උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරු නොහොත් රටම හොයන ” බොස් ” මෙන්න… ———————— ( පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු සැළසුම් යුධ හමුදා බුද්ධි අංශය විසින් සැළසුම් කරන ලද බව හෙළිකරන ප්‍රබල සාක්ෂියක් තිබියදී යුධ හමුදාපති නිහඬ ඇයි…? )

Spread the love

කාදිනල් තුමනි, ඔබ ද වසන් කරන දේශපාලන සත්‍යය මෙයයි. පසුගියදා මාධ්‍ය විසින් හෙලිකරන ලද අල් – හිග්මා සහ සහරාස් පදනම යන සංවිධාන ලියාපදිංචි කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයට පැමිණ ඇත්තේ , ජාතික බුද්ධි ප්‍රධානී කාර්‍යාලයේ සේවය කරනු ලබන සහ යුධ හමුදා බුද්ධි අංශයට අයත් ජනිත අඹගල නම් හමුදා කපිතාන් වරයෙකු බව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්‍යාලය විසින් තහවුරු කර ඇත. ඔහුගේ බිරිඳ වන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කතිකාචාර්‍ය්වරික වන සාරා සිල්වා නොහොත් සාරා අඹගල වේ. ඇයගේ පියා ප්‍රබල දේශපාලනඥයන් සහ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ සමීපතම ව්‍යාපාරිකයෙකු වන අතර වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ කොන්සියුලර් ජනරාල් වරයෙකු ලෙස විදේශීය රටක සේවය කරයි. ( යුධ හමුදා ක්‍රීඩා සපත්තු ටෙන්ඩරය හිමිකරගෙන ඇත්තේ ද සාරා අඹගල විසින්. ) දේශපාලනඥයන් සහ හමුදාවේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මුදල් වියදම් කිරීම තුළින් මොහුට ඔවුන් වෙතින් ඕනෑම ඉල්ලීමක් ඉටුකරගැනීමට හැකියාව නිර්මාණය කරගෙන තිබේ.
ඉහත කී අල් – හිග්මා සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසින් ලියාපදිංචි කරමින් , ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී සංවිධාන වලින් මුදල්  ලංකාවට ගෙන්වා ගෙන , එම මුදල් සරාස් පදනමට ද ලබාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සහ හමුදා බුද්ධි අංශ ඉහළ නිලධාරීන් දැනුවත් ව කපිතාන් ජනිත අඹගල විසින් මෙම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හරහා උත්සාහ කොට ඇත. දේශපාලන බලපෑම් මත සහ යුධ හමුදා ප්‍රධානීන්ගේ බලපෑම් මත මෙම තොරතුරු සැගවීමට ක්‍රියා කර ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව සහ පශ්චාත් සිදුවීම් වල නිර්මාණකරුවන් වසන් කිරීමට සැලසුම් සහගතව ක්‍රියා කිරීම මෙයින් පැහැදිලි වේ.. එමෙන්ම
අද මුළු රටක් සොයන , රටම කතාවෙන ” බොස් ” හෙවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින් සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අතර වූ දුරකථන සංවාදයේ එන ” බොස් ” යනු අප ඉහත සදහන් කළ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියා ( කැප්ටන් ජනිත අඹගල ) මෙහෙයවූ බොස් වේ… මෙම බොස් විසින් මේ වන විටත් කැප්ටන් ජනිත අඹගල  මෙම ගැටලුවෙන්  මුදා ගැනීම සඳහා මෙම ඉහළ නිලධාරීන් දැඩි උත්සාහයක යෙදෙමින් සිටීයි.
සැ ;යු;
කතෘ සටහන,-
පාස්කු ප්‍රහරය පිලිබදව රටේ මාධ්‍ය ගෝනිසෙල්ලම් කරනවිට ඊට එහා ගිය විමර්ෂණාතමක හෙලිදරව්වක අප නියළුනි. ඊට අප වෙතට පැමිණි තරජන ගරජන අපමනය, ඒ වෙනුවෙන් අපට ද විවිධ කැපකිරීම සිදු කිරීමට විය. දැන් සියල්ලම හෙලිවි ඇත. තවත් අපමන සාක්ෂි ලියුම්කරු ලබාගනිමින් සිටි. ඒත් දැන් පාස්කු ප්‍රහාරයේ ලේ මතින් බලයට පැමිණි ගෝඨාභය ජනාධිපති ගෙන් විමර්ෂණයක් ඉල්ලීමට තරන් අපි මන්ද බුද්ධික නොවෙමු. දැන් ඇත්තේ කිතුණු ,බෞද්ධ , හින්දු , මුස්ලිම් සියළු ආගමියනටම සධාරණයක් ඉෂ්ඨ වෙන ලෙසට මේ පිලිබදව ජාත්‍යන්තර විමර්ෂණයක් කිරීම පමණි. එසේනම් කාදිනල් හිමිපානන්ට ඇත්තේ දැන් මේ හෙලිදරව්වත් අප සතුව ඇති අනිකුත් සියලුම සාක්ෂි සමඟ ඒ වෙනුවෙන් අප ඉදිරිපති වීමට සුදානමව සිටින්නෙමු . එසේනම් මියගිය හා ජීවතුන් අතර තුවාල ලබා සිටින අය වෙනුවෙන් කාදිනල් හිමිපානන්ට ඒ වගකීම කල හැකිය.
එසේ නැතිව තවත් රාජපක්ෂලා ගෙන් මේ පිලිබදව විමර්ෂණයක් අපේක්ෂා කරනවා නම්, එය හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීමකි. මේ පිලිබදව තවත් සුවිශේෂිත කරුණු ඇතත් එම සාක්ෂිකරුවන් හා බැදුනු පුද්ගලය ගේ ජීවිත් ආරක්ෂාව නිසාම ජාත්‍යන්තර විමර්ෂණයක් අරබන තුරු හෙලි නොකරන්නේ ඒ පුද්ගලයන් රාජපක්ෂ – සලේ හමුදා ජුන්ටාව විසින් මරාදමන් බව සහතිකය.

Spread the love

Leave a Comment

You may also like