වෙනත්

කෝවිඩ් වසංගතය රාජපක්ෂ පවුලට වාසනාවන්ත ලොතරැයියක්.

Spread the love

ශ්‍රී ලංකාවේ පුරවැසියන් මේ වනවිට සි⁣ටින්නේ මහා ගං වතුරක ගිලෙන්නට ඔන්න  මෙන්න සීමාවේය.මේ වන විට ජනතාවට විඳවන්නට සිදු වී ඇත්තේ  රටේ ජනපති නන්දසේන ගන්නා  අබ්බ ගොබ්බ  තීන්දු තීරණ වල හා රාජපක්ෂ පවුලේ යටිකූට්ටු ජාවාරම් කෙළවරක් සීමාවක් නැති නිසාය.

සැබැවින්ම රට තුල ⁣දැනට පැතිරීයන තෙවන කෝවිඩ් රැල්ල රාජපක්ෂ කාලකන්නියන් ගේ අවශ්‍යතාව මත සිදුවූවක් බව අප වගකීමෙන් සඳහන් කරමු.මහින්ද රාජපක්ෂ යනු ලෝකෝත්තර කපටියෙකි.කිසිදු සිල්වත් කමක් නැති වනචර ජීවිතයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ මහා දේශප්‍රේමියකු ලෙස සමාජය තුල බලපත්‍රයක් ලබා ගන්නේ වර්ගවාදිි යුද ජයග්‍රහණයෙන් පසුවය.මෙම යුද්දය ජයග්‍රහණය කරන ලද්දේ ජනරල් සරත් ෆොන්සේකාගේ හිතුවක්කාරී හා දඩබ්බර කම නිසා මිස මහින්ද රාජපක්ෂගේ හෝ ආරක්ෂක ලේකම් ගේ දක්ෂකමක් නිසා නොවේ.සුනාමි ආධාර මුදල් කිසිදු හිරිකිතයක් නැතුව තම ගිණුමේ දමාගත් කාලකණ්නි මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට නිවට නියාළුව කප්පම් ගෙවා ජනපතිවරණයෙන් ජයගත් නිවටයෙකි.එතැන්සිට මේ කාලකණ්නියා හා ඔහුගේ  දරුවන්ද පවුලේ ඥාතීන්ද කෙල කෝටියක් පමණ මහජන දේපොල තම තමන්ගේ ගිණුම් වලට බැර කර ගත්තෝය.තමන් දේශප්‍රේමී දේශපාලඥයකු   බව සමාජගත කර ගැනීමට තක්කඩිි මාධ්‍ය නඩයක් නඩත්තු කළ මහින්ද රාජපක්ෂ  ඊළඟට මීහරකුන්ට ඇන්දුවේ මේ රටේ පිනට ජීවත්වන චීවරධාරීන්ය. රාජපක්ෂ පවුල මේ රටේ අවාසනාවන්ත කමට ජාතක වුන පාදඩ හොර කල්ලියකි. මෙම අවිනීත අසික්කිිත හොර නඩයට රටේ මහජනතාව පිළිබඳව කිසිදු අනුකම්පාවක් නැති වුන්ය
 මේ කාලකණ්නි තිරිසනුන් ආරක්ෂා කරගනිමින් සිටින්නේද ඔවුන්ට හිතවත් වූ මගෝඩි ජාවාරම්කාකාරන් රොත්තකි.කාලකණ්නිි රාජපක්ෂ පවුල හොද්ද බොර කර මස් කුට්ටි ගිල දමමින් ඉවතට විසි කරන මස් කටු ලොවන්නේ මේ  මගෝඩි ජාවාරම්කාරයන්ය.
මේ මගෝඩි ජාවාරම්කාරයන් අතර රෙණවිරු හමුදාපති හා ඔහුගේ පවුකාර ඇඹනිය අද වන විට අත පය හොලවන්නේද කට අරින්නේද ලැබෙන කොමිස් මුදලේ තරමටය.
පසුගිය ලංකා දවස ප්‍රවෘත්තියකින් අප හමුදාව මගින් ඉඳි කරමින් සිටින රෝහලක් ගැන අනාවරණය කෙරුවෙමු.එහි කොට්ට මෙට්ට  ගැනීමේදී මැදිහත් වනු ඇත්තේ රෙණවිරු හමුදාපති ගේ පවුකාර ඇඹෙනිය බව අප පෙන්වා ⁣දුන්නෙමු.අද වන විට එම ප්‍රවෘත්තිය සත්‍ය වී තිබේ.ඒ අනුව රෙණව්රු හමුදාපතියාගේ ඉල්ලීම පරිදි ඉඳිකරමින් පවතින රෝහල සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගැනීම සඳහා කෝටි පනහක ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇතැයි වාර්තා වේ. මේ කෝටි පනහෙන් ⁣බාගයකයකට රෙණවිරු හමුදාපතිගේ පවුකාර ඇඹෙනිය විසින් කෙලින බව නම් අපට ඉර හඳ සේ විශ්වාසය.මේ පවුකාරිය හමුදාවේ සෑම රෙජිමෙන්තුවකින්ම ආහාර සලාකයෙන් පවා ගසා කන අමුම අමු පෙරේතියකි.
මේ පෙරේත ⁣ජෝඩුවට කෝවිඩ් හරහා හම්බ කරගෙන කෑම⁣ට රාජපක්ෂ කාලකණ්නින් ඉඩ දී ඇත්තේ එවුන්ද ඊට වඩා මහා පරිමානයෙන් ජරාව ගිලිමින් සිටින නිසාය.

සීදුවේ දැනට ඉඳිවෙමින් පවතින රෝහළ පවා ජාත්‍යන්තර ඇඟළුම් සමාගමක වන බ්‍රැන්ඩෙක්ස් ප්‍රදානයකි.එහෙත් මේ රෙණවිරු හමුදාපතියා ඒ ප්‍රදානය ගැන කටක් ඇර කියන්නේ නැත්තේ ඉන් තම යටි මගඩි වැඩ වලට බාධාවක් වනු ඇතැයි සිතන නිසා බව පැහැදිලිය 

 ⁣ශ්‍රී ලංකාවේ  සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන රටේ ජනතාවට වගේ වගක් නැත.සියල්ලෝම ජීවත්වන්නේ තක්බීරිිවෙලාය.පසුගිය අප්‍රේල් අට වන දින රට වසා දමා ජනතාවගේ සංචරනයන් නවතා දමන ලෙස  වෛද්‍ය විශේෂඥවරු ඉතා බරපතල ආකාරයෙන් ජනපති නන්දසේන ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියදී ඔහු එය නොතකා කටයුතු ⁣කරන ලද්දේ දේශපාලන පැවැත්ම සහතික කර ගැනීම සඳහාය.අප්‍රේල් මාසයේ රට වසා දමා කෝවිඩ් මර්දනය යම් තරමකට සමාජය තුල ස්ථාවරත්වයක් ⁣ඇති කෙරුවේ නම් පොදු ජන පෙරමුණු රජයට බරපතල මහජන ආවේගයන්ට මුහුණ දීමට සිදුවිය හැකිව තිබුණි.ආහාර මිල ඉහල යාම වන සංහාරය හා පෝට්  සිටි ව්‍යාපෘතිය ආදී ක්‍රියා දාමයන් තුලින්  මහජන පිළිකුලට පත්ව තිබූ පොදුජන පෙරමුණු රජයට එරෙහිව උද්ඝොෂණ හා වීදි සටන් ඇති වන්නට පවා ඉඩ පැවතුනි.මේ සියල්ලටම විසදුම ලෙස කාලකණ්නි රාජපක්ෂ පවුලගේ සැලසුම වූයේ කෝවිඩ් තෙවන රැල්ල මහජනයා අතර ව්‍යාප්ත කිරීමය.ඔවුන්ගේ මාධ්‍ය සට්ටැඹියන් හරහා සිංහල අළුත් අවුරුදු   උත්සවය පිළිබඳව සමාජ මනස සකස් කරමින් ඉතා සැලසුම් සහගතව ඒ දීන වැඩපි⁣ළිවෙල දියත් විය.අද රට පුරා කෝවිඩ් රෝගය ව්‍යාප්තව  මහජනයා අසරණවීී ඇත්තේ  මේ තක්කඩි කාලකන්නි රාජපක්ෂ සුනඛ රැළ නිසා අප වගකීමෙන් පවසමු.අද වන විට අහිංසක මිනිසුන් මහපාරේ මිය යමින් සිටී.එහෙත් ඒ කෝවිඩ් ගොදුරු ගැන කිසිවක් මාධ්‍ය මගින් වාර්තා කිරීමට බාධා පමුණුවා තිබේ.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිි වෛද්‍ය  පද්මා ගුණරත්න රජයේ වෛද්‍ය සංග⁣මයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංඟමයේ සභාපති වෛද්‍ය ලක්කුමාරි ප්‍රනාන්දු ශ්‍රී ලංකා වෛද්‍ය සංඟමයේ කැඳවුම්කරු මහචාර්ය කුමාරි මකුලොලුව  යන පිරිස 2021මැයි 8වන දින ජනපති නන්දසේනට ලිඛිතව දන්වා යවා ඇත්තේ වහාම රට වසා මහජනතාවගේ සංචරන සීමා නොකලහොත් බරපතල අවදානමක් මතු විය හැකි බවය.එහෙත් උද්දච්ච කාලකණ්නි රාජපක්ෂ පවුලේ උන් හා ජාවාරම්කාර මගෝඩියන් ඒ වෛද්‍ය උපදෙස් තඹේකට මායිම් කිරීමක් නැත. මේ හැතිකරයට අවශ්‍ය වී ඇත්තේ තවත් කෝවිඩ් රට පුරා ව්‍යාප්ත කිරීමය.

ජනතාවගේ අසරණකම උපයෝගී කරගනිමින් මේ හොර හැත්ත රට උකසට තබමින් විදේශ ණය ලබා ගනු ඇත්තේය.මෙරට වටිනා ඉඩකඩම් විදේශික සමාගම් වලට විකුනනු ඇත්තේය මේවායින් ලැබෙන කොමිස් කන්දරාවන් මේ තක්කඩියන්ගේ බැංකු ගිණුම් තර වනු නිසැකය.
එහෙත් හෙට දවසේ රටේ ජනතාවට ඉතිරිවනු ඇත්තේ තමන්⁣ට හුස්ම ගැනීමට ඔක්සිජන් ඉල්ලා මරහඬ දීම පමනක්ය.

Spread the love

Leave a Comment

You may also like