මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා “, නමැති වයස අවුරුදු 25ක පුද්ගලයෙකු බූස්ස බන්ධනාගාරය අපරාධ චෝදනා ලබමින් සිට ඇත. එසේ සිටියදී ඔහුට අධිකරණයෙන් ඇප නියම වී ඇත .ඇප නියම වීමත් සමගම මෙම මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් උරුජුවා නැමැති පුද්ගලයා බුස්ස බන්ධනාගාරයෙන් නිදහස ලබා ගේට්ටුවෙන් එලියට අඩිය තබා නැවත සමාජගත වීමට පා තබන විටම එහි පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහු පැහැරගෙන ගොස් ඇත.
මෙම පැහැර ගැනීම ඉතාම සංවිධාත්මක ව සූදානම් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් බව අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ මු. මෙම මිනිමැරුමේ ප්‍රධාන සැලසුම්කරු වන්නේ බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාය, උදෑසන 0900ට සැකකරුට ඇප දීමට නියම තිබුණත් ඊට පෙර පොලිසියට ඔහු දැනුම් දී ඉන්පසු ඔහු මුදා හැරීමට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා කටයුතු කර ඇත. මෙය රටක කිසිසේත් නොවිය යුත්තකි. සිරකරුවෙකුගේ ජීවිත ආරක්ෂා කිරීමට සිටින රාජ්‍ය ආයතනම ඔවුන් ඉතාම සැලසුම් සහගතව මරාදමනවානම් ඒ රටේ අධිකරණය ජනතා සල්ලි වියදම් කොට අවුරුදු ගනන් නඩු අසන්නේ කුමක් ,කවරෙකු සතුටු කිරීමට දැයි අප අසන්නෙමු.
රටේ පුරවැසියෙකු ,අපරාධයක් සම්බන්ධව සිරගතවී උන්ට නීතියේ රැකවරණය දෙනු ලබන පුද්ගලයින් අතින් ඔවුන් ඝාතනය වන්නේ නම් එම රටේ නීතිය ,යුක්තිය ඇත්තේ කොහේ දැයි නැවත, නැවත ප්‍රශ්න කළ යුත්තේ. වෙඩි කා මිය යන උන් නොව ,ජීවත්වන මළවුන් සේ සිටිනා තිරිසන් මිනිසුන් ය. අද ලාංකීය සමාජය එක තැන පල්වෙන මෝඩ ,තකතීරු ජනතාවක් බව අපට කීමට සිදුව ඇත්තේ පිට පිට දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පිරිත් නූල් ගැට ගහන කහ සිවුරු කරුවන්ටත් පසුපස යන කාලකන්නි පොලිස් නිලධාරීන් ටත් කවදා හෝ ඒ ආනිසංසය ගෙවීමට සිදුවන බව ඉර හද මෙන් විශ්වාසය .
දේශබන්දු තෙන්නකෝන් නැමති මෙම කුප්‍රකට මිනිමරු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම මේ වනවිට අසූචි තවරා තව තවත් ඒ උඩ මළ පහකරමින් සිටි. මෙම මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් උරුජුවා, නැමැති පුද්ගලයාගේ යටගියාව හෝ ඔහු අපරාධකරුවෙකු ද යන්නට වඩා ඔහු මෙලොව උපන් මනුෂ්‍යයෙකි. අවුරුදු 25 ක තරුණයෙකු මෙරට ඇති කුණුවී ඕජස් ගලන සමාජ ක්‍රමයමඉ. ඒත් දේශබන්දුලා මිනිසුන් මරා හැදීමට යන සමාජ සාධාරනත්වය මෙලොවනම් තිබිය නොහැකිය. නැද්ද යන්න පිළිබඳව අපට කිසිදු ගැටළුවක් නැත අප දකින්නේ ඔහු මනුෂ්‍යයෙක් පමණින් ඔහු කොපමණ මිනීමරා ඇත්නම් මංකොල්ලකා ඇත්නම් ජීවිතෙන් ,ජීවිතයට වන්දි ගෙවනවා නම් මරණයට ,මරණය කියා ගෝත්‍රික සමාජයේ තිබූ ආකාරයට නැවත ශ්‍රී ලංකාව ගෙන යාමට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය.
එසේ සිදුවුවහොත් සමාජයේ උපන් ,නුපන් සියලු දෙනාම මේ ආකාරයට ඉදිරියේදී ඇසට, ඇසක් අතට, අතක් යනුවෙන් මරා ඇනකොටා ගන්නවා නොඅනුමානය. පසුව ඔහු නවගමුව පොලිසියට රැගෙන පැමිණ ඇති බව ඥාතීන්ට සහ ඔහුගේ මවට දැනගැනීමට හැකිවී ඇත. ඒ අනුව වහාම ඔහුගේ පුද්ගලික නීතිඥවරයකු වන හරිෂ්ක සමග අද රාත්‍රී0 900ට පමණ නවගමුව පොලිස් ස්ථානයට පැමිණ ඇත. මෙම පුද්ගලයා ගේ මව සහ නීතිඥවරුන් පොලිසිය තුළට යෑමට උත්සහ කිරීමේදී පොලිසිය ඉදිරිපස ගේට්ටුවෙ ආරක්ෂක නිලධාරීන් දැනුම් දී ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය අනුව පොලිසිය තුළට ඇතුළු වීමට ඉඩ දීමට නොහැකි බවයි. තිඥවරුන් වන ඕනෑම අයෙකුට නීතියේ පිළිසරණ පතන පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීමේ මූලික අයිතියක් රටේ ඇති බව දේශබන්දු තෙන්නකෝන් ලා බොහෝ විට නොදන්නවා ඇත.
එසේ වන්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩිපුරම කාලය ගත කොට ඇත්තේ හිටපු ඇමතිගේ සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් දේශපාන ලිපිලේඛන සකස් කිරීමට වීම නිසාය, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 591 / 208 නැමැති නඩුවේ සහ සමත් අවස්ථා ගණනාවකදීම ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ පොලිස් නිලධාරීන් සෑම අවස්ථාවකදීම නීතිඥයින්ට තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමට ඔහු වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ඉදිරිපත් වීමට අවශ්‍ය කටයුතු සලසා දිය යුතු බවය. එසේ තිබියදී නවගමුව පොලිස් ගේට්ටුවෙන් ඇතුළට නීතිඥවරුන්ට පැමිණීමට අවසර නො දී මෙන් ම මෙයින් පෙනී යන්නේ නවගමුව පොලිසිය තුළ සිටි සැකකරු ඉතාම රහසිගතව මරා දැමීමට සියලු කටයුතු සිදුවෙමින් තිබූ බවයි.
නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම මිනීමැරුමේ ප්‍රථම වගඋත්තරකරු වන අතරම මොහු එම සැකකරු පිළිබඳව කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් නොකරම ඔහු රැගෙන ගොස් දේශබන්දු තෙන්නකෝන් ගේ උවමනාවට මරා දමා ඇති බව අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නේමු.
සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර මේ පිළිබඳව දන්නවා දැයි අප නොදිමු ,එහෙත් ඔහුගේ වගකීම මේ පිළිබඳව සොයා බැලීමයි . තම සේවාදායකයා ජිප් රථයෙන් රැගෙන ගොස් මරා දැමීමට සූදානම් වන බව 1996 නැමැති මානව හිමිකම් කොමිෂන් සභාවේ දුරකථන අංකයට පැමිණිල්ලක් කර තිබිය දී, තමාගේ නීතිඥවරයා පොලිස් ගේට්ටුව ඉදිරිපිට සිටියදී මෙසේ ඔහු රැගෙන ගොස් මරා දමා ඇත. මෙම පුද්ගලයින් මරා දැමීමට පොලිස් නිලධාරීන් යොදා ගැනීම දේශබන්දු ගේ නාටකේ උපරිමය සිදුව ඇත්තේ මෙහිදීය. මේ ආකාරයට දේශබන්දු තෙන්නකෝන් අපරාධකරුවන් මරනවා යැයි රටේ ජනතාවට පෙන්නා , රටේ ජනතාව බොහෝ විට දැන හෝ නොදැන රතිඤ්ඤා පත්තු කරමින් අත්පොලසන් නාද කරමින් අපරාධකරුවන් මිය යනවා යැයි හඬ නැගුවත් ඒ දේශබන්දුලා අතේ තියන තුවක්කු කවදා හෝ දවසක තමාගේ දුවා දරුවන්ගේ ඔලුකටු කුඩුවෙන්න පත්තු කිරීම දේශබන්දු තෙන්නකෝන්ට මහ කජ්ජක් නො වනු ඇත.
එසේ නම් රටක් වශයෙන් සිදුකළ යුත්තේ නීතිය සහ යුක්තිය ඉටු කිරීමය. මෙම දේශබන්දු ගේ නාටක කලාවේ ප්‍රධානතම අවස්ථාව නම් මේ වන විට අප වෙත ලැබී ඇති තොරතුරු අනුව බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් (19 ) දහනව දෙනෙකු මරා දැමීමට සූදානම් වන බවයි. මෙහිදී ප්‍රධාන වශයෙන් වෙලේසුදා, කන්ජිපානි, සහ තවත් සැකකරුවන් සිටින බව අප වෙත ලැබී ඇති තොරතුරු අනුව පෙනී යයි.
දේශබන්දු තෙන්නකෝන් අපරාධකරුවන්ගෙන් රට ගලවා ගැනීමට යැයි කීවත් සිදුවන්නේ වෙනත් දෙයකි, එනම් තවත් නොබෝ දිනකින් දුමින්ද සිල්වා නැමති පාතාලයේ සහ කුඩු මාෆියාවේ ප්‍රධාන පෙළේ පුද්ගලයා සමාජගත වීමට පෙර ඔහුට ඇති පාතාලය තර්ජන සියල්ලම ඉවත් කර දීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ය.
මේ වෙනුවෙන් හඬ නැගීමට තරම් කොන්දක් ඇති යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් හඬ නැගීමට කසේරුකාවක් ඇති, නීතිඥවරුන් මෙරට සිටීම පිළිබඳව අප අවංකවම ආඩම්බර වන්නෙමු. ඒත් අද යුක්තිය, අයුක්තිය කිරීමටත් අයුක්තිය, යුක්තිය කිරීමට තරම් නින්දිත අධිකරණයක් රටේ පිහිටා තිබීම ජාතියේ අවාසනාවකි .තම අධිකරණ බලතල නැමති ගෙල සිද කරගත් ජරාජීර්ණ වූ අධිකරණයක් තිබියදී දේශබන්දු ලා නැමැති මිනීමරුවන් පිට පිට මිනිමැරුවත් වගේ වගක් නැතිව සිටින කාලක්න්නි විනිසුරන් අද වැහිවැහැලාය . අප මේ පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තරව ද දැනුවත් කරමින්, සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අනාගතයේ දී දැඩි ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන බව නම් අප ලියා තබන්නේ ඉතා වගකීමෙන් ය.