ජාතිකවාදය කියන්නෙ දේශපාලන ව්‍යාපාරයක්. ඒක පදනම වෙන්නෙම මිත්‍යාවක්. ඒ මිත්‍යාවල් ලෝකෙ රටින් රටට වෙනස්. ඇමරිකාවෙ එකක් බ්‍රසීලයෙ එකක්. තුර්කියෙ තව එකක් ඉන්දියාවෙ ශ්‍රීලංකාවෙ තව එකක්.
හැබැයි ඒ හැම මිත්‍යාවකම පොදු දේ තමා අපි ලෝකෙ හැමෝටම වඩා ශ්‍රේෂ්ට ආරම්භයක් තියන ජාතියක්. අපේ අතීතය බොහොම සෞභාග්‍ය සම්පන්න මීට වඩා තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව දියුනු සුපිරි එකක් කියන එක.
ඇමර්කාවෙ ට්‍රම්ප්, බ්‍රසීලයෙ බොල්සනාරෝ,තුර්කියේ එර්ඩෝගන්, පිලිපීනේ රොඩ්‍රිගෝ, ඉන්දියාවෙ මෝඩි වගේම ලංකාවේ රාජපක්ෂලා බලයට ආපු රහස තමා තමන්ගෙ ජාතියට ඒ අතීත ශ්‍රී විභූතිය නැවත උදාකරගැනීමේ ජනතා බලාපොරොත්තුව.
ශ්‍රී ලංකාව තුල ඒ මිත්‍යාව වැපිරීම වෙනුවෙන් උගත්තු කියා ගත්තු බොහොමයක් දැනුවත්ව සහ නොදැනුවත්ව දායක උනා.
වෛද්‍ය පාදෙනිය ප්‍රමුක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙනුවෙන් දැනුවත්ව ප්‍රසිද්දියේ පෙනී සිටින පිරිසක්.
හැබැයි ඔවුන්ගෙ සාමාජිකයොන්ට ඒකෙන් අත්වුනු ඉරණම බොහොම ශෝචනීයයි.
ධම්මික පැණිය 100% ක් සාර්තක බවට වතුපිටිවල රෝහලේ ඔප්පු කරපු වෛද්‍ය කණ්ඩායම ඒ මතවාදයේ අහිංසක ගොදුරක්.
දැන් තමන් සහ තමන්ගෙ නෑදෑ හිතවතුන් බීල කරලක් චෙක් කරා කියන කරාපිටියේ මගේ මිතුරන් ඒකට ගොදුරු වන තවත් පිරිසක්. .එහෙම නැතම් ඒ අතීත ශ්‍රී විභූතිය ගැන මිනිස්සුන්ට හදපු විශ්වාසයෙන් හම්බ කරන පිරිසක්.
කෙටිකාලීන ලාභයක් කීර්තියක් තෘප්තියක් වෙනුවෙන් තමන්ට මෝහනය වෙන්න අයිතියක් තිබුනත් බටහිර වෛද්‍යවිද්‍යාව ආභරණයක් කරගෙන ජනතාව මුලා කිරීම වෛද්‍ය ආචාරධර්ම වලට පමණක් නොව සියලුම සදාචාරයන්ට පටහැනිය.
මේවා සම්බන්දයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. මීට වඩා ගැඹුරින් අවධානය යොමුකල යුතුය.
ස්තුතිය,
වෛද්‍ය ඉදුනිල් දීප්ති කුමාර
(මුහුණු පොතින් උපුටා ගැනීමක් )



