උණුසුම් පුවත්

චීනගේ අල්ලසට සියල්ලම යටයි – ආණ්ඩුවට අවශ්‍යම විදිහට පෝට් සිටි පනතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමතිය -බොරුවගන්ති වලට ජනමතයක්……

Spread the love

අදින් පසු ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යක් යන්න කිසි විටකත් කිව නොහැක. එදා දොන් ජුවන් ධර්මපාල ශ්‍රි ලංකාව පාවා දුන්නා  සේම මැද මුලන මහල්ලන් විසින් චීනයට ශ්‍රි ලංකාව පාවා දී හමාරය. මෙරට ස්මස්ථ ජන ප්‍රජාව තුලටම අල්ලස නැමති භයානක විශබීජය වැපුරුවේද රාජපක්ෂලාමය.

ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී තම රටේ ජනතාව රැකීමට පාලකයන් දිවි නොතකා ක්‍රියා කරන විට මහින්ද ,ගෝඨා  චීනයෙන් ලබාගත් අල්ලස් වෙනුවෙන් අසීමිතව පෙනි සිටිමන් මෙරට තවත් වසර 199 ක් කාලයකට චීනට යටත් කොට හමාරය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරන් අද සුපිරි ධනවතුන්ය. රටේ විනාශයට ප්‍රධානම හේතු බීජය මේ කාලක්න්නි විනිසුරන්මය. මිනිමරුවන්ට රටේ නිති සම්පාදනයට දායක් වීමට ඉඩ ලබාදීමට තරන් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරන් පාහරයන් වී ඇත. තමන්ට විරුද්ධ අල්ලස් නඩු පහල මහාධිකරණයේ ඇති දිලීප් නවාස් වැනි පාහරයන් රටේ උත්තරීතරම අධිකරණය නියෝජනය කරන්නේ නම් එරට නිතියේ ඇති සාධාරණත්වය හා අපක්ෂ්පාතිත්වය කුමක්දැයි කිමට තවත් කිසිදු සාක්ෂියක් අවශ්‍ය නොවේ.

එවන් අධිකරණයකින් ලැබෙන තීන්දු සියල්ලම තමාට උවමනා ආකාරයට ලැබෙන බව රාජපක්ෂලා ඉතාම හොදින් දනි. 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය තුලින් කලිසම් ගලවා පොලිමේ අරලිය ගහ මන්දිරයේ තම වාරය එනතුරු බලා සිටි පින්වත, සුපුන්වත, නිර්මල යැයි කියන විනිසුරන්  සිටින අධිකරණයක් බව ලෝකයටම අපි හඩ ගා කීමට කිසි විටකත් මැලි නොවෙමු.

එදා තමා ගේ අධිකරණ බලතල බල්ලන්ට දී බල්ලන් ගේ පිඟානෙම්ම කෑව විනිසුරන් අද පෝට් සිටිය නැමති පනතක් තුලින් රට රකී කියා යමෙක් විශ්වාස කරයි නම් ඒ පිස්සෙක්ම විය යුතුය. දැන් ඇත්තේ 69 ලක්ෂයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළුව දෙස බලා හිනහ වීමත් රාජපක්ෂලා ඉදිරියේදි ඔබට දෙන විවිධ උණ්ඩවල රස බැලීමත් පමණි.

ලෝකයට තවත් ගාසා තීරයක් ලබාදුන් බව අපි මේ ඓතිහාසික පාවාදීමේදි සටහන් කරන  අතර ඊට සහයෝගය දෙන්නම් මතු දිනයක දේශද්‍රෝහින් ලෙසට ඉතිහාසයට එක්වෙනු නියතයි.


Spread the love

Leave a Comment

You may also like