ශ්‍රී ලංකාවේ පොලීසිය බාර අමාත්‍යාංශය මේ වන විට රටට විහිළු සපයන සිල්ලර ගොබ්බ ආයතනයක් බවට පත් කිරීමට ජනපති නන්දසේන ආණ්ඩුවට හැකි වී තිබේ.ජනපතිගේ මෝඩ තකතිරු උපදෙස් වලටත් එහා යමින් පොලීසිය රාත්‍රියේ පදිකයේ ඇඟ විකුණන පොන්සියෙකු කිරීමට අමාත්‍යංශය බාර ඇමති සරත් වීරසේකර නම් කයිවාරු කාරයා දක්ෂ වී ඇති බව ඇස් පනා පිට දකින්නට ඇති සත්‍යයි.
යහපාලනයට එරෙහිව පොලිස් සේවාව තුල සේවා අභිමානය හා කීර්තිි නාමය ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය ජනපතිවරණයේදී නන්දසේන ජනපති කරන්නට කතිරය දුන් පොලිස් පොඩ්ඩෝ පොලිස් සේවාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින විහිළුකාර ජවනිකා පිළිබඳව සෝ සුසුම් හෙළති.දුක්වෙති.කණගාටු වෙති.ඔවුන් වැඩි පිරිසකගේ අපේක්ෂාවන් බිඳ වැටී තිබීම එයට හේතුවයි.පොලිස් සේවාව යටපත් කරමින් පොදුජන පෙරමුණු දේශපාලන බල අධිකාරිය නීතිය හා සාමය අතට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානාධිපති තනතුරුු වලට මේ වනවිට පත් කර ඇත්තෙ මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු සංවිධායක හෙන්චයියෙකි.මේ පොලිස්කාර දේශපාලන හෙංචයියන් ඇතැමකු දන්ඩ නීති සංග්‍රහය අපරාද නඩු විධාන සංග්‍රහය සාක්ෂි ආඥා පනත හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් නොදන්නා අබ්බගොබ්බයන් වේ .අධ්‍යාපන සුදුසුකම් නොමැතිව පොලිස් උප සේවයට සම්බන්ධව ස්ථිර සේවාවට එක්වූ වැඩි පිරිසක් මේ අතර වේ.අධිකරණ රාජකාරිවල අ යනනවත් නොදන්නා මේ ස්ථානාධිපතිවරුන් දන්නේ පොදු ජන පෙරමුණු සංවිධියකවරයා දුටු විට වල්ගය වැනීම පමනකි.සමහර පොලිස් ස්ථාන වලට පත් කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු එම පොලිස් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවන් වේ.කුඩා කල සිට හැදී වැඩුන පුද්ගලයකු ලෙස මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ට තමන් පදිංචිව සිටින ගම තුල නීතිය හා සාමය සාධාරණව පවත්වාගෙන යා නොහැකි බව ඕනෑම ඔලමොට්ටලයෙකුට වැටහෙන කාරණයකි.එහෙත් ඒ බව පොදු ජන පෙරමුණු සංවිධායකවරුන් හා පොලීීීසිය බාර මී හරක් ඇමතිවරයා නොදනී.එය රටේ පුරවැසියන්ගේ අවාසනාවයි.

පොලීසිය බාර මීහරක් ඇමැත්තා ගේ කාර්ය මණ්ඩලයේ රඟන සම්බන්ධීකරණ ලේකම්වරියක පිළිබඳව ලංකා දවසට ලැබුන තොරතුරු පොලිස් සේවාවේ බිඳ වැටීම පිළිබඳව තවත් සාක්ෂියකි.ඉනෝකා රාජපක්ෂ නම් වූ මෙම තැනැත්තිය පොලිස් හා ත්‍රිවිධ හමුදා පවුල් ප්‍රශණ සම්බන්ධීකරණ ලේකම් වරිය ලෙස කටයුතු කරන බව පැවැසේ.පොලීසිය බාර මී හරක් ඇමැත්තා නලවා හුරතල් කරන මෙම සම්බන්ධීකරණ ලේකම් වරිය එම පොලීසිය බාර මී හරකාගේ කාර්යාලයට පැමිණෙන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ට පවා පුස් පාට් දමන බව වැඩිදුරටත් දැනගන්ට තිබේ.නමට රාජපක්ෂ නම ඈඳාා ගෙන ඇති මුත් මැය රාජපක්ෂ පවුලට කිසිසේත්ම සම්බන්ධයක් ඇති අයෙකු නොවේ.අම්බලන්ගොඩ පදිංචිකාරියක වූ මැය පාසැල් අධ්‍යාපනයෙන් පසුව නාවුක හමුදාවට සම්බන්ධව අවුරුදු අටක පමණ සේවා කාලයෙන් අනතුරුව නාවුක හමුදාවෙන් විනය හේතූන් මත නෙරපන ලද අතර ඉන්පසුව ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ කෙනෙකු හා විවාහ වූ බව දැනගන්නට තිබේ.පසුකාලීනව දේශපාලනයට ඒමට බලවත් උත්සාහයක නිරත වූ මැය එක්තරා කාලයකදී නාමල් රාජපක්ෂගේ සුරතලියකද විය .පසුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොළීසිය බාර මී හරක් ඇමැත්තාට සමීප වී වැඩේ ගොඩ දාගන්නට ඇය සමත් වූවාය. ඒ පොලිස් ඇමති කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත්වීමෙනි.මෙම සම්බන්ධීකරණ ලේකම් වරිය කාගේ සුන්දරියක් වුවද කාටවත් ප්‍රශ්නයක් ඇති නොවිය හැකි බව සැබෑය.තව දුරටත් එම හැසිරීම පෞද්ගලික කාරණයක් බව ඕනෑම කෙනෙකුට ප්‍රශ්ණ කිරීමටද අයිතිය ඇත්තේය.වැඩේ ඇත්තය.
එහෙත් ඇයගේ පවුල් පසුබිම පිළිබඳව ලංකා දවසට ලැබුන තොරතුරු අනුව ඇය සිටිය යුත්තේ පොලීසිය බාර අමාත්‍යංශයේ නොව වැලිකඩ කාන්තා වාට්ටුවේය.මැයගේ සොහොයුරා අම්බලන්ගොඩ ප්‍රසිද්ද කුඩු රුවන්ය. මෙම කුඩු රුවන් හා ඔහුගේ පවුලේ අයවළුන් ගේ කැරැට්ටුව ගැන අම්බලන්ගොඩ පොලීසියෙන් දැන ගත හැකිය.මත්ද්‍රව්‍ය අලෙවි කරමින් ජීවත් වූ කුඩු රුවන් අකාලයේ මිය ගිය අතර මේ වන විට එම ව්‍යාපාරය කරගෙන යන්නේ කුඩු රුවන් ගේ හා පොලිස් සම්බන්ධීකරණ ලේකම්වරියගේ සොයුරිය වූ කුඩු කුමාරිය.කුඩු කුමාරිට මත්ද්‍රව්‍ය අලෙවියදී පොලිස් ආරක්ෂාව හා රැකවරණය ලැබෙන්නේ අපගේ කතා නායිකාව වූ පොලිස් අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරිය හයිරන්කාර බලය නිසාය.කුඩු ජාවාරම් නවත්වන බවට වහසි බස් කියන ජනපති නන්ද සේන ගේ ආණ්ඩුවේ තිරයෙන් පිටුපස සිද්ධවෙන්නේ ඔය ආකාරයටය .
මෙයා නිලධාරියෙක් බැඳල absent උනා.පස්සෙ අත දරුවෙක් අරන් ඇවිත් භාර උනා.ඊට පස්සේ සානූකම්පිත හේතු මත navy එකෙන් discharge කලා.ඒකට තවත් බොහෝ දේ හේතු විය.
මෙයා නිලධාරියෙක් බැඳල absent උනා.පස්සෙ අත දරුවෙක් අරන් ඇවිත් භාර උනා.ඊට පස්සේ සානූකම්පිත හේතු මත navy එකෙන් discharge කලා.ඒකට තවත් බොහෝ දේ හේතු විය.
jagath…
mata mei gana wisathara thawa dhennako. karunaakaralaa
tnx