වෙනත්

ටක් ගානව, ටුක් ගානව ,ටිකක් කනව ,දොර වහනවා, න්‍යායට ගෙනියන ආණ්ඩුව.

Spread the love

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අංජබජල්ය.මේ ලොන්ත ආණ්ඩුවේ ඇත්තේ ⁣කයිවාරුව හා හොරකම විතරමය.ඇඟිලි දහයයි වැඩ කෝටියයි කියා හැට නව ලක්ෂයක් වූ පැන්සල් කති⁣රයෙන් ශ්‍රී ලංකාවේ ජනපති පුටුවේ වාඩි වූ කර්නල් වීරයා අට පාස් සාමාන්‍ය සෙබළෙක් තරම්වත් වැඩ්ඩෙක් නොවන බව නම් පෙන්වා දී හමාරය.

රාජපක්ෂ තියරිය…..

ඔහුගේ මෝඩ උද්දච්චකම කෙළවරක් නැත.පොදුජන පෙරමුණු මන්ත්‍රී සැට් එක ඉන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී බව තේරුම් ගෙන මොනවාවත් කර කියාගන්නට බැරි තරමට හුස්ම හිර ⁣කරගෙනය.ඒ මන්ත්‍රී මැති ඇමති සැ⁣ට් එක දැන් කල්පනා කරනවා ඇත්තේ ළිඳේ වැටුන එකා ළිං කටෙන්ම ගොඩ එනවා මිස වෙන විකල්පයක් නැති බවය.⁣රාජපක්ෂ සනුහර කෝමත් බලය තියෙන විට බොහොම උද්දච්චය.උන් කරන කියන හැම දේම ඕකේ කරන වුන් මිස එවුන්ගේ ගොබ්බ වැඩ වලට එරෙහි වෙන්නන්ට නම් මේ රාජපක්ෂ බලය තුළ පැවැත්මක් නැත්තේය.තමන්ට එරෙහි දේශපාලන ප්‍රතිවාදියා අනුකම්පා විරහිතව විනාශ කර දැමීම රාජපක්ෂ තියරියයි.

මේ කාලකන්නියන්ට දුක්විඳින ජනතාව ගැන වගේ වගක් නැත. අනුකම්පාවක්ද නැත්තේය.මේ වන විට රටේ ජනතාවට සිදුවී ඇත්තේ ටක් ගානව ටුක් ගානව ටිකක් කනව දොර වහනවා න්‍යායට ජීවත් වෙන්නය.
ජනපති නන්දසේන යනු යුද්දය පැවති අවදියේ රුසියානු මිසයිල් ගණුදෙනුවෙන් බිලියන ගණනාවක් වංචා කෙරූ අම්බ හොර ගෙඩියෙකි.ඒ වංචාව ලියකියවිලි සහිතව අනාවරණය කළ මාධ්‍යවේදී ලසන්ත තිරිසන් ආකාරයට ඝාතනය කරන්නේද මේ නන්දසේනය.යුද ජයග්‍රහණයේ ගිණි කන වැටුන මනසින් හා රණවිරු ඇන්දිල්ලෙන් මංමුලාව ජීවත්වූ ජනතාවගේ අපොයි අපේ වීරයා වූ නන්දසේන මෙවැනි අමුම අමු තිරිසන් වැඩ සිදු කරන්නෙක් යැයි හීනෙකින්වත් කල්පනා කළ නැති බව විශ්වාසය.අද රට වල පල්ලට ගොස් ඇත්තේද කෙළවරක් නැතුව සමාජය තුළ වැපිරුණ මේ ගොබ්බ රණවිරු උදානයේ අස්වැන්න බව අප වටහා ගත් යුතුමය.

රනිල් හා මහින්ද ගේ අඹ යාළු මිත්‍රකම…….

මේ රණවිරු ආඩම්බරයට මුවා වී රාජපක්ෂ හැතිකරය ⁣සොරකම් කර මහජන දේපො⁣ළ ⁣කෝටි බිලියන ගණනාවකි.මේ වංචාවන්ට එරෙහිව කටයුතු කරන්නට මහජනතාව යහපාලනය වෙත ලබා දුන් අවස්ථාව ඔවුන් විසින් නැවත රාජපක්ෂවරුන්ටම පික් පොකට් ගසා ගන්නට අවස්ථාව ලබා දෙන ලදී.රනිල් හා මහින්ද ගේ අඹ යාළු මිත්‍රකම යහ පාලනයේ විනාශයේ පදනම විය.සේනාධිපති ගේ මුදල් මත කරණම් ගැසූ විජයදාස රාජපක්ෂ වජිර අබේවර්දන වැනි ඩීල් කාරයන් යහපාලනය කනත්තට දක්කා ගෙන යන්නට පාවඩ එලූවන්ය.මේ සැට් එක අදද එසේමය.
ශ්‍රී ලංකාව පුරා ඉතා බිහිසුණු විදියට පැතිරෙමින් පවතින කෝවිඩ් රෝගය රාජපක්ෂ හැතිකරයට මැණික් ඉල්ලමකි.පළමු රැල්ලේදී මං තමයි හොඳට කෙරුවේ යැයි රැස්වීම්වලදී කොරවක් හිනා දැමූ ජනපති නන්දසේන තවමත් වැඩ කරන්නේ මං පොර විදියටමය.රට මෙතරම් ලෙල්ලට ඇණ ගෙන තිබියදීත් මේ පොර කෝවිඩ් මර්ධනය පිළිබඳව වසංගත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සැළසුම් ප්‍රතික්ෂේප කරමින් සිටී.මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැන් ඉන්නේ වයසට යාමේ කෝමා තත්වයෙනි.

ඩිපාර්චර් ලෝන්ච් එකේ වීසා….

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳිමින් බැරි මර ගාතයේ සිටින අගමැතිවරයාට දැන් පරණ සෙල්ලම් දැමීමට බැරිය.ඩිපාර්චර් ලෝන්ච් එකේ වීසා වදින තුරු හරියට හුස්ම ගන්නත් බැරි තරමේ විඳෝන අගමැතියාට දැන් දැන් තමන් පෙර සිදු කළ අපත අවලම් කම් හා වැරදි ගැන ඉඳහිට හෝ සිහිපත් වෙනවා ඇත්තේය. සැබැවින්ම දැන් මේ අමානුෂික මනුස්සයාට හීනෙන් පේනවා ඇත්තේ පොත්ත සුදු ගැටිස්සියන් නොව සුදු කොඩි බව නිසැකය.කර්මය මේ ආත්මයේම පල දෙනවා කියන්නේ ඕකටය.හැබැයි මේකා කරපු කියපු දේවල්වල හැටියට ඔය මදිය.තව විදෝවන්න ඕනෑය.මේ අගමැතියා තරම් බෞද්ධ චීවරය බිමට එලා බූරුවා ගස්සවා යහමින් තෝන් ගත් වෙන කිසිම දේශපාලන නායකයෙක් ශ්‍රීලංකාවේ සිට නැත.

මේ දේශපාල බුද්ධාගම් බූරු කාරයාටම ගැලපෙන ජරා ජීරණ කහකඩයෝ සැට් එකක්ද සිටී.මේ කහකඩයෝ දෙසන බණ බුදුන් වහන්සේ දෙසූ බණ නම් නොවේ.උන්ගේ පඩික්කම් පැවැත්මට ටෙලි වෙන බණය.ඒ පඩික්කම් බණ සමාජය තුල පතුරවමින් රාජපක්ෂ හොර හැත්ත සදාකාලිකව බලයේ තබා ගැනීම මේ කහකඩ ගනින්නාන්සේලාගේ අරමුණ විය.ඇතැම් කහකඩ⁣යන් රාජපක්ෂ නිකායේ කක්කුස්සි හෝදන තරමට වහළුන් වූයේ මුන්ගේ පැටිකිරියේ තරම ලියවුන පයිල් අගමැතියාගේ අල්මාරියේ තියෙන නිසාය.රට අද කණපිට හැරවී ඇත්තේ රාජපක්ෂ හැතිකරයේ මේ තක්කඩි වැඩ නිසා බව තවමත් ජනතාව තේරුම් අර ගෙන නැත.පණපිටින් අපායේ විඳවන තරමේ කැත අසික්කිත අවලම් හොර වැඩ සිදු කර ඇති දැනටත් සිදු කරමින් සිටින රාජපක්ෂ හැතිකරය බලයේ සිටින තුරු ශ්‍රී ලංකාවේ ගෝත්‍රික ළිං මැඩියන්ට හා උන්ගේ පවුල් වලටද කරුමය ඉහ උඩ තබා ජීවත්වන්නට සිදු වනු ඇත.

කෝවිඩ් රෝගය ආරම්භයේම රට වසා…..

අද රට පුරා ඇසෙන්නේ ඒ කරුමයේ අඳෝනාවය.
මෙම කෝවිඩ් රෝගය ආරම්භයේම රට වසා සංවිධානාත්මකව කටයුතු කෙරුවේ නම් මේ තරම් අභාග්‍යසම්පන්න හා අවාසනාවන්ත වටපිටාවක් ලංකාවේ නිර්මාණය නොවන බව සහතිකය.ඔළුවේ සිට අධෝමුඛය දක්වාම මිථ්‍යා දෘෂ්ඨික යන්ත්‍ර මන්තර ගුරුකම් පිළිබඳව විශ්වාසය තියා ජීවිතය හැඩ ගස්වාගෙන ඇති රාජපක්ෂ සනුහරය රෙන්න යන්නේද නැකතටය.හෙට දවස සැළසුම් කරන්නේ කට්ටඬියන් ගේ සාස්තර වලින් හා අංජනම් වලිනි .රාජපක්ෂලා උන්ගේ ජීවිත ආරක්ෂාව පවා සහතික කරගන්නේ සීනිගම කතරගම හා මුන්න්නේශ්වර ⁣දේවාලවලට පඬුරු පාඩුක්කකම් බිලි පූජා පවත්වමිනි.මේ කාරණා රට නොදන්නා ඇත්තම ඇත්ත කාරණාය.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් පැතිරයාමට ඇරඹෙද්දී රාජපක්ෂ හැතිකරය කල්පනා කෙරුවේ කට්ටඩි ගුරුකම් වලින් රෝගය සුවපත් කර ගත හැකි බවය.ධම්මික පැණිය සමාජගත වෙන්නේත් මුට්ටි ගඟට අතාරින්නේත් මේ කට්ටඬියන් ගුරුකම්කාරයන් හා අංජනම් කාරයන්ගේ උපදෙස් පරිදිය.රාජපක්ෂ හැතිකරය එළියට පහළියට පැමිණ ධම්මික පැණි නොබිව්වද මුට්ටි ගඟට අත නෑරියද ඒ නාටක සියල්ල නිශ්පාදනය වූයේ රාජපක්ෂ සනුහරේ නියෝග වලට යටත්වය.මේ ගොං තකතිරු මන්ද මානසික කෙරුවාවන් තුළින් සමාජයේ හිනාවට ගොදුරු වූයේ පොදුජන පෙරමුණු රජයේ ඇමතිි සෙට් එකය.මේ මී හරකුන් සෙට් එකද රාජපක්ෂ හැතිකරයේ කරන කියන ඕනෑම දෙයක් ඔළුව උඩ තියාගෙන පුද පූජා පවත්වන වුන්ය.එලෙස රාජපක්ෂ හැතිකරයේ ඕනෑ එපාකම් වලට රිසි ආකාරයෙන් පුද පූජා පවත්වන තරමටම මේ මී හරක් ඇමති මන්ත්‍රී සැට් එකටද උන්ගේ පවුල් වලටද සූප්පු කර රහ විඳින්නට මස් කටු ලැබෙන්නේය.

සුඛෝපභෝගී වාහන ගෙන්වන්නේ…….

පහුගිය දිනවල රටට අත්‍යවශ්‍ය ප්‍රතිශක්ති කරණ එන්නත් වෛද්‍ය උපකරණ ගෙන්වීම පසෙක දමා සුඛෝපභෝගී වාහන ගෙන්වන්නේ ඒ නිසාය.අමාත්‍ය මණ්ඩ⁣ලයේ අනුමැතියට යටත්ව සිද්ධ වූ මේ ගණුදෙනුව මේ වනවිට අගමැතියාගේ නියෝගයෙන් අත්හිටවූ බව කියවේ.එහෙත් මේ අත හිටුවීම සිදු කරඇත්තේ තාවකාලිකව බව කිසිවකු නොදනී.⁣හොංකොං බැංකුවක් සමග ලංකා බැංකුව සිදු කර ඇති මේ වෙළඳ ගිවිසුම අගමැතිට ඕනෑ විදියට කැන්සල් කළ නොහැකිය .එය ඒ විදියට සිද්ධ වුව හොත් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී ලංකා බැංකුව බ්ලැක් ලිස්ට් වීම සහතිකය.රටේ ගොනුන් ඕං අපේ වීර අගමැති අප්පුච්චා ඒ වාහන ගේම් එක නැවැත්වූවා යැයි මාර චූන් ටෝක් දුන්නාට ඇත්ත කතාව සිද්ධ වෙන්නේ එහෙමය.
කට්ටිඬියන්ගේ ගුරුකම් උපදෙස් නිසා රාජපක්ෂ හැතිකරය සිතුවේ කෝවිඩ්
ප්‍රතිශක්ති එන්නත් කරණය රටට අවශ්‍ය නොකරන බවය.මේ හැතිකරය ඒ තරම⁣ටම මෝල් යක්කුය.එනිසාම ⁣ආණ්ඩුව ප්‍රතිශක්ති එන්නත් නිශ්පාදනය කරන රටවලින් ඒවා ඇනවුම් කිරීමට කිසිදු ප්‍රයත්නයක් නොදරන ලදී. ධම්මික පැණිය නිපදවූ මානසික ලෙඩාට රජයේ මුදලින් ඇඹරීමේ යන්ත්‍රයක් පවා ප්‍රදානය කෙරුනේ මෙම පැණියෙන් කෝවිඩ් අවසන් වෙනු ඇති බවට ගනන් හදාගනිමිනි.මුං හැතිකරය හීන දැක්කේ දම්මික පැණිය රට රටවල් වලට පවා අලෙවි කිරීමටය.ගොබ්බ රාජපක්ෂ හැතිකරය යනු අසූචි විකිනීමෙන් ලාබයක් ලැබේනම් හෝ යම් වෙළඳාමකින් අතට ගාණක් එනවා නම් මිනිස් ජීවිත තුට්ටුවට ගනන් ගන්නෝ නොවෙති.මුන් වටේ සිටින්නේද ⁣මුන්ටම ගැලපෙන පජාති බිස්නස්කාර හැත්තකි.

අද වෙසක් කූඩුු එල්ලන ලද්දේ ඒ නඩුව අහන විනිශ්චයකාරයා…….

රාජපක්ෂ හැතිකරයේ අමු තක්කඩියා ඇමරිකානු ජාතික බැසිල් රාජපක්ෂය.මේකා මහජන මුදල් කෝටි ගණනක් වංචා කරමින් මල්වානේ තැනූූ මන්දිිරය පිළිබඳව මේ වන විට අධිකරණ නඩු විභාගයක් පවතීී. එහෙත් අද වෙසක් දිනයේ මෙම මන්දිරයේ වෙසක් කූඩු දල්වා ඇති ආකාරය දැක්වෙන ඡායාරූූප සමාජ මාධ්‍ය වල පලවී තිබේ.නඩුු භාණ්ඩයක් ලෙස තිබෙන මේ මන්දිරයේ අද වෙසක් කූඩුු එල්ලන ලද්දේ ඒ නඩුව අහන විනිශ්චයකාරයා⁣යැයි හෙට දවසේ ආණ්ඩුව කියනු ඇත්තේය එය එසේ නොකිව්වොත් තමා පුදුමයට පත් විය යුතු වන්නේ.මුන් සමාජයට දෙසා බාන ⁣ඕනෑම බොරුවක් ඇත්තක් යැයි සිතන අදහන ⁣මුග්ධ සමාජයක් ශ්‍රී ලංකාවේ සිටී.අද ලංකාව මර අඳෝනා නගන්නේ මේ තකතිරු ඇදහිල්ල නිසාමය.පවට පින් දෙන්න බෑ කියන්නේ කට කසනවාට නොවේ.චීන සමාගමක් මගින් බැසිල් කාලකණ්නියාගේ බිරිඳ ගේ ගිනුමට ඩොලර් කෝටි ගනනක් බැර කොට ඇති බවට අනාවරණය විය.එහෙත් මේ ලංකාවේ උන් මේ ජාවාරම්කාර ගනුදෙනු ඇත්තක් බවට පිළිගන්නේම නැත.ඒ තරමටම පවුකාර හැත්තකි ලංකාවෙි ගොබ්බයන්.

සංචාරකයන් මෙරටට ගෙන්වූයේ අත්හදා බැලීමට…….

බැසිල් යනු අමු තිරිසන් මෙලේච්ඡයෙක් බවට තහවුරු කරන කට ගැස්මක් මේ වන විට සමාජ මාධ්‍යවල පාවෙමින් තිබේ.හිරු වාහිනියේ පැවැති දේශපාලන සාකච්ඡාවකදී මේ කාලකණ්නියා කෝවිඩ් රෝගය ඉතා බරපතල ලෙස ව්‍යාප්ත වූ රුසියානු රටකින් සංචාරකයන් මෙරටට ගෙන්වූයේ අත්හදා බැලීමට බව පවසා සිටී.මෙය ඇඟ හිරි වැටෙන තරමේ හිට්ලර් පන්නයේ අති අමානුෂික ප්‍රකාශයකි.ජාත්‍යන්තරව පවා රටවල් විනාශයට පත් වන ආකාරයෙන් පවතින බරපතල ව්‍යසනයක අවදානමක් ගනිමින් මුදල් හම්බ කරගැනීමේ අත් හදා බැලීමකට රටේ ජනතාව අවදානමට හෙළීම කෙතරම් තිරශ්චීන ක්‍රියාවක්ද යන්න විරුද්ද පක්ෂය පවා අදටත් ප්‍රශ්න නොකිරීම විමතියට කරුණකි.සැබවින්ම කාලකණ්නි බැසිල් රාජපක්ෂ රටේ මිනිසුන් පර්යේෂණගාර මීයන් බවට පත් කළ මේ මහා අපරාදය සමූහ මිනිස් ඝාතනයකි.වර්තමානයේ කෝවිඩ් වැළඳී ප්‍රතිකාර ලබන විපක්ෂ නායක හා ඒ බිරිඳට අපහාස හා චෝදනා නගනවුන් බැසිල් රාජපක්ෂගේ මේ සාහසික අපරාදය ගැන කටේ කෙල බිඳුවක් හෙළන්නේ නැත.

රාජිත ඇමතිවරයාට එරෙහිව අවි අමෝරා…….

අදොමයැ.ඒ වහල්කම නිසාමය යහ පාලන සමයේ ජනපති සිරසේනට අධෝවාතයක් ගිය විට පවා ගෝරනාඩු කළ ගොම සංගම් වෛද්‍ය කල්ලියද ඊනියා දේශප්‍රේමී කහකඩයන්ද වියතක් නැතුව පෙළ ගැසුන වියතුන් සැට් එකද බැසිල් රාජපක්ෂගේ මේ හිට්ලර් පන්නයේ අමානුෂික කෙරුවාවට එරෙහිව කටක් ඇරියේ නැත.අද රට රහ බලමින් සිටින්නේ මුංගේ මේ නින්දිත කෙරුවාවන්ගේ තක්කඩි පෙළගැස්මේ කරුමක්කාර අස්වැන්නය.අද වන විට වෛද්‍ය ගොමා සංගමය ශ්‍රී ලංකාවට ගෙන්වූ එන්නත් මුදලට අලෙවි කරමින් සිටී.එහිදී උන්ගේ පවුල් හැතිකරයටද එන්නත් ලබා දී තිබේ.රටේ අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයන් නොසලකා හරිමින් ⁣ගොමා වෛද්‍ය සංගමයේ පාදඩයන් තම තමන්ගේ ගේ නිවාස වල බල්ලාටද පවා ප්‍රතිශක්ති කරණ එන්නත් සපයා ගැනීම ලැජ්ජා සහගතය.මේ කාලකණ්නි⁣යන් රටේ ජනතාවගේ බදු මුදලින් සංවිධානය කෙරෙන නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය වෘත්තියට පිවිසුන උන් වේ.එහෙත් වර්තමානයේ තිරිසන් ගොමා වෛද්‍ය කාලකණ්නියන්ද රාජපක්ෂ හැතිකරය තරමට ගැලපෙන අසික්කිත පාදඩයන් කොටසක් බව මේ සිදුවීමෙන් නිශ්චය කර ගත හැක.මෙම ගොමා සංගමයේ පාදෙනිය නම් වූ පාහරයා ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගය පැතිරී ගිය මුල් අවස්ථාවේදී රාජපක්ෂ හැතිකරය ප්‍රමෝට් කළ ධම්මික පැණිය ආවැඩූ එකෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාව තුළ ⁣දෙවිවරුන්ද සිටින බව ඔවුන්ගේ අභිමානනීය ගරුත්වය මෙහි වෙනුවෙන් සඳහන් කළ යුත්තේමය.
යහපාලනය සමයේ සෞඛ්‍ය අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්නට ⁣රටේ ජනතාවට ⁣විශිෂ්ට මෙහෙවරක් කළ ඇමතිවරයෙක් බව සිහිපත් කළ යුතුමය.⁣රාජිත ඇමිතවරයාගේ ⁣ඒමෙහෙවර ඇගයීමට ලක් විය යුතු වන්නේ ඔහුට පෙර ශ්‍රී ලංකාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් කළ සේවාවන් සසඳමිනි.රාජිත අමාත්‍යවරයා වෛද්‍ය මිනීමරු මාෆියාවේ අපහාසයට උපහාසයට නිගරුවුට ලක්වුවද රෝගීන් සඳහා වූ බොහෝ වෛද්‍ය ඖෂධ මිල අඩු කරන ලද්දේය.සැත්කම් සඳහා අවශ්‍ය කෙරෙන දෑ මිල පාලනය කරන ලද්දේය.ඒ දිනවල පැනඩෝල් පෙත්තක මිල පවා පහලට හෙළිිිනි.මාෆියක්ව පැවැති අකෂි කාච නොමිලයේ සැපයිනි.පිළිකා රෝගීන් සඳහා වූ වෛද්‍ය ඖෂධ සහන මිලට හෝ අඩු ආදායම් ලාභීන්ට නොමිලයේම නිකුත් කෙරුණි මේවා ගොමා වෛද්‍යවරුන්ගේ පාදඩ ඒකාධිකාරයට මහත් අභියෝගයක්ම වූ බව පැහැදිලිය.මුන් හැත්ත රාජිත ඇමතිවරයාට එරෙහිව අවි අමෝරා ගත්තේ අහිංසක රෝගීන් උකසට ගනිමින් ඖෂධ සමාගම් සමග සිදු කළ කසඩ ජාවාරම් වලට පහර පිට පහර වැදුන බැවිනි.මෙම ගොමා වෛද්‍ය සංඟ⁣මයෙන් වුන් දැඩි හීනමානයකින් පෙළන වුන් බව උන්ගේ කියුම් කෙරුම් වලින් හෙළිදරව් කළ ගත හැකිය.මේ තකතිරු වෙද්දු සිතන්නේ ර⁣ට පාලනය විය යුත්තේ උන්ට ඕනෑ විදියට කියාය.මේ⁣ ගොමා වෙද්දු සෙට් එකේ ⁣දෙමවුපියන් ⁣මාසික දෛනික වැටුපට දා දිදිය මහන්සියෙන් ජීවිතය ගෙන කුලීකාර පන්තියේ වුන්ය.වෛද්‍ය වෘත්තියට මේ ගොමා වෙදුන් ඉගෙනගත්තේ බොහෝ දුක් මහන්සියෙනි.වෛද්‍ය වෘත්තියට පත්වූ පසුව උන් හිතන්නේත් ජීවත්වන්නෙත් උන් විසින්ම ගොඩ නගාගත් මනෝ ලෝකයකය.තමුන් ජාතක කළ සිරිසේන ජේමිස් හීන් හාමිනේ ජේන් නෝනලා තමන්ගේ අම්මලා තාත්තලා වූ බව මේ⁣ උද්දච්ච දොස්තරලා හිතන්නේ නැත.උන්ට ඒ ගැන ඇත්තේ හීනමානයකි.මේ හීනමාන ඇරියස් එක එවුන් කවර් කරන්නට උත්සාහ කරන්නේ දොස්තරලා නැතිනම් රට කපෝතිය කියලා හිතාගෙන වැඩ කරමිනි.ගොමා වෙදුන් සැට් එක එයට හොඳම එක්ස්සාම්පල් එකය.අද රට පුරා කෝව්ඩ් රෝගය බරපතල ලෙස පැතිරයද්දීද මේ ගොමා වෙද්දු සැට් එක මහසෝනාට අඳින්න හදන්නේ ඒ නිසාය.මේ හැතිකරය හිතන්නේ වසංගත වෛද්‍ය විශේඥයන් පවා උන් කියන කියන විදියට චීත්ත අඳින්න ඕනෑ බවය.

ජනපති නන්දසේන ගේ මොනිටසෝරි පාලනය……

ජනපති නන්දසේන ගේ මොනිටසෝරි පාලනය එක පැත්තකින් රට තුල කෝවිඩ් රෝගය පැතිරී යාමට ඉඩදී නිස්කලංකේ සිටි බව දැන් තහවුරුය.එය චීනය හා ජාවරම්කාර වෙළඳ ගණුදෙනු වලට එන මහජන විරෝධය යටපත් කිරීමට හා සැඟවීමට මහත් රුකුලක් වූ නිසාවෙනිි.අද චීනය හා ලංකාව අතර සිදුවන ⁣ජාවරම්කාර රහස් ගනුදෙනු පිළිබඳව සොයා බලන අයෙකුට එය නිශ්චිතව තහවුරු කර ගත හැකිය.හෙට අනිද්දා විට පෝට් සිටි ව්‍යාපෘතියේ එක්පාර්ශවයක් වන චීනය පෝට්සිටියේ ආරක්ෂාව සඳහායැයි ප්‍රකාශ කොට චීන හමුදා සේනාංකයක් ස්ථානගත ⁣කිරීමට ඉඩ තිබේ.චීනයට ඒ සඳහා පෝට් සිටි පනතින්ම නෛතික බලයක් පවරා ඇත.

අම්මා චීනාට විකුණුව……

අද දේශප්‍රේමීන් කිසිවකු නැත.උන්ගේ අම්මා චීනාට විකුණුවද රැස්පොට් ස යැයි කියන පොදුජන පෙරමුණු ඇමති මැති මන්ත්‍රී රැළක් ආණ්ඩුවේ සිටී.වලපල්ලට යන ජනතාව ගැන මේ පාහරයන්ට ගාණක් නැත.රටට ආධාර පිණිස ලැබුන එන්නත් තොග මේ දේශපාලන පාහරයන් ලබා ගෙන තිබේ.ඒවා උන්ගේ පවුල් වලට බෙදා හරින අතරේම නින්දිත ආකාරයෙන් වෙළඳාම් කරමින්ද ඇත්තේය.මිල්ටෙරිකාර හමුදාපතියා හා ඔහුගේ ඇඹෙනියද කෝවිඩ් බිස්නස්ය.මේකා හමුදා නිළ ඇඳුම උකස් කරමින් කරන්නේ සිල්ලර වැඩය.මේකාගේ
කෙළවරක් නැති ජාවරම්කාර බිස්නස් ගැන කවුරුත් ඉන්නේ නොදන්නා ගාණටය.රණවිරු මාන්දම වැළඳී ඇති ලංකාවේ උන්ට ඒ රෝගයේ බරපතල කම මතක් වෙනු ඇත්තේ තමන්ගේ එකෙකු කෝවිඩ් ප්‍රතිකාර නොලබා වල පල්ලට ගිය දවසටය.එතෙක් මේගොන් වාහෙලා රාජපක්ෂ හැතිකරයට වාල් කරමින් සිටිනු ඇත්තේය.

ජඩ මාධ්‍ය……..

සියල්ල වෙනස් වෙන දවසක් හිතා ගන්ටත් බැරි තරමේය.විපක්ෂය එදා වේල ටුවර්ස්ය.උන්දගේ විරෝධය දවස ගෙවා ගැනීමේ කිරි පණු විරෝධයක්ම පමනි.අද ලංකාවේ මාධ්‍ය කඩේයන්නේද ආණ්ඩුවටය.විපක්ෂයට නෝ චෑන්ස්ය මේ ජඩ මාධ්‍ය භාවිතයට එරෙහිව විපක්ෂයෙන් හඬක් නැත.සැබැවින්ම දැන් විපක්ෂය ආණ්ඩුවේ කාලකණ්නි ජාවාරම්කාර ගනුදෙනු ගැන සතිි පතා හෝ පෝස්ටර් මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩකට යා යුතුමය.
එසේ විධිමත් වැඩසටහනක් නොමැතිව බලය ඇල්ලීම නම් හීනයක්ම පමනකි


Spread the love

Leave a Comment

You may also like