පාතාල නායක කොස්ගොඩ තාරක ආයුද පෙන්වීමේ ටෙලිය හරහා මරා දමන්නට පොලිස් ඇමති ලේකමීට හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ඇතුළු පොලිස් මාෆියාවට හැකිවිය.තාරක මරා දමන්නට පෙර ලංකා දවස ඒ පිළිබඳව වාර්තා කොට ශ්‍රී ලංකාවේ බොහෝ මානව හිමිකම් සංවිධාන වලට හා ඒ හා බැඳියාවකින් කටයුතු කරන බොහෝ පුද්ගලයන්ද දැනුවත් කරන ලදී.
පොලිස්පති පයිසෙකට මායින් නොකල නිතිඥ සංගමය…..
මේ කිසිම සංවිධානයක් හෝ පුද්ගලයකු ඒ පිළිබඳව කිසිම වචනයක් නොකියා සිට මේ වනවිට තාරක මරා දැමිම ගැන අම්මට සිරි වර්ගයේ නිවේදන නිකුත් කරමින් සිටීම ලංකා දවසට ඇත්තේ බරපතල පිළිකුළකි.ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයද තාරක ගේ ඝාතනය ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.තාරක මරා දැමීමෙන් පසුව නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරන්නේ ඉන් තාරකට නැවත හුස්ම ලැබේයැයි සිතා ගෙන විය හැකිය .එසේ නැති නම් මේ නිවේදනය නීතිඥ සංගමයේ පිම්පි කම වසාගැනීම සඳහා වූ නිවේදනයක්ම විය හැක .ශ්‍රී ලංකාවේ මෙතරම් පාහර ආකාරයෙන් නීතිය බිඳ වැටී තිබෙන අවස්ථාවක නීතිඥ සංඟමය නිවේදන නිකුත් කිරීමට සීමා වී තිබීම ඉතා කණගාටුදායකය.ලැජ්ජා සහගතය.මේ නීතිඥ දෙබිඩ්ඩන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව සැක කරුවන් මරා දැමීම ගැන පොලිස් මාෆියාවට එරෙහිව කටයුතු කළ යුතුව තිබුණේ අද ඊයේ නොවේ.මේ වාහෙලා පොලිස් මාෆියා ඝාතන ක්‍රියාවලිය පිළිබඳව හොඳින් දැනුවත් බව අපි දනිමු.එහෙත් ඒ ඝාතන වලට එරෙහිව නිවේදනයක් නිකුත් කිරිමට වඩා වෙනත් මැදිහත්වීමක් නම් නොකරන බව අපට විශ්වාසය.
අසුජි ගොඩේ පනුවන් වු රටේ විනි-සොරුන්…….
මෙලෙස බන්ධනාගාත සැකකරුවන් මරා දැමීමෙහි ලා පොලිස් මාෆියාවට අත්උදව් සපයන කාලකණ්නි විනිසුරුවරයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ සිටින බව අප වගකීමෙන් සඳහනි කරමු.රට තුළ සර්ව සාධාරණය සහතික කිරීම උදෙසා සැමට එක සමානව ක්‍රියාත්මක කළ යුතු නීතිය දේශපාලන ඕනෑ එපාකම් මත පාවා දෙන පාහර සුනඛයන් සේ හැසිරෙන මෙම විනිසුරුවරයින් මේ මහ පොළොවට වැදූ මවු පියන්ටද නින්දාවක් වන තරමේ අවජාතකයන්ය.සැබවින්ම මේ පාහරයන් විනිසුරුවරුන් නොව ජාවාරම්කාර බිස්නස්කාරයන්ය.මුදලට හා වාසියට නඩු තීන්දු දෙන්නෝ වෙති මේ ජඩ විනිසුරුවන් දේශපාලන අතකොළු බවට පත්වී ඇත්තේ තමන්ගේ දරුවා රෝයල් විද්‍යාලයට එසේත් නැතහොත් විශාඛාවට ඇතුළත් කර ගැනීමටය. ඇතැම් විට නීති විද්‍යාලයට හෝ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමටය.මේ විද්‍යාලයන්ට සිසුන් ඇතුුළත් කර ගැනීම සිදු වන්නේ සාධාරණ නෛතික ක්‍රියා දාමයකින් යැයි සිතාසිටින්නෝ නම් ඒ මොලේ අමාරුකාරයන් විතරමය.ඇතැම් විනිසුරුවරුන් හා විනිසුරුවරියන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීමක් සඳහා දේශපාලඥයින් ගේ ඕනෑ එපා කම් පිරි මසති.එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රබලයන්ගේ නිදි යහනේ සුන්දරියන් වන විනිසුරුවරියන් ද සිටින බව අනාවරණය වේ. අධිකරණ විනිශ්චාසනය හොබවන එවැනි ගණිකාවකගෙන් අතෘප්තියට පත්වන පාර්ශවයකට කිසි දිනක සාධාරණයක් නොවන බව විශ්වාසය.
ඥාණා අක්කා ගේ රතු නුල………
දේශපාලන ප්‍රබලයන් යන්ත්‍ර ගුරුකම් කරගන්නා කට්ටඩියන් හමුවී සිය ආශාවන් ඉටු කරගන්නා විනිසුරු වරුන් හා විනිසුරුවරියන් අතලොස්සක්ද සිටී.සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම කාලකණ්නියන්ට දේශපාලඥයා සම්බන්ධීකරණය කර දෙන්නේ කට්ටඬියාය.ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ ඔන්න ඔහොමය.යහපාලනය දිනවල රාජපක්ෂ පවුලට එරෙහිව පැවැති අධිකරණ ක්‍රියාවලිය තුලදී ඔවුන් වෙත කරුණාව පෑ විනිසුරු විනිසුරුවරියන් කූට්ටම අද සමස්ත අධිකරණ ක්‍රියාවලිය තුලම ගෝඩ් ෆාදර්ලා වී තිබේ.ඔවුන් විසින් පුද්ගලවාදීව ගන්නා තීන්දු රටේ නීතිය බවට පත් වී ඇත්තේය.මේ අවජාතක, පාදඩ ,පාහර, අසික්කිත ,විනිශ්චය කාර බලු රැළ අධිකරණයෙන් එළවා දමා මිස රටේ නීතිය සර්ව සාධාරණ නොවෙනු ඇති බව සීයට සීයක්ම සහතිකය.එතෙක් මේ රටේ පොලිස් මාෆියාවද රඟනු ඇත්තේය.
පෑලියගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්දකොස්ගොඩ හා මිනිමරු දේශබන්දු ගේ ගැහිල්ල……
පසුගිය දින වල ඝාතනය කෙරුණු තාරක ඝාතනය පිළිබඳව ලංකා දවස අනාවරණය කරගත් තොරතුරු ඇඟ ලොමු දැහැගන්වනු ඇත්තේය.
පොලිස් මාෆියාවේ මේ පාතාල ඝාතනයන් සිදුකරන්නේ මදූෂ් කල්ලිය තාරක කල්ලිය හා ලැසී කල්ලිය ඉලක්ක කර ගනිමිනි.මේ සෑම කල්ලියක්ම කොස්ගොඩ සුජීව ගේ නයා මුගටි එදිරිවාදි කරුවන්ය.
පෑලියගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කොස්ගොඩ සුජීව ගේ අතිජාත මිත්‍රයෙකි.ගාල්ලේ කරාපිටිය පැත්තේ ඔහු විසින් ඉඳි කර ඇති සුඛෝපබෝගී මාලිගාවට බරපැන දැරුවේ කොස්ගොඩ සුජීවය.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුද කොස්ගොඩ සුජීවගේ සමීපතම සගයෙකි. ඒ සබඳ කම ඇතිවන්නේ පොලිස් ඇමති ගේ සම්බන්ධීකරණ ලේකම්වරිය හරහාය.මෙම ලේකම් වරියගේ සොයුරිය වූ අම්බන්ගොඩ කුඩු කුමාරිගේ දියණිය විවාහ වී සිටින්නේ කොස්ගොඩ සුජීගේ ආයුද ගබඩාව බාර හා හොරොයින් ජාවාරමේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන කොස්ගොඩ සැන්ටා සමගය.කොස්ගොඩ සුජී ගේ හෙරොයින් ජාවාරමට විශාල බාධාවක් වී සිටියේ මදූෂ් ,තාරක හා ලැසීය.ඒ බාධාවන් එකිනෙක ඉවත් කිරීම දැන් සිදුවෙමිනි පවතී.මදූෂ් පාවා දුන්නේද කොස්ගොඩ සුජීය එලෙසින්ම තාරක මරා දැමීම සදහා පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හා දේශබන්දු ඇතුළු පොලිස් මිනීමරුවන්ට ගෙව කප්පම් මුදල් අතිවිශාලය.හෙට අනිද්දාට සුජීගේ පාතාල ගෝඩ් ෆාදර් කිරුළ සඳහා දැනට ත්‍රස්ත විමර්ෂන ඒකකයේ රඳවා සිටින පාතාලයකු වගේ ලැසී පොලිස් මාෆියාවෙන් බිල්ලට ගනු නිසැකය.
කොස්ගොඩ සුජී ගේ සොයුරිය බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජනපෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියකි.මේවනවිට කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති වරයා ලෙස කොස්ගොඩ සුජී ගේ අතීසාර මිත්‍රයෙකු පත් කිරීමටද පොලීසිය බාර ඇමැත්තාගේ ලේකම්වරිය කටයුතු කර තිබේ.මෙම ස්ථානාධිපතිවරයා විවාහ වී ඇත්තේද එවකට පානදුර ප්‍රදේශයේ සිටි ලැයිස්තු ගත අපරාද කාරයෙකුගේ දියණියක සමග බව රාජ්‍ය ඔත්තු සේවා වාර්තා තිබේ.
කොස්ගොඩ සුජී සතුව දේපොළ කෝටි දාහකට
අම්බලන්ගොඩ බලපිටිය කේන්ද්‍රීය කරගනිමින් කොස්ගොඩ සුජී සතුව ඇති දේපොළ කෝටි දාහකට අධිකය.ඒ අතර අම්බලන්ගොඩ නගරය තුල වෙළඳ ගොඩනැගිලි තුනකි.බලපිටිය මාදු ගග ආශ්‍රිතව සංචාරක හෝටලයකි.කොස්ගොඩ අක්කර සිය ගනනක අන්නාසි වගාබිමකි .පිටරට සිට ගෙන එන ආහාර භාණ්ඩ රඳවා තිබෙන කන්ටේනර් අංගනයකි.මෙම අංගනය මගින් වෙළඳ පොළට බෙදා හරින කෑමට නුසුදුසු ආහාර පිළිබදව සෞඛ්‍ය අංශයෙන් කිසිිිදු නියාමනයක් නැත්තේය.ඒ මේ පාතාලයාට ඇති මර බිය නිසාය.පසුගියදා කොස්ගොඩ සුජීට අයත් විශ මිශ්‍ර ෆාම් ඔයිල් නැව් දෙකක් කන්ටේනර ඉහින්බහින කරදරයක් නොමැතිව ජනපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය හා ආශීර්වාදය මත වෙළඳපොළට ගොඩබැස්සේය.මේ අංගනය හරහා ඉතා සූක්ෂමව හොරොයින් ජාවාරමද සිදු වෙමින් පවතී.තාරක මරා දැමීමෙන් පසු දකුණු පලාතේ එකම හෙරොයින් ජාවරම්කරු කොස්ගොඩ සුජීී බවට පත්වන බව ස්ථිරය.මේ අතර කොස්ගොඩ සුජී හා සම්බන්ධකම් පවත්වන බලපිටිය පදිංචි ධීවර ව්‍යාපාරිකයකු සතු බහුදින යාත්‍රා දෙකකින් ශ්‍රී ලංකාවට හොරෙයින් මහපරිමානයෙන් ගෙනු එනු ලබයි.මේ බහුදින යාත්‍රා හිමිකරු බලපිටිය රෝහළ අසල පදිංචි බව පොලිස් තොරතුරු හෙළිකරයි. මෙම බහුදින යාත්‍රා හිමිකරු කිසිදු වෘත්තියක නිරතව නොසිට එකවරම බහුදින යාත්‍රා හිමිකරුවෙකු වූ අයෙකි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස……
මේ හෙරොයින් ජාවාරම්කරුවන් හා සම්බන්ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂකවරියක්ද සිටී.කොස්ගොඩ සුජී හා සම්බන්ධ හොරොයින් අත් අඩංගුවට පත් වූ විට ඒවා මෘදු වූ හා සැහැල්ලු වූ අධිකරණ වාර්තාවක් බවට පත්කරන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම බලවන්තියයි.
කොස්ගොඩ සුජී හා හෙරොයින් ජාවාරමේ නිරත භික්ෂුවක්ද බලපිටියේ සිටී කට්ටඩිකම් හා යකදුරු කම් කරන මේ භික්ෂුව ඇතැම් අවස්ථා වලදී පොලිස් අත්අඩංගුවට පත්වූවද සුජී ගේ කප්පම් හරහා නිදහස් වීම සිදු වී තිබේ
කොස්ගොඩ සුජී පාතාලයේ රජු බවට පත් කිරීමට බලවත් ආයාසයකින් හා ඉතා සැලසුම් සහගතව කටයුතු කරන පොලිස් ඇමති ගේ ලේකම් වරිය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පෑලිගොඩ පොලීසීයේ ස්ථානාධිපති මහින්ද ඇතුළු පොලිස් මාෆියාව ඊළඟට ලැසී බිල්ලට ගනු ඇත.එය සක්සුදක් සේ ස්ථිරය.
ජනාධිපති නන්දසේන ඇත්තේ සුවහසක් ප්‍රීතිය…
පොලිස් මාෆියා කාරයන් සිදු කරණ මේ සාහසික ඝාතනයන් ගැන ආරක්ෂක ලේකම් වරයා හා ජනාධිපති නන්දසේන ඇත්තේ සුවහසක් ප්‍රීතියෙනි.එහෙත් මේ අසරණයින් තවමත් නොදන්නේ පොලිස් මාෆියා කාරයන් මේ ගේම ගහන්නේ කොස්ගොඩ සුජීවගේ න්‍යයපත්‍රයට ගැලපෙන විදියට බවය.ඒ බව යම් දවසක හෙළිදරව් වන බවද අපට විශ්වාසය.
ඒ කවදා හරි දිනක මේ මිනීමරුවන් හා එයට අත්උදව් සැපයූ ජාවරම්කාරයන් වැලිකඩ යකඩ දම්වලේ අමුණා අළුත්කඩේ අධිකරණයට ගෙන එන දවසටය .