උණුසුම් පුවත්

කොරෝනාවෙන් හම්බ කරන් කෑම.

Spread the love

ශ්‍රී ලංකාව තුල කෝවිඩ් ඇරඹුමත් සමග ⁣ජනපති නන්දසේන රාජපක්ෂ විසින්  යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්⁣වයෙන් කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකායක් පත් කරන ලදී.⁣එතැන්සිට ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනයේ ගැලවුම් කාරයා වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාය.බෝවන රෝග පිළිබඳ විශේඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුල සේවයේ නිරත වුවද ඔවුන්ගේ වෘත්තිමය හැකියාවන් නොතකා කටයුතු කළ සියල්ල දත් හමුදාපතිවරයා ජනමාධ්‍ය වාර්තාකරණයේ සිට කෝවිඩ් ව්‍යාප්තියේ අස්සක් මුල්ලක් නෑර වැඩ පෙන්වූ මැජික්කාරයා විය.එක් අවස්ථාවක ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනය පිළිබඳව  ජනපති නන්දසේන රාජපක්ෂ  කෝවිඩ් රෝගය ව්‍යාප්ත වූ ලෝකයේ  සියලු රටවල්  අතුරෙන් ඉතා දක්ෂ ආකාරයෙන්   රෝග ව්‍යාප්තිය වැලැක්වීමට කටයුතු කරන්නේ තමන් විසින් යැයි  ප්‍රකාශයක් කරන ලද්දේද හමුදා පතිගේ කාර්ය සාධක බලකායේ අබ්බ ගොබ්බ වැඩපිළිවෙලින් උද්දාමයට පත්වෙමිනි. 

මේ උද්දාමයත් සමගම මිථ්‍යාව පදනම් කරගත් කෝවිඩ් ප්‍රතිකාර ක්‍රම සමාජගත කිරීම සඳහා ජනාධිපතිවරයාට ⁣හිතේෂී රූපවාහිනී මගින් ඉතා සැලසුම් සහගතව කටයුතු කෙරිණි.රජයේ අමාත්‍ය වරුන්ගේ ප්‍රධානත්වයෙන් බැස යන ගංඟා වලට මුට්ටි අතෑරීමේ රංඟනයන්ද පෙදරේරුවකු විසින් සකස් කරන ලද කාලී පැණියද ඉහලට ඔසවා තබා සමස්ත සමාජයම නොමග යවන්නට මෙම මාධ්‍යයන්ට හැකි විය.කෝවිඩ් වෛරසය පිළිබඳව ජනතාව දැනුවත් නොකොට මෙවැනි ගොන් ආතල්  සමාජ ගත කිරීම තුලින් ජනපති නන්දසේන ඇතුළු රජය ලැබුවේ අපූරු ආස්වාදයකි.හැට නව ලක්ෂයක් සේ සැළකෙන රජයේ ඡන්ද කතිර ජනතාව  ගොනාට අන්දා ගනිමින්  සිදු කළ මෙවැනි අභූත ක්‍රියා කාරකම් තුලින් සර්ව බලධාරී ජනපති නන්දසේන රාජපක්ෂ හා අබ්බගොබ්බ  හමුදාපති සිටින තුරු  කෝවිඩ් ව්‍යාප්තිය ලංකාවේ සිදු නොවනු ඇතැයි බොහෝ අයවළුන්ගේ විශ්වාසයද  වූයේය.
නමුත් මේ සියල්ලේ යටි පෙළ තුල ජනපති නන්දසේනගේ ආශීර්වාදයෙන් ජාවාරම්කාර මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් පැවතුනි.ශ්‍රී ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වන තරමට ඔවුන්ගේ හොද්ද බොරවන බව මෙම ජාවරම්කාර මාෆියාව තේරුම් ගෙන සිටියහ.රෝගී පරීක්ෂණයන් සඳහා වූ පීසීආර් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමේ සිට රෝගීන්  නිරෝධායනය දක්වා වූ සෞඛ්‍ය මැදිහත්වීම් වල අතරමැදි  ලාභ ලැබුම්කරුවන් වූයේ ජනපති නන්දසේන විසින් මෙහෙයවන බිස්නස්කාර ලේ මාපිලුන්ය.
ඒ අතරම කෝවිඩ්  මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වූ හමුදාපතිි වරයා හා ඔහුගේ බිරිඳ එක්ව හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලට ආහාර  සැපයීමෙන් ලබාගත් කෝටි ගණනක ආදාායම මෙතෙක් විපක්ෂය පවා හාරා අවුස්සා බලා නැත.හමුදාපතිවරයාගේ මේ අසික්කිිත ගසා කෑම විපක්ෂය පවා නෑසූ කන්ව සිටින්නේ ඔහුගේ රණවිරු සන්නාමයේ තේජෝ බල පරාක්‍රමය නිසා විය හැකිය.
එහෙත්මේ හමුදාපති වරයා පසුගිය  යුද සමයේ රූපවාහිනී මාධ්‍යවේධියකු සමග  යාපනය ජනතාවගෙන් පැහැරගත් රත්තරන් බිස්නස් එකක් කළ බව දන්නේ කීයෙන් කී දෙනාද.එදවස මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ඇරඹීමත් සමගම ඒ සිදුවීමේ විත්තිකාරයකු වූ රූපවාහිනී මාධ්‍යවේදියා ඇමරිකාවට පලා ගියේය.රණවිරු සන්නාමය නිසා අනිකුත් විත්තිකාරයන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ යටපත් විය.
අමු කේප්ප හොරකු හමුදාපති තනතුරේ අඛන්ඩව රඳවාගෙන තම සියළු අපේක්ෂාවන් ඉටු කර ගැනීම ජනපති නන්දසේන රාජපක්ෂගේ ගේ අදහස වී ඇති බව පෙනී යයි.හමුදාපති තනතුර සම්ප්‍රදායනුකූලව වෙනස් නොකිරීම නිසා අද වන විට යුද හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජනරාල් වරු අතර ඇත්තේ දැඩි කළකිරීමකි.
කෙසේවෙතත් ජනපති නන්ද සේනගේ ගජමිතුරු බිස්නස් මාෆියාවට ⁣ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් රෝගය තරම් ඉල්ලමක් තවත් නැත.මෙම පාදඩ කල්ලියට අහිංසක මිනිස් ජීවිත තඹ දොයිතුවකට වැදගැම්මක් නැත.මේ වනතෙක් රජය මගින් කෝවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කළ  හා සිදු කරමින් පවතින  මැදිහත්වීම් ගත් කළ එය තහවුරු වේ.පසුගියදා පැවැති  නුවරඑළිය වසන්ත  සැණකෙළියේ රාජපක්ෂ පවුල සතුටු වූ ආකාරය දැක්වෙන ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය තුල පාවෙමින් තිබේ.මෙම සැණකෙලියට සහභාගිවූ ජනතාව මුුකාඩවම් බැඳ සිටියදී රාජපක්ෂ පවුලේ සියල්ලන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂණයක් නොතකා කටයුතු කර ඇතිි ආකාරය මෙම ඡායාරූපවලින් දැක ගත හැකිය.රට ගිණි ජාලාවක ගිලී පවතිද්දී  ඔවුන් ඉතා සැහැල්ලුවෙනි.විනෝදයෙනි.සතුටිනි.
දැන් ශ්‍රී ලංකාව තුල කෝවිඩ් ව්‍යාප්තියේ තුන්වන රැල්ල ඇරඹී තිබේ.එය ඉතා බරපතල බව සෞඛ්‍ය විශේඥයන්ගේ අදහස වී තිබේ.
කෝවිඩ් රෝගයට එකම විසඳුම එන්නත් කරණය බව ජනපති නන්දසේන ප්‍රකාශ කර සිටී.මෙතෙක් කල් කෝවිඩ් මර්දනයෙහි ලා අබ්බ ගොබ්බ මිථ්‍යා විශ්වාස සිය ගජ මිතුරු ලේ මාපිලුන්ට  සමාජගත කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසූ නන්දසේන ජනපති වරයා එක්වරම එන්නත් කරණය එකම විසඳුමබව පවසන යථාර්ථය තුලද ඇත්තේ හම්බකරන් කෑමේ ව්‍යාපෘතියක් බව සිතා ගන්නට හැකිය.ඒ හෙට අනිද්දා වනවිට පෞද්ගලිකව ඇති හැකි අයට  මුදලට එන්නත් ලබා දීමට ජනපති නන්දසේනගේ ගජ මිතුරු ලේ මාපිළු සමාගම සියල්ල සැලසුම් කර ඇතැයි හැඟෙන නිසාය. ලංකා දවසට වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකාවේ අයිසීයූ ඇඳන් සංඛ්‍යාව නවසීයකට අඩුය.
ඒ සම්බන්ධයෙන් පවා රජයේ ඇමතිවරු   කිසිදු අවධානයක් යොමු නොකොට පුරසාරම් පරාජේරු  කයිවාරු කෙලමින් සිටින්නේ නන්දසේන රාජපක්ෂ ගේ ගජමිතුරු බිස්නස් කාරයන්ට මේ සෑම අඩු පාඩුවකින්ම වාසි සැලසෙන නිසා බව සඳහන් කළ යුතුය  

Spread the love

Leave a Comment

You may also like