ජනපති නන්දසේන ගේ ආණ්ඩුවට සම්බන්ධ බිස්නස්කාර ගජ මිතුරන්ට එළඹෙන හැම හෝරාවක්ම මහජන මුදල් කොල්ල කා ගැනීමේ ඉල්ලමක් වී තිබේ.මෙය එක්තරා ආකාරයක මෙලේච්ඡ වෙළඳ මාෆියාවකි.කොවිඩ් රෝග ව්‍යාප්තියත් සමගම ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන් ගේ ව්‍යාපාරික අවස්ථාවන් බිඳ වැටෙමින් තිබියදී ජනපති නන්දසේන හා රාජපක්ෂ පවුල නඩත්තු කරමින් ඔවුන් හා සමීපව ගණු දෙනු කරන වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් ආණ්ඩුවේ සෑම ව්‍යාපෘතියකින්ම මහජන මුදල් ගසා කෑම සිදු කරන ආකාරය හිතා ගන්නටත් බැරි තරමේය.
ලංකා දවසට වාර්තාවූ මේ සිදුවීමද රාජපක්ෂ නඩයේ ගජමිතුරු වෙළඳ මාෆියා ලීඩර් කෙනෙකු විසින් ක්‍රීඩා ඇමති බබා නාමල් රාජපක්ෂ සමග සැළසුම් කර ඇති එවැනි මහජන මුදල් මංකොල්ලයකි.
වැඩේ සිද්ධවෙන්නේ ජනතාවට ගොනාට අන්දවාගෙනය .සැබැවින්ම මේ මහජන මුදල් මංකොල්ලය සඳහා ක්‍රීඩා අමාත්‍ය බබා නාමල් රාජපක්ෂ යොදාගෙන ඇති සැලසුම හරිම අපූරුය.ක්‍රීඩාව හා ශරීර සෞඛ්‍යය අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරන ඕනෑම පුරවැසියකු මේ ව්‍යාපෘතිය ගැන පස්වනක් ප්‍රීතියෙන් ඉපිල යන බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
ක්‍රීඩා ඇමතිි බබා නාමල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට අපි ජයගනිමු යනුවෙන් ඉදිරිපත් කොට ඉන් අනුමත කොට ඇති මෙම ව්‍යාපෘතිය මගින් තෝරාගත් නගරවල කන්ටේනර් බහලුම් ස්ථානගත කොට ඒවායේ එළිමහන් ශරීර යෝග්‍යතා ශාරිරික අභ්‍යාස මධ්‍යස්ථාන පන්සියයක් පිහිටුවීම සිදු කෙරේ.මේ සඳහා වැය කෙරෙන මහජන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන හයසිය විසි පහකි.
තරුණ පරපුරේ ශරීර සෞඛ්‍ය නගා සිටුවීම හා ක්‍රීඩාවේ ඉදිරි අභිවෘද්ධිය සඳහා අපි ජයගනිමු යන මැයෙන් සමාජය වෙත මුදාහැරෙන මෙම ව්‍යාපෘතිය මහජනතාවට ගොනාට අන්දා රාජපක්ෂ පවුල හා ඔවුන් හා සම්බන්ධ තවත් ජාවාරම්කාර මාෆියා වෙළෙන්දෙකුගේ ගසා කෑමක් බව මේ වන විට අනාවරණය වී ඇත.
පසුගිය මාසයේ තිස්වෙනිදා දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට අයත් ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ක්‍රීඩා අභ්‍යාස උපකරණ වෙළඳ මධ්‍යස්ථානයක් අංක 445 ගාලුු පාර කොළඹ 3 යන ලිපිනයේ විවෘත කරන ලදී.එදින එම ක්‍රීඩා අභ්‍යාස උපකරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ ක්‍රීඩා අමාත්‍ය බබා නාමල් රාජපක්ෂයි.ක්‍රීඩා අමාත්‍ය බබා නාමල් ගේ හා වෙළඳ මාෆියාවේ දිලිත් ජයවීරගේ මේ සහබන්දය අපගේ මුල් ප්‍රවෘත්තියට අදාල කරගත් විට රටේ තරුණයන්ට හදිසියේ රාජපක්ෂ පවුල රටේ තරුණයන්ට ව්‍යායාම කරවීමට ගන්නා උත්සාහය වටහා ගැනීමට හැකිවුනු ඇත්තේය.ක්‍රීඩා අමාත්‍ය බබා නාමල් රාජපක්ෂ මේ සැලැසුම නම් කර ඇත්තේ අපි ජයගනිමු යනුුවෙනි.
ඔව් අපටද මෙහිදී සඳහන් කිරීමට ඇත්තේ කෝවිඩ් ව්‍යාප්තියේ සිට ආණ්ඩුව සිදුකරන සෑම ආටක නාටයකින්ම රාජපක්ෂ හොර නඩය හා ඔවුන්ගේ ගජමිතුරු බිස්නස් ලේ මාෆිලුන් කිසිම ලැජ්ජාවක් නැතුවම මහජන මුදල් ගසා කෑමෙන් ජය ගෙන ඇති බවය.