ලංකාවට කොවිඩ් වසංගතය පැමිණිවහාම ගෝඨාභය ජනාධිපති වරයා සිදුකල පලමු කාර්යය නම් කෝවිඩ් අරමුදලක් ස්ථාපනය කොට එහි භාරකාරත්වයට බැසිල් රාජපක්ෂව පත් කිරීමයි.
එතැන් සිටම දේශිය හා විදේශිය ආයතනවලින් කොවිඩ් මැඩලීමට වහාම ශ්‍රි ලංකාවට ආධාර ලබාදෙන ලෙසට ලෝකයේ බලවත් රටවලින් හා විවිධ ජාත්‍යන්තර ආයතන වලින් ඉල්ලීම කලේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ,ඹ්ස්ට්‍රේලියාව ,ඉන්දියාව ,චීනය වැනි රටවල් මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ,ලෝක බැංකුව , වැනි ජාත්‍යන්තර ආයතන ද ආධාර ලබාදී ඇත.
එම ආධාර කෙලින්ම ලබා ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒවා රටකට ලැබෙන ආධාර මිස බැසිල් රාජපක්ෂව නගා සිටවීමට දෙනු ලැබු ආධාර නොවීය . රටේ ජනතාව වසංගතයෙන් ගලවා ගැනීමට ලබාදුන් මුල්‍යමය ආධාරය. ණය ගැනීම වලට ඇමතරව ලැබු ඒවාය. ඒ පිලිබදව එවකට රජයෙන් දිගින් දිගටම විපක්ෂය ප්‍රශ්ණකල අතරම එම ආධාර බැසිල්ට ලබා ගැනීමට ඇති රාජ්‍යතන්ත්‍රික භාවය පිලිබදව පවා ප්‍රශ්ණකලාය . ඒත් අද වනවිට එම මුදල් ලබාදුන්නේ කවරකුද, කවර ආයතනයකින්ද , ,කොපමණ මුදලක්ද, යන්න කිසිදු තැනක සටහන්ව නැත.
මේ පිලිබදව මහබැංකුවේ ප්‍රධාන නිලධාරියෙකු ගෙන් අප විමසීමේදි ඔහු කියා සිටියේ එම මුදල් භාණ්ඩාගරයට පැමිණ නැති බවත් ඊට ඔවුන් කිසිදු වගකීමක් නැති බවයි. ඉතාම පැහැදිලිවම එම මුදල් කෝටි 1200 කට ආසන්නව ගෝඨාභය ලා හොරකම් කර ඇත .
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මංඩල හිඟය…..
මහබැංකු වාර්තාවන්ට අනුව වෛද්‍යවරුන් 640 ක හිඟයක්, හෙදියන් , සුළු සේවක පුරප්පාඩු කිසිවක් රජය මේ තාක් පියවීමක් නොකරන්නේ රජයට එම සෞඛ්‍ය සේවාවේ වියදම් දරා ගැනීමර්ට බැරි නිසා බවය. ඒත් කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව මුදා ගැනීමට දුන් මුදලුත් දැන් හෝරා කෑ ඇති බව ඉතාම පැහැදිලිය. සුනාමි පැමිණි විට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදලක් පිහිටවා එවකට කෝටි ගනනක් හොරා කෑ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් එකතුව දැන් කොරෝනා සල්ලිත් හොරා කා ඇති බව සහතිකය . මෙම මුදල් වියදම් වු ආකාරය පිලිබදව රාජ්‍ය සංඛ්‍යා ලේඛණ කිසිවක් නැත.