උණුසුම් පුවත්

නාමල් ගේ කන්ටේනර් ජිම් සඳහා කෝටි 63 ක් අනුමතයි…….. ඒත් ICU ඇදන් නැතුව මිනිස්සු ගෙවල් අස්සේ මැරීයනව

Spread the love

දවසෙන් දවස කොවිඩ් උවදුර රට තුළ දරුණු අතට හැරෙමින් තිබියදී හැමතැනම අවම පහසුකම්‍ ය.
රෝහල් ඇඳන් නැත. ගිලන් රථ අවමය. සුව සැරිය නොවන්නට ඔය ටිකවත් නැතිය.
ICU ඇඳන් අලුතින් හදනවා කීවත් හැදූ ඇඳකුත් නැත.
වෙන්ටිලේටර් නැත.
කොවිඩ් එන්නත තවමත් ලබා දී ඇත්තේ ජනගහණයෙන් සීමා සහිත කොටසකටය.
ඔක්සිජන් ද අඩු බවක් කියවේ.
බර ගණනකට රැකියා අහිමිය.
බඩු ගිනි ගණන්‍ ය.
කොටින්ම කියතොත් ජනතාව වැලේ වැල් නැතිව අසරණය.
රෝමය ගිනි ගනිද්දී වීණා වයන නීරෝගේ චරිතය රඟමින් නාමල් බේබි ඔය අතර කෝටි 63 ක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත්තේය.
ඒ කන්ටේනර් ජිම් හෙවත් කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් දිවයින පුරා ඇති කරන්නටය.
කොවිඩ් උවදුර මැඬලීමට එන්නත් ගෙන්වීම පවා අඩාල වී තිබියදී අප රටේ වෙන්ඩ ජනාධිපති තුමා කොවිඩ් වලින් මිය යන්න සිටින ජනතාවට කායවර්ධනය සැපයීමට මුල් තැනක් දීම නම් අපූරුය.
මෙහි යටින් ඇති  කතාව ඊටත් වඩා සෝක්‍ ය.
නාමල් කන්ටේනර් ජිම් සඳහා කෝටි 63 ක් අනුමත කර ගනිද්දීම අපේ රටේ මහා බෞද්ධ ව්‍යාපාරිකයා ගංජා දිලිත් ඔහුගේ අලුත්ම කොම්පැණිය වන ජෝජ් ස්ටුවට් ෆිට්නස් කන්ටේනර් හෙල්ත් ජිම් මෙරටට ගෙන්වාත් හමාරය.
බළලා මල්ලෙන් එළියට පැන්නේ හරිම වෙලාවටය.
ඇන්ටිජන් වෙලාවට ගෙනා පරිදි දිලිත් ජිම් කන්ටේනර්ද ගෙන්වා හමාරය.
මෙවර ඩීල් එක නාමල් හරහාය.
දිලිත් මේ වන විට අත නොගසන තැනක් නොමැත.
දේවි බාලිකාවේ ඉඩමටද ඔහු ධම්මික පෙරේරා සමග එක්ව අත ගසා ඇත්තේ චීනයට එය අත යටින් ලබා දෙන්නටය.
හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමයටය.
හැට නම ලක්ෂයටම කට ඇර බලන් ඉන්න වෙන්නේ රෙදි නැතිවය.
මේවා ගෙන්නන්නේ තමන්ගේ බොසා යැයි නොදැන දිලිත්ගේ මෝනින් පුවත්පතේ කාටුන් ශිල්පියා මෙය දැක තිබුණේ මෙසේය.


Spread the love

Leave a Comment

You may also like