උණුසුම් පුවත්

ජනාධිපතිව ගොනාට අන්දවමින් සුර සැප ගන්නා “ටෙලිකොම් කද පණුවන් ” (ඡායාරූප හා විඩියෝ සහිතයි )

Spread the love

 ” අපේ වැටුපෙන් එදා යහපාලන ආණ්ඩුවට විරුද්ධව රැස්වීම තියලා ගෝඨාභය ජනාධිපති තුමාවත් අපේ මහින්ද රාජපක්ෂ අගමැති තුමාවත් පත් කරගත්තේ හිටපු සභාපති ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරුද්ධව හොරා නොකන ආයතනයක් බිහි කරගන්න  ….එත් අන්තිමට අද මේ සභාපති මේක හොරා කනවා මදිවට සේවකයන්ට ජනාධිපතිව පාවල දෙනවා ,  මෙයා සුර සැප විදිනවා අපේ උන් මැරෙනව…”  (ජනාධිපති බලයට ගෙනා වර්තමාන ආණ්ඩුවේම පොහොට්ටු පාක්ෂිකයන් බව ඔවුන් විසින්ම හදුන්වා දීමෙන් හෙලිවිය ) යනුවෙන්

ඉතාම දැඩි ස්වරයෙන්  විශාල අදෝනාවක් නොනවතාම කිවේ වර්තමාන සභාපති රොහාන් ප්‍රනාන්දු නැමති බුරු වහන්සේ රටේ ජනාධිපතිවරයා ගේ නියෝග යැයි කියමින් සිදුකරන මහා පරිමාන වියදම් හා අත්තනෝමතික මිලදීගැනීම පිලිබදව සේවකයන් දැඩි වේදනාවකින් සිටින්නේ මොහු නිසා ආයතනය ඉතාම ඉක්මනින් කඩා වැටේ යැයි ඇති බිය නිසාය.

සභාපති රොහාන් ප්‍රනාන්දු යනු  පල් හොරෙකු බවත් කලක් යහපාලන රජයේ කුඩා තේ වතු සම්බන්ද හිටපු අධ්‍යක්ෂකෙනෙකු බවත් එදා වජිර අබේවර්ධන ගේ අති ජාත මිත්‍රයකු බවයි. දැන් ටෙලිකොම් ආයතනය තුලට වී තම බිරිද ගේ ව්‍යාපාර සහකරු යැයි කියන (කුමන සහකරු දැයි අපි නොදනි ) ඇන්ටිජන් මෑන් නොහොත් දිලිත් ජයවීරගේ අනුහසින් අද බොරු ඉලක්කම් විජ්‍යාවක් මගින් ඓතිහාසික ලාභයක්  යැයි කියමින් පුරාජේරු ගසා ජනාධිපතිව ගොනාට අන්දවා ඇත.

  සභාපති රොහාන් හා ඔහු ගේ අධ්‍යක්ෂක වරුන් ගෙන් සමහරක්  ඉතාම වේදනාවෙන් කියන්නේ තවත් නොබෝ දිනකින් ටෙලිකොම් ආයතනය මිය යන බවයි. මොහු ගේ වාහන මේනියාවට වියදම් කොට ඇති මුදල් මෙවනි වසන්ගතයක් වේලාවේ රටේ ජනතාව වෙනුවෙන් හෝ අඩුම තම පාරිභෝගිකයන් ගේ දූවා දරුවා වෙනුවත් වෙන් කලා නම් ඊට සේවකයන් සියල්ල ගේම ආශිර්වාදය ලැබෙන බවයි. ඒත් මොහු සිදු කලේ දැරිය නොහැකි මිල ගනන් වලට සුපිරි වාහන   ගැනීම බවයි. ඒ අතර( Lannd Rover Range Rover ) යන  මේවා  පිලි වලින් මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 8.75 ක් හා එය සභාපති රොහාන් විසින් පාවිච්චි කරන අතරම අනික් අධි සුඛෝපභෝගි වාහන සියල්ලම ටෙලිකොම් ආයතනය කුලි පදනම මත පුද්ගලයන් ගෙන් කුලියට ගෙන ඇත.

මෙහි ඇති සුපිරිම ගැහිල්ල නම් මාසික කුලිය ලක්ෂ 11,50,000.00 ක් වේ එය ( Merced-Benz ) සුදු පාට කාර් රථය වේ. එය පාවිච්චි කරන්නේ ටෙලිකොම්  CEO ය.  (Toyota Prado jeep ) රථය රුපියල් කෝටි 5 කට ආසන්නය. මෙම ජීප් රථ එය පාවිච්චි කරන්නේ  ටෙලිකොම් හා මොබිටෙල් දෙකෙහිම භාරව සිටින චන්දික විතාරනයි. අධ්‍යක්ෂක මංඩලයට වසර පුරාවටම අසීමිතව (Unlimited ) ඉන්දන ලබා දෙනු ඇත.

මේ වෙනුවෙන් සභාපති  ඔහු ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය සියළු වරදාන ලබා දෙන්නේ තමාට විරුද්ධව කිසිවක් පිටතට නොයෑමටය. මේ නිසාම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමහරක් මොහු  ගේ ජරාවට  හීලෑ වී ඇත. ඒත් එහිද මහත් හොරු නොවන මහත්වරුන් සිටින බව කිවයුතුමය.

මෙම පුද්ගලායා රටේ ජනතාවටත් වංචාකරමින් අධි සුඛෝප භෝගි ජීවිතයක් ගෙනියමින් කරන රඟපෑම් පිලිබදව ජනාධිපති ගෝඨාභය සොයා නොබලන්නේ කුමණ හේතුවක් නිසා දැයි අධ්‍යක්ෂක මංඩලයේම සමහරක් විමසා ඇත.  මේ වන විට අධ්‍යක්ෂක මණ්ඩලයේම කීප දෙනෙක් ජනාධිපතිතුමාව දැනුවත් කොට ඇති බව අප හට ද   දැන ගැනීමට ඇත.

 


Spread the love

Leave a Comment

You may also like