වෙනත්

රටේ සෞඛ්‍යත් ව්‍යාපාරයක් කරගත් නින්දිතයන්……

Spread the love

69 ලක්ෂක් ජනතාව අපරාධකරුවෙකු බලයට පත්කොට අද අපරාධකරුවා ගෙන් තම ජීවිත බේරා ගැනීමට දෙවියන් යැදීම ඉතාම හාස්‍ය ජනකය. ඊට තම තමාවම අඩු වැඩි නැතිව දැන් ගෙවමින් මර බියෙන් ජීවත් වීමම අනාගත පාඩමක් කරගත යුතුය.

පසුගිය කාලයේ රටේ සෞඛ්‍ය ලෝකයේ රටවල් සමඟ බොහෝ ඉදිරියෙන් පැමිණි බවට අද කියවන්නේ එදා රජිතසේනාරත්න ඇමතිවරයාව විවේචනය කල වෛද්‍ය සංගමයමය .සුවසැරිය තුල යනවාද……? කනත්තට යනවාදැයි කී පාදෙණියට පිහිට වුයේත් ඒ සුවසැරියමය.

ඒත් කනත්තට නොගිය බවත් තුප්පැහි දේශපාලනය වෙනුවෙන් කප්පරයක් බොරු කීමත් ඒවා විශ්වාස කරමින් අත්පොලසන් දෙන ජාතියක් රටේ ඉතිරිව තිබීම ඉතාම කණගාටුදායකය. මේ වනවිට රටේ කොරෝනා මරණ සිදුවන්නේ මහමඟය. මැරී වැටෙන තත්වයට පත්ව ඇත. ඒ පිලිබදව අපි රටේ පිලිගත් රටම දන්නා විශේෂඥ වෛදවරයෙකු සමඟ විස්තර විමසීය ,මෙහි ප්‍රධානම රටේ ජනතාව දැනුවත් වියයුතු දේ පිලිබදව සෙවීමට පෙර රජයක් ලෙසට ජනතාව රැකීමට කලයුතු දේ ප්‍රථමයෙන් කලයුතුය.

ඒ රටේ සෞඛ්‍ය බලධාරින් ගේ වගකීමකි. මෙම වෛරසය ආසාධනය වු වෙකු ප්‍රථම යෙන් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවන්නේ අප්‍රේල් 08 වන දිනයි. එදිනම තහවුරු වුයේ එම රෝගියා බ්‍රිතාන්‍ය සංකූලතා ඇති එම වෛරසය ආසාධිතයෙක් බව ඒ වහාම අපි රටේ වගකිවයුතු ඉහලම බලධාරින් දැනුවත් කලෙමු. ඒත් ඊට නිසි ප්‍රතිචාර නොලබුණි.අප්‍රේල් 08 වන දිනට පෙරත් මේ පිලිබදව අපි දැනුවත් කලත් සෞඛ්‍ය ඇමතිවරි පවා රටේ ඇතිව තිබෙන දැඩි වසංගත පැතිරීම පිලිබදව යුධහමුදාපතිව දැනුවත් කලත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලබුණි.

මේ වනවිට ලංකාවේ ඇති රෝහල් ධාරිතාවය මුළුමනින්ම පිරි අවසානය එවක යහපාලන රජය අවධියේදී වෙන්ටලේටස් 598 තිබු අතරම එය 777 දක්වා වැඩි කලේ හිටපු ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාය. ඒ රාජිත සේනාරත්න මහතාට වෛද්‍ය කෂේස්ත්‍රය පිලිබදව නිසි අවබෝධයක් තිබු නිසාය. ඒ සමඟම එවකට මොනිටස් ප්‍රමානය 400 ක් වු අතරම් එයද 850 දක්වා වැඩි කිරීමට ඔහු කටයුතු කලා මිස මෙවනි වසංගතයක් පැමිණියත් මේ රජය එකදු මොනිටරයක් වත් හෝ … ICU  බෙඩ් එකක් වැඩි කිරීමට උනන්දු වුයේ නැත.

එසේම ලංකාවෙ හයි ඩිපෙන්ඩින් යුනිට්  HDUරෝහල් වල ඇතිකර තිබුනත් ඒවා දැන් නැත. ගම්පහ ,මාතර, ගාල්ල, කුරුණෑගල යන එකම රෝහලකවත් ඒවන් HDU ඇතිකර නැත. ඊට ප්‍රධානම හේතුව වෛද්‍ය කෂේත්‍රය පිලිබදව නිසි අවබොධයක් නැති පුද්ගලයන් ඇමතිවරුන් ලෙසට පත්වීම තුලින් සිදුවන්නේ ඒවා දේශපාලනිකරනය වීම මිස ඒ තුලින් නිසි ප්‍රතිලාභයක් ජනතාවට නොලබීමය.

මීට හොදම උදාහරණය ඡන්න ජයසුමන ඇමතිවරයා සෞඛ්‍ය දකින්නේ ඔහුට මුදල් ඉපයිය හැකි ආදායමක් කරගන්නේ කුමණ මාර්ගයෙන්ද කියාය. අද මේ වන්තුරුත් අවශ්‍ය ඔක්සිජන් නිපදවීමට කිසිදු දැනුම් දීමක් කර නැහැ. අද රටේ ජනතාව පාරවල් වල මැරී වැටෙන් තත්වයට පැමිණ ඇතත් ඊට නිසි ක්‍රම වේදයක් නැත.

වගකිවයුතු කිසිදු වෛදවරයෙකුට වගකීමක් නොදෙන අතරම කලමනාකරණය පිලිබදව උපාධියක් ඇති මහාcචාර්ය සිරිබද්ධන වැනි අයවළුන් දන්නේ ලාභ ලැබීමේ උපාය මාර්ගයන්ය ,ඔවුන් රටේ සෞඛ්‍ය හැසිරීමට යොදවනවා යනු රටේ මිනිවලවල් නගර අතර  කලමනාකරණය කිරීමට දැයි අපිට සිතේ. යනුවෙන් රටක් පිලිගත් විශේෂ්ඥ වෛදවරයා දැඩි කලකිරීමෙන් අදහස් දැක්විය. 


Spread the love

Leave a Comment

You may also like