උණුසුම් පුවත් දේශපාලන

ඇමරිකානු පුරවැසියා ශ්‍රී ලාංකිකයන්ට මරු කැඳවයි

Spread the love

මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඇසෙන්නේ දුක් අදෝනාය සෝ සුසුම්ය විලාපය එහෙත් ඒ වේදනාබර හඬවල් තිරිසන් රාජපක්ෂ ආණ්ඩුව යටපත් කරලාය.කෝවිඩ් ව්‍යාප්තියෙන් හම්බ කරගෙන කන බොන මිල්ටේරි හමුදාපතියා බබා මාක් එකෙන් ර⁣ට ගොනාට අන්දමින් සිටී.රට පුරා පවතින සැබෑ තත්වය මේ යැයි කියමින් වෛද්‍ය වරු අතන මෙතන අහුමුළු වල හූල්ලමින් සිටී.කෙසේ වෙතත් කාලකණ්නි ජනපති නන්දසේන කිසිවෙකුගේ උපදෙසක් මායිම් නොකරණ උද්ච්ච අමු ගොං තඩියෙකි.මේ වාහේගේ ගොං තඩිකම ඇත්තේ මං පොර යැයි සිතා සිටින විදියට මිස මේ වන විට ඇමරිකාවේ ජීවත්වන මිණිබිරියගේ ගිණුමේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන මුදල් මං කොල්ල කන ආකාරයේ නොවන බව කවුරුත් දැන ගත යුතුය.ඇමරිකාවේ ගෙයක් දොරක් තබා බිම් කැබැල්ලක් පවා නැතුව කුලී නිවසක ජීවත්ව පරිගණක දත්ත ක්‍රියාකාරිකයකුව රස්සාව කරමින් සිට කාලකණ්නි මහින්ද ජනපති වූ විට ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් කමේ වැඩ ඇරඹූ මූ රුසියන් මිසයිල් වංචාවකින් ලබා ගත් කෝටි ගනනකින් කැළිෆෝනියාවේ ඉඩමක් හා ගෙයක් මිලයට ගැනීමට තරම් වාසනාවන්ත විය.මේවා ගැන හාරා අවුස්සා නොබලන හා විශ්වාස නොකරන අම්බ මී හරක් ලංකාවේ ජීවත් වන තුරුම මේ තිරිසන් රාජපක්ෂ හැතිකරය ලංකාව හප කර යුෂ උරා බොන බව සහතිකය.අද වන විට කාලකණ්නි ජනපති ගේ කැළිෆෝනියාවේ ඇති දේපොළ හා පත බැංකු ගිණුම්ගත වටිනාකම ලංකාවේ ණය බරින් අඩක් ගෙවා දැමීමට තරම්ය.බොරුවෙන් හා වංචාවෙන් ජීවත්වන කාලකණ්නි රාජපක්ෂ හැතිකරය ඉදිරියේදී ඉතා පහසුවෙන් එළවා බලය ලබා ගැනීමට හැකි වෙතැයි විපක්ෂය සිතා සිට්න්නේනම් එය අමුම අමු අබ්බ ගොබ්බ කමකි.පෝටි සිටි පනතේ සම්මතය එයට එක උදාහරණයකි.මේ පනත මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර කරන්නා වූ පනතක් වුවද එයට එරෙහිව පොදුජන පෙරමුණේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මීක් නොකියන ලදී.ඉන් හැගෙන්නේ කාලකණ්නි ජනපති නන්දසේනගේ ආණ්ඩුවේ සංවිධානාත්මක ශක්තිය හයිය හා බලය මිස අන් යමක් නොවේ.මිල්ටෙරි හමුදාපතියා හැමදාම රූපවාහිනී තුල පෙන්වන්නේද මෙි ආණ්ඩුව විසින් රටේ ජනතාව මනෝ මූලික බිය ජනක හැඩ ගැස්වීමකට මිස ⁣අන් යමකට නොවේ.මේ මිල්ටේරි හමුදාපතියා තරු ඔටුනු පදක්කම් එල්ලාගෙන පොර ටෝක් දෙමින් ජනතාව තුල ඇතිකොට තිබෙන සාවද්‍ය විශ්වාසය කඩා බිඳ දමන්නට විපක්ෂයට ලේසියෙන්ම නොහැකිය .ඒ අතරම රට තුල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයන්හි ⁣පොදු ජන පෙරමුණු මැම්බර්ලා සමෘද්ධි හිඟන ජනතාවට දමා ඇතිි නාස් ලණුවද ලේසි පාසු නාස් ලණුවක් නොවේ.මේ සියළු සාධකයන් විග්‍රහ කර බලනවිට විපක්ෂය මොන බයිලා ගැහැව්වත් කාලක්න්නි ජනපති නන්ද සේන හා රාජපක්ෂ හැතිකරයේ බලය තවමත් සවිමත්ය.
මේ අවස්ථාවේ ඇමරිකාවේ ජීවත්වන උපන් මවුබිමට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෙක් සිටී නම් රට වෙනුවෙන් ඉටු කළ හැකි වගකිව යුතු සහ වටිනා මෙහෙවරක් තිබේ.ඒ මෙසේය.පසුගිය දිනක ශ්‍රී ලංකාා⁣වේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ස තිරිසනා යුක්රේනයෙන් මෙරටට සංචාරකයන් ගෙන්වූයේ කෝවින් රෝගය මෙරට ව්‍යාප්ත වේද යන්න අත්හදා බැලීමට යැයි ප්‍රසිද්ද ප්‍රකාශයක් කරන ලදී .සැබැවින්ම මෙය ඉතා බරපතල හි⁣ට්ලර් වාදී අමානුෂික ප්‍රකාශයකි.කොවිඩ් රෝග ව්‍යාප්තිය හා සමගාමීව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා අමානුෂික ආකාරයෙන් රටේ ජනතාව පර්යේෂණාගාර මීයන් කර ගැනීමට ඔහු අදහස් කරගෙන සිටි බව ඉන් හැඟවේ.ශ්‍රී ලංකාව තුල නම් මේ ප්‍රකාශය ඉතා සිල්ලර හා හෑල්ලු ප්‍රකාශයක් විය හැකිය.එහෙත් ඇමරිකානු ව්‍යවස්ථාවේ පුරවැසියෙකු ලෙස පැවරී ඇති මානුෂික නෛතික වගකීම තුල මෙය මෙලෙච්ඡ තිරිසන් ප්‍රකාශයක් බව තතු දන්නෝ දනිති.එම පුකාශය තව දුරටත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් ලෙසද සැළකිය හැක්කේය .එය එසේවන්නේනම් ඇමරිකානු පුරවැසියා ලංකාව තුල සිට සිඳුකළ මේ මෙලේච්ඡ අමානුෂික ප්‍රකාශයට එරෙහිව දැනට ඇමරිකාවේ ජීවත්වන අප මවුබිමට ආදරය කරන පුරවැසියකු හෝ සංවිධානයක් නීතිමය ක්‍රියා මාර්ගයක් වහා ගත යුත්තේය සැබවින්ම එය අද ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව මිල්ටේරි පාලනයෙන් මුදවා ගැනීමේ ඓතිහාසික පියවරක් වනු ඇත්තේය .
ලංකා දවස ඇමරිකාවේ ජීවත්වන ඒ ශ්‍රී ලාංකික නූතන කැප්පෙටිපොළ වීරයා කවරෙක්දැයි විමසිල්ලෙන් බලා සිටී.

ශ්‍රී ලංකාවේ මහා සමූල ඝාතනයක් කළ ඇමරිකානු පුරවැසියා දැන් සිට්⁣න්නේ ඇමරිකාවේය.මේ මොහොතේ ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට මහා විනාශයක් අත් කර දුන් මේ ඝාතකයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹිය හැක

ඒ අත⁣රේම නිදිවදින විපක්ෂයට කිව යුත්තේ කාලකණ්නි නන්දසේන ගේ මිලටේරි උද්දච්ච පාලනයට එරෙහිව සටන ත්‍රීව කළයුතු බවය.පොටි සිටියේ එල්ලී රඟපෑම පමණක් වැඩක් නැති තරමේය.සැබවින්ම ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ හිට්ලර් පන්නයේ මිනිස් ඝාතන සැළසුම රටට හෙළිදරව් කොට ඒ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයට පිළිකුල දැක්වීමට විපක්ෂය මැදිහත් විය යුතුය.⁣මේ තිරිසන් ඇමරිකන් කාරයාගේ මෙලෙච්ඡ ප්‍රකාශය ජාත්‍යන්තර අධිකරණයක්  දැනුවත් කිරීමේ හා මොහු විසින් සිදු කළ මහා මනුෂ්‍ය ඝාතනයෙන් සිදුවූ හානියට ⁣ශ්‍රී ලංකා වාසී ජනතාවට යුක්තිය හා සාධාරණය ඉටු කරගැනීම විපක්ෂයේ අනිවාර්ය වගකීම වන්නේය.සැබැවින්ම ඒ කාරිය ඉටු කිරීම සිදු කළ හැක්කේ විපක්ෂය අද පවතින අන්ධ භූත ජාතකය කියවීමෙන් ඉවත්වීමෙන්ම පමණකි. 
ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ තොල කට ලෙව කමින් සිදු කළ මේ තිරශ්චීන කියවිල්ල සැබවින්ම හිට්ලර් වාදී අමානුෂික ප්‍රකාශයකි.
මේ තිරිසන් අමනුෂ්‍යාට එරෙහිව වහා හඬ නගන්නැයි අපි ජාත්‍යන්තර සංවිධාන වලින් ඉතා කාරුණිකව ඉල්ලමු.

Spread the love

Leave a Comment

You may also like