රටේ ඇති ජන අනුපාතයට අනුව කුමණ රැකියාවක අරභයා පුද්ගලයන් බදවා ගන්නේද ඊට අපගේ කිසිදු විරෝධයක් නැත. එය කලයුතුමය. ඒත් පාස්කු ප්‍රහාරය පිලිබදව දිගින් දිගටම නම කිය වෙන වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සුරේෂ් සලේ ගේ පුද්ගලික උවමනාව මතම නැගෙනහිර ප්‍රදේශයේ පදිංහි පුද්ගලයන් 50 දෙනෙකු හමුදා බුද්ධි අංශයට බදවා ගෙන තිබීම් දැඩි සැකයකට හේතුවකි.
යුද්ධයක් නොමති වටපිටාවක මෙවැන්නක් කිරීම දැඩි ප්‍රශ්ණකාරි සිද්ධියකි.මෙය රටේ ජාතික ආරක්ෂාවට හා රටේ ජනතාව ගේ ජීවිත වලට බලවත් තර්ජනයකි. මීට පෙරද යුද්ධය පැවති 2005 වසරේ පටන්ම යුධ හමුදා බුද්ධි අංශභාරව සිටි කපිතාන් මුතාලිෆ් ගේ පුද්ගලික ඔත්තුකරුවන් ලෙසට ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමෙන් වැටුප් ලබා සිටි සහාරන් හසීම ප්‍රධාන පුද්ගලන් 26 දෙනෙකු රටේ ජනතාව ගේ සල්ලිවලින් නඩත්තු කොට අවසානයේ, ඒ ජනතාවටම මරා ගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකිරීමට තරන් ශ්‍රි ලංකා බුද්ධි අංශ තිරිසන් විය. ඊට කීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ.
එසේ නම් සුරේෂ් සලේ ගේ මේ ක්‍රියාව පිලිබදව ප්‍රශ්ණ කිරීම රටේ දේශපාලකයන් ගේද වගකීමකි. ඊට රටේ ජනතාවද දැඩි සේ විරුද්ධ විය යුතුය. නොවෙසේ නම් තවත් මැතිවරණයක් ලංවන විට ත්‍රස්තප්‍රහාරයක් එල්ලවීම එදාට වලකා ගැනීමට බැරිය. අද සේම කොමිසම් පිට කොමිසම් පැමිණ සියල්ල වැලලීයනු ඇත.
දැන් රටේ ජනතාවට සිදුව තිබෙන්නේ පාලකයන් ගෙන් රටත් රටේ ජනතාවත් ආරක්ෂාව බලාපොරොත්තු වීම නොව , ජනතාවට උන් ගෙන් ආරක්ෂාවි ජීවත් වීමය.