මේ වන විට අප වෙත දැන ගැනීමට ලැබී ඇත්තේ වෙලේසුදාට ද වෙළේ කොක්කු පෙන්වීමට අඩ ගසා ඇති බවයි, වෙලේ සුදා දැනට සිරගතව සිටින අතරම එම සිරගත වීමට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත.
අභියාචනය විභාගයට නියමිතව තිබෙන අතරවාරයේදී හෙට දින ඔහු ත්‍රස්තවාදී විමර්ශන කටයුත්තක් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සදහා රඳවා තබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ගැනීමට නියමිතව ඇත. සිදුවන්නේ වෙලේ සුදා රැගෙන ගොස් වෙලේ කුක්කු පෙන්වීමට නොව ඔහුටද වෙඩි තබා මරා දැමීමට බව අප සඳහන් කරන්නේ මේ පිළිබඳව අප වෙත දැන ගැනීමට ඇති තොරතුරු මතය .ගැනීමට ස්ථිර වශයෙන්ම වෙලේ සුදා මරාදැමීමට අවශ්‍ය බව දුමින්ද සිල්වා කියා ඇත. කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදර් විමට දුමින්ද සිවාට දැන් අවශ්‍යව ඇත.
කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සියලු මිනීමැරුම් වල කතා පිටපත සකස් කරන අතර බොහෝ පොලිස් නිළධාරීන් තම රැකියාවට ඇති බය නිසාම රැකියාව රැක ගැනීමේ වුවමනාව නිසා මෙම මිනීමැරුම් සිදුකරන බව අප වෙත පොලිස් නිලධාරීන් ගෙන් ම දැන ගැනීමට ඇත.
මේ නිසා අප මෙය කියා සිටින්නේ අපරාධකරුවෙකු මේ ආකාරයෙන් පොලිස් වෙඩි පහරින් මරා දමා පොලිසියේ කීර්ති නාමයට ද ජනතාව වෛර කරන හෙයිනි ගෝඨාභය රාජපක්ෂ ට අපරාධ රැල්ලෙන් මුදා ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීම ය .
එසේ නොමැතිව දුටු තැන මිනිසුන් වෙඩි තබා මරා දැමීමේ න්‍යායක් අනුගමනය කිරීමෙන් සිදුවන්නේ රටේ සමස්ත කීර්තිනාමයට මකා දැමිය නොහැකි කළු පැල්ලමක් එකතු කිරීමය.
මේ පිළිබඳව රටේ ජනතාව මුනිවත රකිනවා ට වඩා ඒ පිළිබඳව හඬ නැගීම දැන් අවශ්‍යම මොහොතයි.