එන්නත්කරණය සම්පූර්ණයෙන් පාහේ ඉතා අක්‍රමවත් ආණ්ඩු හිතවාදී ව්‍යාපාරිකයන්ගේ බඩගෝස්තරය සහ පිපාසය නිවන මාෆියාවක් වී ඇත.
ජනතාව අක්‍රමවත් ලෙස පෝලීම් වල පොරකන අතර පලමු මාත්‍රාව ලබාගත් බහුතරයක් දෙනාට නියමිත කාලය පැන ගොස් තිබුනත් දෙවෙනි මාත්‍රාව ලැබී නැත.
විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන්හී නියුතු උදාහරණ වශයෙන් සෞඛ්‍යය,අධ්‍යාපනය,ආරක්ෂක අංශ,වයස්ගත ප්‍රජාව,නිදන්ගත රෝගීන් වැනි කාණ්ඩයන්ට පවා නිසි පිලිවෙලකට එන්නත ලැබී නැත, එසේ ලැබෙන යාන්ත්‍රණයක් ද නැත.
ශ්‍රී ලංකාවට ගෙන්වන එන්නත් වලින් දෙකෙන් පංගුවක්ම ආණ්ඩු හිතවාදී නොහොත් ආණ්ඩුව බලයට ගේන්නට ආගම්වාදය ජාතිවාදය මිත්‍යාව වැපිරූ මාධ්‍ය සහ ව්‍යාපාරික හිතමිතුරන්ට පස්සෙ දොරින් ලබා දේ.
එහි සමීපතම සිද්ධියක් ලෙස අපට වාර්තා වන්නේ හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ විසින් එම සම්පූර්ණ කාර්‍යමණ්ඩලයටම එන්නත් ලබා දී ඇති බවය. තම මාධ්‍ය නාලිකාවේ වැඩකටයුතු නොනවත්වා කාර්‍යෂමව පවත්වාගෙන යෑමේ ව්‍යාපාරික අරමුණ මත රටේ ජනතාවට හිමි විය යුතු එන්නත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙසේ සොරකම් කොට ඇත.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජන්දය දුන් කඩේ ගිය බහුතරයක් හට වර්ථමානයේ අත්විඳීමට සිදුව තිබෙන්නේ එන්නත තියා බඩගින්නේ නොමැරී ජීවත් වන්නේ කෙසේද යන තත්ත්වයකි.