උණුසුම් පුවත්

රට මේ තරම් ව්‍යසනයක තිබියදී ආපහු රණවිරු සැමරුමක්!

Spread the love

රට මේ තරම් ව්‍යසනයක තිබියදී ආපහු රණවිරු සැමරුමක්! සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් එහි අධ්‍යක්ෂ ජනරාල් නන්දන සේනාධීර මිනිස් ජීවත පරදුවට තබමින් ඊළග කෝවිඩ් වන්නම නැටීමට සැරසෙන බව අද නොරහසකි. මෙයට හේතුව ලෙස පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ විශ්‍රාමික රියර් අද්මිරාල් , මේ වනවිට සිවිල් ආරක්ෂක බලකායේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වන උදේනි සේරසිංහ අද දින කියා ඇත්තේ අපි නිදහස් සැමරුමේදී 400 කට පමණ පිරිසකට විතරයි කෝවිඩ් වැළදුනේ නමුත් අපි 2000ක් පෙරට්ටුවට සහභාගී කළානෙ. මේ රණවිරු සැමරුමට අපි ගත්තෙ භටයින් හා භටවරියන් 150ක් පමණයි. ලෙඩ උනොත් ඒක අපිට බලාගන්න පුළුවන් යනුවෙනි. දොස්තරලා කවදත් උඩ පනින මෝඩ රැළක් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
මෙවැනි අමන මුග්ධ වැඩ කිරීමට පොළඹවනුයේ සරත් වීරසේකර ඇමතියා විසින් බව එම බලකා අධ්‍යක්ෂ ජනරාල් නන්දන සේනාධීරද අද දින පවසා ඇත. එසේ නොකළහොත් රජයෙන් ඔහුගේ දරුවන්ට ලබාදුන් මන්දාරම්නුවර ඉඩම් හෝටල් සංකීර්ණ ඉදිකිරීමටත් කලින් ආපසු ලබාගනු ඇතැයි සාකච්ඡා කර ඇත.
රටේ දිනකට 2500ක පිරිසක් ආසාදිතයින් බව හදුනා ගනිද්දීත් , මෙසේ රණවිරු පෙළපාලි තබමින් , එම මියගිය විරුවන්ගේ දෙමව්පියන් රණවිරු ස්මාරකය වෙත( කොළඹට ) ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතද කෝවිඩ් මාරයාට භාරදීමට වියහැක. මෙම පෙරට්ටුව සදහා සිවිල් ආරක්ෂක බලකායෙන් 150ක්, ත්‍රිවිධ හමුදා භටයින් 100 බැගින් හා පොලිස් නිලධාරීන් 100 ක්ද හෙට පෙරහුරුව සදහාත් සහභාගීවීමට නියමිතයි.
තවද සෑම විරුවෙකුගේම පවුලේ දෙදෙනෙක් , ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති හා සිවිල් ආරක්ෂක බලකා අධ්‍යක්ෂ / අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු හා අධ්‍යක්ෂ පුහුණු , අධ්‍යක්ෂ පරිපාලනද , රටේ ජනාධිපති හා අගමැති ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක්ද 19 /05/2021 දින සහභාගී වීමට නියමිතයි.
පෙරට්ටුව පසෙක ලා ඒ වියදමින් රණවිරු පවුල්වලට යමක් කළ හැකි වූවද රටේ වහලුන් ගොනාට ඇන්දවීමට කමල් ගුණරත්න හා සරත් වීරසේකර ගෝඨා සමග කොංත්‍රාත්තුවක් අත්සන් කර ඇතිවාක්මෙනි.
නිදහස් දින සිවිල් ආරක්ෂක භටයින් කෝවිඩ් ආසාදිතයින් වූ විටද සේනාධීර හා සේරසිංහ සෞඛ්‍ය කාර්‍ය මංඩලයේ අවවාද වලට පිටින් ක්‍රියාත්මක වූ බව ඔබට අමතක නැත.
මේ මුදල් නාස්ති කරමින් , තම බඩගෝස්තරය වඩා ගන්නා අමන රැළට විරුද්ධව පාරට බැසීමට දැන් අහිංසක ජනතාවට සිදුවී ඇත

Spread the love

Leave a Comment

You may also like