උණුසුම් පුවත්

රට කන්නන් රට පටවා රටට ආදරේ කරන්නන් ආනයනයට ජනතාව එක්සත් ජාතීන්ගේ සහාය පතයි

Spread the love

මෙය හුදෙක් රාජ්‍ය තන්ත්‍රික ගනුදෙනුවකට වඩා වසර 70 කට ආසන්න කාලයක් පුරාවටම අහිංසක ජනතාව තම ගොදුරක් කර ගෙන සාරය උරා බොන හා ශ්‍රි ලංකාව නැමති සුන්දර වු දිවයින විනාශ කරන්නන් කිසියම් දුපතකට ගාල් කර ශ්‍රි ලංකා ජනතාව බේරා ගැනීමට දායක වීමකි.

 

යහමින් රටේ ධනය හුරා කෑමට හැකියාවක් ඇති ,ඇත්ත බොරුක් සේ පෙන්වීමටත් බොරුව ඇත්තක් ලෙසට සමාජ ගතකිරීමටත් මනා හැකියාවක් ඇති, කිසිදු උසස් අධ්‍යාපනයක් නැතත් ආර්ථික විද්‍යාව ,තාක්ෂණය යන දේවල් පිලිබදව පල් බොරු දත්ත ගෙන හැර පා රටක් ජනතාවක් ගොනාට ඇන්දවීමේ දරා ගතනොහැකි තරමේ බඩවල් වලින් සපිරි හා සුපිරි දේශපාලකයන් කොටසක් වහාම ශ්‍රි ලංකාවෙන් නොමිලේම ආනයනය කිරීමට ඇත.

මෙය හුදෙක් රාජ්‍ය තන්ත්‍රික ගනුදෙනුවකට වඩා වසර 70 කට ආසන්න කාලයක් පුරාවටම අහිංසක ජනතාව තම ගොදුරක් කර ගෙන සාරය උරා බොන හා ශ්‍රි ලංකාව නැමති සුන්දර වු දිවයින විනාශ කරන්නන් කිසියම් දුපතකට ගාල් කර ශ්‍රි ලංකා ජනතාව බේරා ගැනීමට දායක වීමකි.

නිතිය සැමටම එකහා සමානව ඉටු කරන ,ජනතාවට ඇත්ත ඇතිසැටියෙන් පහදා දෙන,කිසිදු කොමිස් ගැහිලි නොකරන ,පාර්ලිමේතුවට පත්වීම හරහා තමාට හෝ තම සනුවහරේ අයට කිසිම වරප්‍රසාදයක් නොදෙන, කිසියම් විෂයක් ගැන විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ ඊට ඉහල සුදුසුකම් ඇති මෙරටට ජනතාවට හා ශ්‍රි ලංකා භූමියට ආදරේ කරන විදේශික දේශපාලකයන් 100% තිරුබදු රහිතව මෙරටට ආනයනය කිරීමට ශ්‍රිලංකා ජනතාව ඒක මතිකව තීරනය කොට එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත වෙත මෙවන විට දැනුම් දී ඇත.

එසේම…….

ශ්‍රි ලංකා ජනතාව වැඩිදුරටත් අනතුරු අගවා සිටින්නේ 226 දෙනෙකු වන මෙම අසාමාන්‍ය ජනතා සාරය උරා බොන්නන් යුරෝපා රටකට ගෙන්වා දේශපාලන කිරීමට ඉඩ ලබා දුන හොත් වසරක් තුල දී මුළු යුරෝප යේම සාරය උරා බීමට ඉඩ ඇති බැවින් මොවුන් කිසියම් ජන සුන්‍ය දුපතක ගාල් කිරීම ඉතා යෝගිය හා ආරක්ෂිත බවයි.

රටේ ජනතාව…..

 


Spread the love

Leave a Comment

You may also like