උණුසුම් පුවත්

අතීසාරයට අමුඩ ගහන සෞඛ්‍ය අමාත්‍යංශය.

Spread the love

වසංගතයක් පාලනය කලහැක්කේ ඒ පිලිබදව හසල දැනුමක් ඇති වසංගත විශේෂඥයන්ටය. ඒත් දැන් වසංගතය පාලනය කිරීමට තෝරා ගෙන ඇත්තේ හමුදාපති ශවින්ද්‍ර සිල්වාය. රටේ ජනාධිපති ගෝඨා ගේ තේරීම බව සෞඛ්‍ය ඇමතිවරු 03 නාම දනි.

ඒත් සමඟම කොරෝනා වසංගතය දැන් දිනපතාම මිනිස් ජීවිත් 100 ඉක්මවා බිලිගනිමින් ඇත. එවන් තත්වයක් තුල වසංගතය පාලනයට රටේ ජනතාව වෛද්‍ය වෘතිකයන් හරහා පෙල ගස්වනවා වෙනුවට සිදුවන්නේ එම සත්‍ය තොරතුරු සමාජයට යාම වලකාලීමයි. ඉන් සිදුවන්නේ තවත් බරපතලම ව්‍යසණයකි. ඒ රටේ රාජ්‍ය තොරතුරු ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි. දැන හෝ නොදෙන පාලකයන් මේ සිදු කරන ක්‍රියාවන් වලින් ඇතිවන් අහිතකර ප්‍රතිඵලය භුක්ති විදින්නේත් අවසානයේ රටේ ජනතාවමය.

ඒ නිසා මාධ්‍යට තොරතුරු නිකුත්  කිරීමේදි ආණ්ඩුව ඇත්ත, ඇති සැටියෙන්ම ජනතාවට කිවානම් එය ජාතිවාදි අරගලයක්, හෝ වර්ගවාදි යුද්ධයක් ස්වරුපයක් නොගනි. ඉන් සිදුවන්නේ ජනතාව වසංගතයට දැඩි බියක් ඇතිවි ස්වයං පාලනයකට හුරුවීමකි. මෙය ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන මාධ්‍ය ක්‍රමයයි. බ්‍රිතාන්‍ය, ඇමරිකාව ,ජර්මනිය වැනි රටවල් තම ජනතාවට කිසිවක් සැඟවීමට උත්සහා කලේම නැත.

කෝවිඩ් වලින් මිය ගිය ගනන් කියා ” අවසානයේ මෙම සංඛ්‍යා වලට වඩා මිය ගොස් ඇතැයි ද ඒවා මෙතෙක් අපවෙතට වාර්තා වී නැති බවත් ඒ පිලිබදව ජනතාවට කණගාටුවෙන බවත් ප්‍රකශ කරයි.  “

  ඒත් රජය දැන් සෞඛ්‍ය අංශවලට මාධ්‍යට තොරතුරු දීම වරදක් ලෙසට චක්‍ර ලේඛණ යවා ඇත. මෙය වසංගතයට වෛද්‍යවරුන් ලවා පිලියම් යොදනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යංශයට පත් කල මේජර් ජෙනරාල් වරයා ලවා භූෂණයක් වෛද වෘතිකයන්තුලට ඇති කිරීමකි. මෙය අතිසාරයට අමුඩේ ගැසීමක් නොවේයැයි කිව හැක්කේ කාටද ..?


Spread the love

Leave a Comment

You may also like