දේශපාලන

දවසේ සිකුරාදා……ආප්පෙ දන්නෙ නෑ තාච්චියේ හිටපු හැටි,මෛත්‍රි දන්නේ නෑ ජනාධිපති උනේ කොහොමද කියලා…..

Spread the love

කොහොම උනත් ඇත්තටම මිනිස්සු කියන විදිහට මෛත්‍රිපාල ජනාධිපති යු.ඇන්.පි කාරයන්ට හා යු.ඇන්.පි පක්ෂය වැන්සීමට දත කනවාද යන්න බලන කොටනම් අපටත් එක වරම එහෙමම සිතේ.

 

මෙහෙම ආඩාපාලි කියන්නේ රටේම ඉන්න යු.ඇන්.පි කාරයෝයි. තවත් සමහරක් කියන්නේ තිස්ස අත්තනායක එදා කී දේ කෙරුවනන් අද ඉන්නේ යු.ඇන්.පි. ජනාධිපති කෙනෙක් කියාය.

පසු ගිය සතිය නම ගෙවිනේ බොහෝ දෙනෙක් ජනාධිපතිටත් අගමැති රනිල්ටත් බැන වදිමිනි.

මේ අතර වාරයේ බැන්දුම්කර කොමිසම පිලිබදවත් බොහොදෙනා කතා කලේ විවිධ මත දරමින් බව විශේෂයක් විය. සමහරක් කිවේ බැන්දුම්කර කොමිසම ජනාධිපති යු.ඇන්.පි.යට අයවපු උගුලක් බවයි.

රටේ ජනතාවට පාරට බැහැලා තමන්ට රැකියාවට යන්න එන්න ,ගමනක් බිමනක් ගිහින් කලට වෙලාවට වෙවල් දොරවල් වලට යන්න ඒන්න බෑ මේ මල මගුල් සයිටමයක් නිසා..ආණ්ඩුවක් කලයුත්තේ ප්‍රශ්ණයට ස්ථිර සාර විසදුමක් දීමය නමුත් ආණ්ඩුව කරන්නෙම ඒ ඒ ප්‍රශ්ණ ඔඩුදුවා ජනතා විරෝදය පැමිණෙන තුරුම කල්මැරීමය.

වරක් අපට නම් සිතෙන්නේ මෙය ආණ්ඩුව ජනතාවට එපාකර වීමට කිසියම් උපක්‍රම ශිලිව කරන ලබන් ක්‍රියාවක් බවයි.

කොහොම උනත් ඇත්තටම මිනිස්සු කියන විදිහට මෛත්‍රිපාල ජනාධිපති යු.ඇන්.පි කාරයන්ට හා යු.ඇන්.පි පක්ෂය වැන්සීමට දත කනවාද යන්න බලන කොටනම් අපටත් එක වරම එහෙමම සිතේ.

රනිලට ගහන්න බැරිනිසා රනිල්ගේ වටේම ඉන්න අයට ගහන එක කවුරුන් හෝ කරවන බවනම් පාසැල් ලමයෙකුටත් නිකම්ම තේරුම් යයි.

පුදුමේ මෛත්‍රිපාල ජනාධිපතිට මුල අමතක් වීමය. රනිල් මෛත්‍රිව ජනාධිපති කෙරෙව්වේ යු.ඇන්.පි කාරයන්ට කියලාය. ඒ තම පක්ෂයට තියන ජනාධිපතිකම තව එකෙකුට පුජා කිරීමය.

මේ වෙනකොට රටේ මාධ්‍ය හැසිරෙන්නේ පාතාල නායකයන් වගේය මාධ්‍ය ආයතනයකින් ජන්තාව බලාපොරොත්තු වන්නේ මධ්‍ය බවකි. එසේ නැතුව ” අඩෝ කියනකොට ඇයි අඩෝ කියලා ඇඟිල්ල දිගු කර ගේම ඉල්ලන පාතාල නායකයන් ” තමා අපි යකෝ කියා සිරස මාධ්‍ය රටට දුන්න පණිවිඩය ඉතාම නින්දිතය. අපි මාධ්‍ය කරුවන් විනා අපරාධ කරුවන් නොවිය යුතුයි. රොෂාන් වටවලලා දැන් ලංකාවේ පොරවල්ලාය.

සිරස නාලිකාව හිතන් ඉන්නේ අපි කියන දේ ජනතාව පිලිගත යුතුය කියාය. ඒ වගෙම සිරසේ මාධ්‍ය සදාචාරය දැන් බල්ලට දමා නොව බල්ලාගේ අධෝ මුඛ යේ ගසාය. රටවටේ ජනතාමුදල් කොල්ලයට වැට බදිමු කියා ජනතාව පෙල ගස්සන්න යන සිරස ජනතා මුදල් කෝටි 16000 කෙලිය බව රොෂාන් වටවල නොදන්නවා නොවේ.

මේ මාධ්‍ය නිසා තමා මම් ජනාධිපති පුටුවේ වාඩිඋනේ කියලා සිතන්න තරන් මෛත්‍රිපාල ජනාධිපති ලාමක උනේ කුමක් නිසාදැයි දන්නේ ඔහුය. කොයි හැටි උවත් ජනතාව දැන් දන්නවා සිරසේ ගමන් මග කොහේද කියා. දේශපාලකයා ජනතාව ප්‍රතික්ෂේප කරන්නසේම විවිධ මාධ්‍යත් ජනතාව මේ රටේ ප්‍රතික්ෂේප කර තිබෙන බව මාධ්‍ය සදාචාර නොදන්නා ඒ වන විට රොෂාන් වටවල කෙනෙකු උපද්දවීමට ඔහුගේ තාත්තා සිතාවත් සිටින්න නැතුව ඇති.

කොහොම උනත් යහපාලනය ගෙනාවේ රට ඉදිරියට ගෙන යාමට හා රාජපක්ෂලා නතර කල තැන සිටම හොරා කෑමට නම් නොවන බව කවුරු කවුරුත් මතක තබාගත යුතුය.

මාධ්‍ය යනු කලාවක් මිස ජනතාව යමක් කී විට ඊට ගේම ඉල්ලන තවත් පාතාලයක් නොවිය යුතුය. කොහොම උනත් මෛත්‍රි හැම වෙලාවකම කල්පනා කරන්නේ මහින්ද රාජපක්ෂ එක්ක තමන් හැප්පුනාට රනිල් එක්ක හිතන තරන් ලේසි නෑ කියලා මොකද රනිල්ට තියෙන්නෙත් ජේ.ආර්. ගේම මොලේ නිසා. ජනතාව දැන් බලන් ඉන්නේ මෛත්‍රි යටින් ගහන ගේමට රනිල් උඩින් ගහන් ගැටේ මොකක්ද කියලයි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like